ශ්‍රී මහා කතරගම දේවාල⁣යේ සර්ව රාත්‍රික පිරිත් දේශනය

මාර්තු 8, 2024

මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාල⁣යේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්, ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා තනතුරට පත් වී වසරක් සපිරීමත්, මුල්කොට ගෙන දේවාල පරිශ්‍රයේ පැවැත් වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය සඳහා බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා විසින් සධාතුක කරඬුව වැඩම කිරීම සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම යන හිමිපාණන් වහන්සේලා වෙත දැහැත් වට්ටිය පිළිගන්වමින් පිරිත් සජ්ඣායනාවට ආරාධනා කළ අයුරු.

මධ්‍යම පළාත් සමූහ - නිහාල් ජයවර්ධන

දීර්ඝායු දියවැඩියා සායනය මාර්තු 10 දා

කැළණිය විශ්ව විද්‍යාලීය ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රීය ‘ලියෝ සමාජය’ සංවිධානය කරන ‘දීර්ඝායු’ දියවැඩියා පර්යේෂණ සායනය මේ මස 10 වැනි දින පෙරවරු 08.30 සිට පස්වරු 01.30 දක්වා කඩවත මාකද විහාරස්ථානයේ දී නොමිලේ පැවැත්වීමට නියමිතය.

කැලණිය ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය

මාර්තු මස 08 වැනි දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත්, කැලණිය ප්‍රාදේශීය සභාවත් එක්ව කැලණිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට දවස පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

කාන්තාවන් සඳහා විශේෂිත වූ ජංගම වෛද්‍ය සායන ඇතුළු සේවාවන් රැසක් ලබාදීමේ අරමුණින් පවත්වන මෙම ජංගම සේවා වැඩසටහන බටහිර වෛද්‍ය හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර, රසායනාගාර සේවාවන් (ශරීරගත මේද පරීක්ෂාව, රුධිරගත සීනි පරීක්ෂාව) සුවනාරී වෛද්‍ය සායන, පාරම්පරික කැඩුම් බිඳුම් ඇතුළු සර්වාංග රෝග ප්‍රතිකාර, හස්ත රේඛා පරීක්ෂා ඇතුළු ඡ්‍යොතිෂ සේවාවන්, වාස්තු විද්‍යාත්මක සේවාවන්, රූපලාවණ්‍ය සේවාවන් ලබා දීමට අපේක්ෂිතය.

අලුත් සහල් මංගල්‍යය සහ වාර්ෂික පෙරහර

කටුනායක වලානේ ඓතිහාසික සතර මහා පත්තිනි දේවාලයේ වාර්ෂික අලුත් සහල් පෙරහර මංගල්‍යය මාර්තු මස 16, 17, 18 දිනයන්හි පැවැත්වේ. ප්‍රධාන පත්තිනි දේවාලයේ භාරකාර දේවගැති ඩී.එස් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර පත්තිනි සලඹ සහ දේවාභරණ කොටසක් තැන්පත් කර ඇති වලානේ දේවාල භූමියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

 

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.