විවිධ මල්වර්ග හා පංචමුඛ පූජාව පැවැත්වීමෙන් දිව්‍ය ලෝකයේ දී සැප සම්පත් ලබන ශිව රාත්‍රී පූජාව

මාර්තු 1, 2019

ශිව දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන මහා ශිවරාත්‍රී පූජාව යෙදී ඇත්තේ මාර්තු මස හතරවනදාටයි. මෙම පූජාව පැවැත්වීමෙන් ප්‍රඥාවත් සිතූ පැතූ යස ඉසුරු මෙන්ම දිව්‍යලෝකයේ සැප සම්පත් ද ලැබෙන බව හින්දු දේවකතාවල සඳහන් වේ.

අප රටේ බොහෝ බැතිමතුන් ආගම් භේදයකින් තොරව ශිවරාත්‍රී පූජාවට සහභාගිවීම සඳහා කතරගම දේවනගරයට එක්රොක් වේ. ශිව රාත්‍රි පූජාවට සහභාගිවන අය උපවාසයේ නිරත වෙමින් මුළු රැයක් පුරා වත් පිළිවෙත්වල නිරත වෙමින් සිටිති. කතරගමදී මෙන්ම අනෙකුත් කෝවිල්වලද මහා ශිව රාත්‍රී පූජාව පවත්වනු ලබන්නේ මුළු රැයක් පුරා නිදිවර්ජිතව සිටීමෙනි. ශිව රාත්‍රී දිනය එළඹෙන්නේ සෑම වසරකම නවම් මාසය මුල් කරගනිමිනි. මෙම ශිවරාත්‍රී පූජාව ශිව දෙවියන්ට පි‍්‍රය වූ රාත්‍රියක් ලෙසද සළකති.

මෙසේ පවත්වනු ලබන ශිව රාත්‍රී පූජාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.

ඒ හා බැඳුණු දේවකතා බොහෝ ය. එක්තරා යුගයක ලොව විසූ අසුරයන් හා සුරයන් අතර බිහිසුණු යුද්ධයක් විය. එය හඳුන්වනු ලැබුවේ සුරඅසුර යුද්ධයක් ලෙසයි. මෙසේ පැවති සුර අසුර යුද්ධයේදී මුළු මහත් සාගරජලයම සම්පූර්ණව විස සහිත විය. මෙම විස වූ සාගර ජලය පෑගුණුහොත් ඒ හැම කෙනෙක්ම ලේ විස වීමෙන් මරණයට පත්වූහ. මෙම විපත සියසින් දුටු ශිව දෙවියන් මහා සාගරය පුරා පැවැති විස එකතැනකට එකතුකොට ඒවා තැටියකට ගනු ලැබූහ. එසේ ගත් විස ඉතා අධිකව තිබූ බැවින් එය ඉවත් කිරීමට සුදුසු තැනක් තිබේ ද යන්න දිවැසින් සොයා බැලීය. එම විස පොළොවට දැමුහහොත් ඉන්වන විපත දුටු ශිව දෙවියන් ලෝකවාසීන් රකිනුවස් විස තැටිය තමාම පානය කරනු යැයි සිතා ගත්හ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන බී.ඇල්. ප්‍රේමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.