පානදුර නගර සභාවේ නැණසර පාඨක සමාජය සමඟ එක්ව පැවැත්වූ සුබසෙත සායනය

මාර්තු 15, 2024

සුබසෙත සමඟ පාණදුර නගරසභාවේ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ පුස්තකාලයේ ‘නැණසර‘ පාඨක සමාජය එක්ව පැවැත් වූ ඡ්‍යොතිෂ ආයුර්වේද සායනය ඉතා සාර්ථක අන්දමින් පසුගිය 09 වැනිදා දවස පුරා පැවැත් විණි. මෙහිදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර, කේන්දර පරීක්ෂාව, හස්ත රේඛා පරීක්ෂාව, වාස්තු විද්‍යා උපදේශනය, අංක විද්‍යාවෙන් ජීවන ගැටලුවලට විසඳුම්, හෝමියෝපති ප්‍රතිකාර, රූපලාවණ්‍ය ප්‍රතිකාර, විශ්ව ශක්තිය මඟින් රෝග සුව කිරීම, කටු චිකිත්සා ප්‍රතිකර්ම, නිල වෙද චිකිත්සාව, ජෛව අනුනාදක රෝග විනිශ්චය වැනි විවිධ සේවා රැසක් පාණදුර හා අවට ප්‍රදේශ වාසීන්ට ලබා දීමට හැකි විය.

2024 අන්තර්ජාතික කාන්තා දිනය නිමිති කොට පැවැති මේ සායනයේ සමාරම්භක කටයුතු ප්‍රධාන පුස්තකාලයාධිපතිනී වත්සලා ලියනආරච්චි සහ සුබසෙත ප්‍රධාන කර්තෘ අරුණි මුතුමලී මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

ඒ සඳහා උපදේශකත්වය පාණදුර නගරසභාවේ ලේකම් මානෙල් සියඹලාගොඩ මහත්මියගෙන් සහ නැණසර පාඨක සමාජයේ උපදේශක සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය ප්‍රියන්ත දයාරත්න මහතාගෙන් ලැබුණු අතර සංවිධාන කටයුතු ආයුර්වේද සංරක්ෂණ සභාවේ ලේකම්ධුරය ඇතුළු විවිධ තනතුරු දෙවිසි වසරක පමණ කාලයක් පුරා හෙබවූ ආයුර්වේද වෛද්‍ය ඒ.ඩබ්ලිව්.එස් ආරියරත්න මහතා විසින් සිදු කරන ලදී. නගරසභා පුස්තකාලයේ කාර්ය මණ්ඩලයේ පූර්ණ දායකත්වය මෙන්ම වෛද්‍ය චන්දිම මාරසිංහගේ සහයෝගය එදින වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා සැපයිණි.

පිරිස පංචශීලයේ පිහිටුවීම කළුතර දකුණ මිහිකත ශ්‍රී සම්බෝධි විහාරාධිපති වෛද්‍ය ආචාර්ය තිනියාවල උපරතන ස්වාමීන්වහන්සේ විසින් සිදු කරන ලද අතර ජනප්‍රිය ඡ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත ඇතුළු ප්‍රවීණ ඡ්‍යොතීර්වේදීන් සහ දේශීය වෛද්‍යවරුන් ඇතුළු විෂයය ප්‍රාමාණිකයන් රැසක් සායනය සාරවත් කරමින් ජනතා සුබසෙත සැලසීම සඳහා නිස්සරණාධ්‍යාශයෙන් මේ වැඩසටහනට සහභාගී වී සිටියහ.

මාකෙහෙල්වල කරුණාපාල මහතා සමඟ එක්ව සුබසෙත පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ධම්මිකා රාජපක්ෂ මහත්මිය සමඟ සිසිර අමරසිංහ මහතා එම ශිල්පීන් සම්බන්ධීකරණය සිදු කළ අතර සායනය සාර්ථක කරගැනීම සඳහා ලේක්හවුස් ආයතනයේ අලෙවි අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අමිල පීරිස්, අලෙවි හා පරිපාලන කළමනාකාර කපිල ෆර්ඩිනැන්ඩස්, ක්ෂේත්‍ර මෙහෙයුම් කළමනාකාර ශාන්ත පුෂ්පකුමාර, නියෝජ්‍ය අලෙවි කළමනාකාර අංජන සිල්වා, කළුතර ප්‍රාදේශීය අලෙවි විධායක සමන්ත සමරසේකර, කලාප අලෙවි නිලධාරී ශානුක සදිරංග සහ අලෙවි අංශයේ ඩී. එස්. අයි. ප්‍රසාද් මෙන්ම සඳලි නවෝද්‍යා, ඉරේෂා විජේරත්න, ආචාර්ය විජය සමරසිංහ යන මහත්ම මහත්මීන් මහත් උනන්දුවකින් කටයුතු කළහ.

එදින සහභාගී වූ පිරිස

ආයුර්වේද වෛද්‍ය ආචාර්ය තිනියාවල උපරතන හිමි

ආයුර්වේද වෛද්‍ය ඒ. ඩබ්ලිව්. බී. එස්. අරියරත්න

ආයුර්වේද වෛද්‍ය මයුරි ඉමේෂා පුස්සැල්ල

ආයුර්වේද වෛද්‍ය ඩබ්ලිව්. ප්‍රශාද් ද මැල්

ආයුර්වේද වෛද්‍ය එම්.ඒ. චන්දිම මාරසිංහ

ආයුර්වේද වෛද්‍ය යූ. ජයන්ති පෙරේරා

ආයුර්වේද වෛද්‍ය ඩී. කොඩිප්පිලි

ආයුර්වේද වෛද්‍ය එස්. ඩබ්ලිව්. ආර් ද සිල්වා

ආයුර්වේද වෛද්‍ය එස්. ඩී. සේනක සිල්වා

ආයුර්වේද වෛද්‍ය එල්.ඩී. සඳවරුණ හංසික

ආයුර්වේද වෛද්‍ය ගොඩැල්ල වත්තගේ

නිසංසලා මධුහංසි

හෝමියෝපති වෛද්‍ය යොෂිතා කළුතරගේ

සිවිල් ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න

ඡ්‍යොතිෂවේදී රන්ජිත් විද්‍යාරත්න

ඡ්‍යොතිෂවේදී බී.ජේ. තිස්ස මහානාම

ඡ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත

ඡ්‍යොතිෂවේදී මාතලේ වැහිගල ආනන්ද කුමාරසිංහ

ඡ්‍යොතිෂවේදී නිහාල් හේවාබටගොඩ

ඡ්‍යොතිෂවේදී ඩී.ජේ. කෙටලවල

ඡ්‍යොතිෂවේදීනී ප්‍රියන්ති ලියනගේ

ඡ්‍යොතිෂවේදීනී උපුලි පෙරේරා

ඡ්‍යොතිෂවේදී ඒ. පී. ලයනල් ද වාස් ගුණවර්ධන

ඡ්‍යොතිෂවේදීනී පී. එච්. උදයානි

ඡ්‍යොතිෂවේදී ධනුජය රණසිංහ

ඡ්‍යොතිෂවේදී ඩී. එම්. නිලන්ත කුමාර ධනසේන

ඡ්‍යොතිෂවේදීනී යූ.එල්. ඥානලතා මැණිකේ

ඡ්‍යොතිෂවේදී රසික සංජීව

හස්තරේඛා දෛවඥ කිශාන්ත කේ. පෙරේරා

හස්තරේඛා දෛවඥ ගීතා සම්මානි

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය හිරෝෂන් නවගමුව

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය රෝහිණී විජේසිංහ

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය උපුලි අරුණ රණසිංහ

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය ලක්මාල් පෙරේරා

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය නදී පෙරේරා

නිල වෛද්‍ය චිකිත්සක උපේෂා මාධවී විතාන

සේයාරූ - සුලෝචන ගමගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.