75 වැනි නිදහස් දිනය අබිමනින් සමරමු

පෙබරවාරි 3, 2023

“එක්ව නැගිටිමු “ තේමාව යටතේ 75 වැනි නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වැනි දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ජාතික හා ආගමික එකමුතුව පිළිබිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත. නිදහස් දින සමරු උළෙලට සමගාමීව විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර පාපැදි සවාරිය, පාසල් දරු දැරියන් සඳහා වූ තරගාවලිය, ඓතිහාසික හා දුර්ලභ පොත් ප්‍රදර්ශනය එහි ප්‍රධාන අංගයන් වෙයි. එමෙන්ම නිදහස් සමරුව නිමිත්තෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.

පෙබරවාරි 4 සහ 5 දෙදින ජාතික උද්‍යාන ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙන අතර 75 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව සමරු මුද්දරයක් ද නිකුත් කෙරේ.

නිදහස් දින උළෙල නැරඹීම සඳහා මහජනතාවට විවෘත ආරාධනයක් සිදු කෙරේ.

මේහා සමගාමීව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලික කර ගනිමින් විවිධ සංස්කෘතික, ආගමික හා සමාජයීය වැඩසටහන් සංවිධානය වෙයි. හොඳම ගෙවතු වගාව, හොඳම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය, හොඳම රුක් රෝපණ වැඩසටහන් ආදී වශයෙන් ග්‍රාමීය වැඩසටහන් රැසක් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබේ. වර්ෂ 1948 පෙබරවාරි 04 වන දින මෙරටට නිදහස ලැබිණි. මෙලෙස ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ 133 වසරක් බ්‍රිතාන්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළඹුණු සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස්‌ මේසන් මුවර්තුමා, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූයේ කොළඹ රජ වාසලේදී වන අතර එදින රතිඤ්ඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ඨාර නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වැනිදා නිදහස වෙනුවෙන් දිවි දුන් සහ හඬ නැඟූවන් සිහපත් කරමින් විවිධ උත්සව මාලාවන් සංවිධානය කෙරෙයි. එදින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරිණ. රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම මෙදින සිංහ කොඩි ලෙළ දෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.