AyurEx Colombo 2023

සැප්තැම්බර් 8, 2023

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය,අධ්‍යාපනික සහ වෙ‍ළෙඳ ප්‍රදර්ශනය

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේසහයෝගීත්වයෙන්ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලීය සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන,දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙ‍ළෙඳ ප්‍රදර්ශනය (ඒරභපඡ්ය ඛ්ධතධථඡධ) 2023 සමුළුව 2023 සැප්තැම්බර් මස 08, 09 සහ 10 යන දිනවල කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (ඕර්ධ්ඛ්ඩ්) පරිශ්‍රයේදී පැවැත් වේ. මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ නවීනතම පර්යේෂණ එළිදැක්වීම, නව නිපැයුම් එළිදැක්වීම සහ ඒ පිළිබඳ විශේෂඥතාව ලබා ගැනීමට හැකිවීම, දැනුම සහ කුසලතා බෙදාගැනීම සඳහා ගෝලීය වේදිකාවක් සපයන අතර මේ ඒරභපඡ්ය ඛ්ධතධථඡධ 2023 සමුළුව,අපගේ දේශය සතු දේශීය වෛද්‍ය ක්‍රමවල උරුමයන් නඟා සිටුවීමට අගනා අවස්ථාවක් ලබා දෙනු ඇත. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ කැප වූ ලොව පුරා සිටින පාර්ශ්වකරුවන්, ප්‍රවීණයන් සහ වෘත්තිකයන් සඳහා අද්විතීය වේදිකාවක් නිර්මාණය කරදේශීය වෛද්‍ය ක්‍රමවල පවතිනඅති විශාල වූ විභවයන් හඳුනා ගැනීම, සහයෝගයෙන් කටයුතු කිරීම සහ ගවේෂණය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන මෙම ඒරභපඡ්ය ඛ්ධතධථඡධ 2023, දේශීය වෛද්‍ය ක්‍රම සඳහා වූ වඩාත් ප්‍රමුඛතම සහ පුළුල් වපසරියක් සහිත සමුළුවක් වනු ඇත.

මෙම සමුළුවේ සමාරම්භක උත්සවය 2023 ක් වූ සැප්තැම්බර් මස 08 වන දින පෙරවරු 10.00ට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ උපදේශකත්වයෙන් හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ ජාත්‍යන්තර සමුළුවෙහි ඉලක්ක. ඒකාබද්ධ ප්‍රවේශයකට සහ පුද්ගලානුරෝපිත වෛද්‍ය ක්‍රමවලට මඟ පෙන්වන සාක්ෂි මත පදනම් වූ පර්යේෂණවල අවශ්‍යතාවය ප්‍රවර්ධනය කිරීම සහ බහුවිධ පර්යේෂණ සහයෝගිතා සහ රජයේ අරමුදල් භාවිතයකින් තොරව සිදු කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම.

අන්තර්ජාතික වශයෙන් ශාස්ත්‍රීය හා තාක්ෂණික වටිනාකම් සහිතගුණාත්මක පර්යේෂණ ව්‍යාපෘති හඳුන්වා දීම සහලෝකයේ ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්‍ෂණික මට්ටම් කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන්ගේ ආකර්ෂණය දිනාගැනීම.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන /ශිෂ්‍යත්වඅවස්ථා නිර්මාණය කිරීම සහ පශ්චාත් උපාධි අධ්‍යයන සහ තාක්ෂණ හුවමාරුව සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර සහයෝගිතා ඇති කිරීම.

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ නව නිපැයුම් සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළ අවකාශ විවරකරදීම.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා ලොව කීර්තිමත් කථිකයන් 10දෙනෙකුට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර ජාත්‍යන්තර ප්‍රවීණයන් විසින් දේශන සැසි 15 කට වඩා පවත්වනු ඇත. ‘එක් සෞඛ්‍ය ප්‍රවේශයක් සඳහා දේශීය වෛද්‍ය ක්‍රම විවරකරවීම’යන ප්‍රධාන තේමාව සහ අදාළ විශේෂිත තේමා ගණනාවක් යටතේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ පුළුල් විෂය පථයක් සම්මන්ත්‍රණය මඟින් ආවරණය කෙරේ.

මීට සමගාමීව, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය විසින් සංවිධානය කරන ලද පූර්ව සම්මන්ත්‍රණ වැඩමුළුව 2023 අගෝස්තු මස 2 වන සතියෙහි පවත්වන ලදී.

ඒරභපඡ්ය ඛ්ධතධථඡධ 2023සම්මන්ත්‍රණයට සමගාමීව අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සහ වෙ‍ළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර, ඒ සඳහාප්‍රදර්ශකයින් 120 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

මේ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි වීමෙන්, ප්‍රදර්ශකයන් සහ මහජනතාවට උදාවන අවස්ථා ලෙස, නවෝත්පාදන ප්‍රදර්ශනයමගින්, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ නව සොයාගැනීම්, නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනය කිරීමට දේශීය සමාගම්වලට හා සංවිධානවලට අනර්ඝ අවස්ථාවක් ලබා දෙනු ඇත. එය අතිවිශාල සහ විවිධත්වයෙන් යුතු ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වෙමින් දේශීය විශේෂඥතාව සහ නවෝත්පාදනය ප්‍රදර්ශනය කිරීමට ඉතා යෝග්‍ය වේදිකාවක් සපයනු ඇත.

ගෝලීය සන්නාම නිරාවරණය කිරීම සඳහා අනුග්‍රාහකයෙකු සහ ප්‍රදර්ශකයෙකු ලෙස සහභාගී වීමෙන්, දේශීය සන්නාමයන් ඉහළ ඉලක්කගත ජාත්‍යන්තර ප්‍රේක්ෂක ප්‍රජාව වෙත පුළුල්නිරාවරණයක් ලබා දීමේ හැකියාව ඇත. ඒරභපඡ්ය ඛ්ධතධථඡධ 2023, කර්මාන්තකරුවන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අවධානය යොමු කර, දේශීය සන්නාම පිළිබඳප්‍රචාරණය නව තලයකට ගෙන යාමට බලාපොරොත්තු වේ.

දකුණු ආසියාවේනැඟී එන වෙළෙඳපොළ අවස්ථා වෙත ප්‍රවේශ වීම සඳහා මේ අවස්ථාවට සහභාගී වීමෙන්, දේශීය සමාගම්වලට සහ සංවිධානයන්ට නවදොරටුවක් විවර වනු ඇත. ඉහළ සංස්කෘතික උරුමයකට හිමිකම් කියනු ලබන අප රටෙහි දේශීය වෛද්‍ය ක්‍රම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට තරඟකාරී වෙ‍ළෙඳපල වෙත පිවිසිය හැකි, අනාගත සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා ශක්තිමත් අඩිතාලමක් සපයනු ඇත.

ඒරභපඡ්ය ඛ්ධතධථඡධ 2023 සමුළුවේ දී දේශීය වෛද්‍ය ක්‍රමවලට අදාළ අවස්ථා සහ නිෂ්පාදන සොයන පුද්ගලයන් සහ නියෝජිතයින් ඔබව ආකර්ෂණය කර ගනු ඇත. ඔබේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමෙන්, ඔබේ සමාගමට/සංවිධානයට මෙම අවස්ථා ප්‍රයෝජනයට ගත හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විකුණුම් සහ ශක්තිමත් හවුල්කාරිත්වයන් වැඩි කර ගත හැකිය.

එසේමවෙළඳ ප්‍රදර්ශනය භූමිය තුළදී,

01. ශාකසාර ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරික ප්‍රජාවඅතර (ඕ2ඕ) උපාය මාර්ග පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා

02. ශාකසාර ආශ්‍රිත කර්මාන්තයේ නියැළෙන ව්‍යාපාරික ප්‍රජාවසහ විද්වතුන් අතර (ඕ2ඒ) නවෝත්පාදන පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සහ නව ව්‍යාපාර සංවර්ධනය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා වන රැස්වීම් පැවැත්වීම සඳහා

03. එමෙන් ම ඔසු ආශ්‍රිත කර්මාන්තයේ නව නිෂ්පාදන සංවර්ධනය පිළිබඳ අදහස් ඇති නවෝත්පාදකයින්ට ගෝලීය වශයෙන් ව්‍යාපාරික ලෝකය හමුවීමට සහ ඔවුන්ගේ අදහස් අලෙවි කිරීම සඳහාඅවස්ථාවන් සපයා ඇත.

මේ පසුබිම තුළ, විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ක්ෂේත්‍රවල සිටින සියලුම විද්වතුන්ට සහභාගී වී පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන ලෙස විවෘත ආරාධනයක් කර ඇත. තවද, මෙම වෙළඳ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ සියලුම දේශීය වෛද්‍ය වෘත්තිකයන්ට සහ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විවෘත ව පවතී.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.