සුබසෙත ලේඛක පාඨක සංසදය

අගෝස්තු 25, 2023

 

වසර 54ක් පුරා අඛණ්ඩව මෙරට ජනතාව වෙත ජ්‍යොතිෂය, ආයුර්වේදය ප්‍රධාන විවිධ විෂයය ක්ෂේත්‍ර ඔස්සේ දැනුම හා සේවය බෙදා දුන් සුබසෙත පුවත්පතට සම්බන්ධ ලේඛකයන් හා පාඨකයන් අතර මනා බැඳීයාවක් ඇති කිරීමේ අරමුණින් ඇරැඹෙන ‘සුබසෙත ලේඛක පාඨක සංසදය‘ සඳහා ඔබේ තොරුතුරු ලබා දෙන මෙන් ඇරියුම් කරමු. ඔබ විසින්ම සකස් කරන ලද තොරතුරු පතක් මඟින් මේ ලේඛක- පාඨක සංසදයට සම්බන්ධ වීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

----------------------------------

දංගල්ල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ දේශනයක්

 

පැපිලවල දංගල්ල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන ආයුර්වේද වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි මහත්මිය විසින් බදාදා සහ ඉරිදා දිනවල පෙරවරු 9.30 සිට පැය තුනක දේශනයක් දංගල්ල ආයුර්වේද බෙහෙත් ශාලාවේ දී නොමිලයේ පැවැත්වේ. දරුඵල නොමැති අයට මෙම දේශනය ඉතා වැදගත් වන අතර ගර්භාෂගත රෝගවලට හේතු, දරුඵල පමාවීමට හේතු, දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අය ගතයුතු ආහාර, බුද්ධිමත් නිරෝගී දරුවකු ලබාගන්නා ආකාරය හා මව්වරුන් අඳින ඇඳුම් පැළඳුම් පිළිබඳවද එදින රෝගීන් සමඟ සාකච්ඡා කෙරේ.

--------------------------------

විශේෂ වරලක්ෂ්මී පූජාවක්

 

ශ්‍රී පත්තිනි මෑණියන්ටත් ලක්ෂ්මි මෑණියන්ටත් සෙත් පතා 25 වන දින විශේෂ වරලක්ෂ්මි පූජාවන් පැවැත්වේ. මෙම පූජාව ලංකාවේ තිබෙන සෑම හින්දු ආගමික දේවස්ථානවල ඉතාමත් අලංකාරව පැවැත්වේ. ඒ වගේම බැතිමතුන්ගේ නිවෙස්වල ද වරලක්ෂ්මි පූජාව පැැවැත්වේ. සෑම අවුරුද්දකම අගෝස්තු මාසයේ අවසාන සිකුරාදා දින මෙම වරලක්ෂ්මි පූජාව පැවැත්වේ.

ප්‍රථමයෙන් ගණපති දෙවියන් වැඳ පුදාගෙන ස්තෝත්‍ර ගයා ගණපති පූජාව පටන් ගන්නා අතර ඒ සමඟම ලක්ෂ්මි පූජාවද පවත්වනු ලැබේ. එම පූජාවලදී කුංඛං කලසම් පිරිත් නූල් තබා මන්තර උච්චාරණ කරමින් මෙම පූජාව පවත්වා අවසානයේ දී මෙම නූල තමන්ගේ දෑත්වල බඳිනු ලැබේ.

---------------------

ප්‍රාදේශීය ආයුර්වේද සංරක්ෂණ සභාවේ මහා සභා රැස්වීම

 

කඩුවෙල ප්‍රාදේශීය ආයුර්වේද සංරක්ෂණ සභාවේ මහා සභා රැස්වීමක් මේ මස 25 වන සිකුරාදා දින පෙරවරු 9.03ට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

වෛද්‍යශූරී සම්මානයෙන් පිදුම් ලැබූ පාරම්පරික කැඩුම් බිඳුම් වෛද්‍යාචාර්ය උපාලි පතිරගේ මහතා කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වේ. කඩුවෙල ආයුර්වේද සංරක්ෂණ සභාවේ සියලුම වෛද්‍යවරුන් එදින මේ සඳහා සහභාගිවීමට නියමිතය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.