පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32කට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

මාර්තු 8, 2024

මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍ය වෘත්තීකයින් 32 දෙනෙකු සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී (26) දින සිදුවිය. පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් අයදුම්පත් කැදවීමෙන් අනතුරුව ලිඛිත හා වාචික සම්මුඛ පරීක්ෂණයකින් සුදුසුකම් සපුරාලන ලද පාරම්පරික සර්වාංග වෛද්‍ය වරුන් 14 දෙනෙකු, කැඩුම් බිඳුම් වෛද්‍ය වරුන් 10 දෙනකු, චර්ම රෝග වෛද්‍යවරුන් දෙදෙනකු සහ සර්ප විෂ වෛද්‍ය 05 දෙනෙකු සහ අක්ෂි වෛද්‍ය වරුන් එක් අයෙකු සඳහා එහිදී ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීම සිදුවිය. එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය අජිත් කුමර යන මහත් වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

දේශීය වෛද්‍ය පීඨයේ සර්වරාත්‍රික පින්කම

 

දේශීය වෛද්‍ය පීඨය කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් වී වසරක් සම්පූර්ණ වීම සහ දේශීය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා මෘත ශරීර පරිත්‍යාග කරන ලද අය සඳහා ආශිර්වාද ලබා දීම සඳහාත් දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් පින්කම හා පසුදින උදෑසන දානමය පුණ්‍යකර්මය පීඨාධිපති මහාචාර්ය කමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම පීඨ පරිශ්‍රයේදී පැවැත්විය. මේ පුණ්‍යකර්මය වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් සිසු සිසුවියන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සියලු දෙනාගේ සහයෝගයෙන් සිදු කෙරිණ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.