ඔබත් උපන්නේ අප්‍රේල් මාසයේ 5 සිට 11 දක්වා දිනෙකද?

අප්‍රේල් 12, 2024

 

අප්‍රේල් 05 වැනිදා

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 5 වන අතර, එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ ස්වභාවය සහ ක්‍රියාකලාපයන් මත ජීවිතයේ සාර්ථක හෝ අසාර්ථක භාවය රඳා පවතින මුත් ඔබ ඉතා බුද්ධිමත් දක්ෂ ඒ වගේම නම්‍යශීලි පුද්ගලයකු වේ. උසස් අන්දමින් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා නිවැරැදි ලෙස තම මනස පාලනය කළ යුතුය. ඔබ ඉතා වේගවත් බව නිසා ඕනෑම දෙයක් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල හැකියාවක් සතු කරගෙන සිටී. ආර්ථිකය සවිමත් කිරීමට හැකි නමුත් සෙල්ලක්කාර බව නිසා මුදල් විනාශ වීමට පැහැදිලි ඉඩකඩක් පවතී. අතිශය වැඩ අධික බව නිසා මානසික ආතති තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

 

අප්‍රේල් 06 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර, එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ කුජ ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ. ඔබ ඉතාමත් අවංක පරිත්‍යාගශීලි පුද්ගලයකු වන අතර, ඔබට ආදරණීය උණුසුම් හදවතක් ඇත. විරුද්ධ ලිංගික ආකර්ෂණය නිබඳවම ඔබට හිමි අතර, සරාගී බව ඔබ තුළ දක්නට ලැබේ. පරිත්‍යාගශීලි බව නිසා උදව් ඉල්ලන අයට නිබඳවම මොවුන්ගේ උපකාරය හිමි වේ. පවතිනවාට වඩා හොඳින් ඉහළින් ජීවත් වීම ඔබගේ ස්වභාවය වේ. කලාත්මක අංශවලට වැඩි නැඹුරුවක් ඇති බැවින් එම අංශවලදි වඩාත් සාර්ථක වේ. ඉක්මනින් විවාහය සිදුවන අතර, පළමු විවාහය අසාර්ථක වේ. එම නිසා විවාහය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. හිස හා සම්බන්ධ රෝග තද බල හිසරදය, උගුර, කන, නාසය සම්බන්ධ රෝග වැලඳීමේ පැහැදිලි ඉඩකඩක් පවති.

 

අප්‍රේල් 07 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර, එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ සමාජීය සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් කැපවෙන ස්වාධීන මතවාද දරන කලාකාමි පුද්ගලයකු වේ. සංචාරයේ යෙදීමට ඔබ බෙහෙවින් ප්‍රිය වේ. එම නිසාම නිතරම පදිංචි ස්ථාන වෙනස් කරයි. ගුප්ත විද්‍යාව පිළිබඳ හැදැරීම් කරන අතර, මනස මෙහෙයවන ටෙලිපති වැනි දේ පිළිබඳව උනන්දුව කටයුතු කරයි. කලාව සම්බන්ධ කටයුතුවලට මේ අයගේ සම්බන්ධයක් පවතින අතර, සංගීතය, සංගීත භාණ්ඩ වාදනය වගේම නව නිර්මාණ පිළිබඳව උනන්දු වේ. ව්‍යාපාරික කටයුතු සඳහා ඔබ එතරම් කැමැත්තක් නොමැති අතර, මුදල් පසුපස ඔබ හඹා යන්නේ නැත. ආර්ථිකය එතරම් ස්ථාවර නොවේ. ආදරය සම්බන්ධ කටයුතුවලදී ඔබ පීඩාවට පත්වේ. සෞඛ්‍යමය වශයෙන් සෙම් රෝග, උණ, මැලේරියාව ආදි රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් 08 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර, එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ ශනි ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබට ජීවිතයේ මුල් කාලයේ එනම් අවුරුදු 35 පමණ විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ. ඔබ නිතරම මේ කරදරවලින් මිදී කටයුතු කරන්නේ කවදාදැයි මෙනෙහි කරමින් ජීවත් වීමට පරිසරය ගොඩ නැඟෙනු ඇත. විවාහය ප්‍රමාද වන නමුත් අඩු වයසින් විවාහය වුවහොත් විවාහය සාර්ථක වන්නේ නැත. ඒ මෙන්ම හවුල් ව්‍යාපාරවලදීත් විවාහය මෙන්ම අසතුටු දායක සිදුවීම්වලට මුහුණ දීමට සිදු වේ. ඉවසීම අඩුය. නඩුහබවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. ඒ නිසා ප්‍රවේශම් විය යුතුය. විවිධ චර්ම රෝග රුධිරගත ආබාධයන් වැලඳිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් 09 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 9 වන අතර එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා පුද්ගලයා කුජට ද්විත්ව ආකාරයකින් බලපෑමට යටත් වේ.

ඔබ ඉතා ස්වාධීන පුද්ගලයකු වන අතර, සෘජු අදහස්වලින් යුක්තව ක්‍රියාත්මක වේ. ඉවසීම අඩු අතර ඉක්මනින් කෝප ගැන්වෙන සුලුය. සෑම අවස්ථාවකම ප්‍රබල නිර්භීත භාවයක් ඔබ සතුවේ. ජීවිතය පුරා ම අනතුරවලට මුහුණ දිමට සිදු වේ. විශේෂයෙන් කැපුම් තුවාල, පිලිස්සීම්, පිපිරීම්, ගිනිඅවි ප්‍රහාරයන් ශල්‍යකර්මයන් වැනි සිදුවීම්වලට මුහුණ දීමට ඔබට සිදු වේ. විවාහය සාර්ථක වන්නේ නැත.අසම්මත ක්‍රමවලට සමාව දෙන බිරියක හෝ සැමියෙකු හමුවුණි නම් විවාහය සාර්ථක වේ. මත් පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වීම සිදු විය හැකිය. අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහ අංශභාගය සෑදීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් 10 වැනිදා

 

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි.

එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ රවි, යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. නිර්මාණාත්මක හැකියාවන් උපතින්ම ඔබ සතුවන අතර සියලුම කටයුතුවලදී දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. ඔබ ඔබේ මතය අනුවම කටයුතු කරන්නේ නම් ඉතා සාර්ථක ප්‍රතිපල නෙලා ගත හැකිය. ආදරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇති විය හැකි අතර එයට හේතු වන්නේ ඔබ එක අරමුණක ගමන් කිරීමයි. ගිනි අවි පිපිරීම් රිය අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. ආර්ථික කටයුතුවලදි ඉහළ පහළ යෑම් සිදුවිය හැකි අතර, ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. සමාජ කටයුතුවලදි සාර්ථක වන අතර සතුරන් ඇතිවීම වැළකිය නොහැකිය. අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

අප්‍රේල් 11 වැනිදා

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ සඳු, නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. කුජ නිසා පැම්ණි දැඩි අධිෂ්ඨානශීලිබව සහ ස්වාධීන බවට සඳු නිසා පැමිණි නිර්මාණශීලි බව සහ හෘදයාංගම භාවය නිසා සම්ප්‍රදාය ප්‍රිය නොකරන තත්ත්වයන් ඇතිවේ. සියලු කටයුතු වරින් වර වෙනස් කර ගනිමින් ගමන් කරයි. එහෙත් හොඳ සංවිධාන ශක්තියක් ඔබ සතුය. එම නිසාම අනිත් අයව හොඳින් පාලනය කිරීමේ සුදුසුකම ඔබ ලබා ගනු ඇත. රජයේ රැකියාවක නියළෙන්නේ නම් පමණක් එකම රැකියාවක නියළෙන අතර නැතිනම් වරින් වර රැකියාව වෙනස් කිරීම ඔබගෙන් දැකිය හැකිය. සියලු ආර්ථික කටයුතු සඳහා තනියම යොමුවන්නේ නම් ඉතා සාර්ථක කර ගත හැයි වේ.

විවාහය සම්බන්ධයෙන් ගැටලු ඇතිවේ. උණ, රුධිරගත ආබාධ, කුඩා බිබිලි ආදි අසනීපයන්ට ගොදුරුවීමේ ඉඩකඩක් පවතී.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.