විවාහයට පොරොන්දම් පමණක් ප්‍රමාණවත් ද?

ජුනි 14, 2019

උත්පත්ති ග්‍රහබලය, හේතුවෙන් රැකියාව, පෞරුෂය, කැපීපෙනීම, ධනය ආදී කරුණු සාර්ථක වන විටද සමාජ සබඳතා යහපත් වන විට විවාහය ද එසේම වේයයි කල්පනා කරයි.

විවාහය පිළිබඳව සැළකීමේදී මුලින්ම මතකයට නැගෙනුයේ පොරොන්දම් පරික්ෂාවයි. මේ පිළිබඳ සොයා බැලීමේ දී වැදගත් කරුණක් ලෙස උපන් නැකතට අනුව බොහෝ පොරොන්දම් සැකසී ඇති බව පෙනී යයි. ඒ මත පමණක්ම විවාහය තීරණය කිරීම එතරම්ම සාර්ථක නොවනු ඇත.

පොරොන්දම් පිළිබඳ බැලීමේ දී අවශ්‍යයෙන්ම සැළකිය යුතු පොරොන්දම් ද ඇත. උදාහරණ ලෙස නාඩි පොරොන්දම ගත් විට ඉන් ස්නායු පිළිබඳ කියැවෙයි. ස්නායු ශක්තිය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීම දෙදෙනාගේ අනාගතයට වැදගත් ය. මෙය නොගැළපීමෙන් කලකදී ස්නායු දුර්වලතා හටගනු ඇත. යෝනී පොරොන්දම සැළකීමේ දී එය ගළපා ගැනීම ඉතා වැදගත් ය. නොවේ නම් විවාහ දිවියේ සතුට අතුරුදහන් වී වේදනාත්මක අත්දැකීමක් බවට පත් වේ. ඒ හේතුවෙන් විවාහය දෙදරා යාමට ඇති ඉඩ හසර අවදානම් වැඩිය. මහා වෛර යෝනි ලෙස පවතින තත්ත්වයන් සම්බන්ධ වීමෙන් මෙම තත්වය පූර්ණ ලෙස බල පවත්වයි.

මේ ආකාරයට සොයා බැලිය යුතුවම පොරොන්දම් අතර එතරම් වැදගත් නොවන දේද ඇත. වෘක්ෂ පොරොන්දම සැළකීමේදී කිරි සහිත වෘක්ෂ හිමි නැකැත්වලින් උපන් අයට දරුඵල ලැබෙන බවද නොඑසේ නම් නොමැති බවද සඳහන්ය. නමුත් මේ මත පමණක් දරුඵල නොලැබූ අවස්ථා පෙනෙන්නට නැත. මහේන්ද්‍ර පොරොන්දම නම් පිරිමි දරුවන් ලැබෙන්නේ මෙය ගැළපීමෙන් බව දක්වයි. නමුත් මෙහිදී වැදගත් කමක් දක්නට නැත. මීට වඩා ග්‍රහබලය ඵල දුන් අවස්ථා බොහෝ පවතියි.

මීට අමතරව වර්ණ පොරොන්දම, ගෝත්‍ර පොරොන්දම සැළකීමේ දී ඒවා ද වර්තමාන සමාජයට වැදගත්කමක් දක්නට නැත. එවැනි දේ අදවන විට සමාජ භාවිතයේද නැත.

මේ අනුව බලන කළ පොරොන්දම තුළ ඇති වටිනාකමටත් වඩා වැඩි යමක් උත්පත්ති ග්‍රහබලය තුළ ඇති බව දක්නට ලැබේ. මේ සඳහා පහත කේන්ද්‍ර සටහන් විග්‍රහ කොට බලමු.

1989/09/02 (රූපසටහන් 1) 1994.09.04 (රූපසටහන් 02)

පළමු කේන්ද්‍ර සටහන දෙස බැලීමේදී මෙය හිමි පුද්ගලයාගේ රවි ලග්නයේ ම පිහිටා කුජ, කේතු ද සමඟ සිටියි. රවි කුජ ගේ බලය හේතුවෙන් මොහු නායකයකු සහ පාලකයකු වී ඇත.තමා යටතේ සේවකයින් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුනට හොඳින් සලකන යහපත් අයෙකි. මොහුගේ විවාහ ජීවිතය සැළකීමේදී හත්වැන්න වෙත රාහු පිහිටා රවි, කුජ, කේතු, ශනි,ගුරු ආදි ග්‍රහයින් පස්දෙනෙකුගේ ම දෘෂ්ඨිය ලැබී ඇත.

විවාහ ස්ථානාධිපති ශනිට අටවැන්නාධිපති ගුරුගේ පූර්ණ දෘෂ්ඨියද ලැබී ඇත. මෙම පුද්ගලයා අධික කායික බලයක් ඇති පුද්ගලයෙකි. රුධිරයේ ශක්තිය ද අධික ය. මොහුගේ පළමු විවාහය බිඳ වැටී ඇත. නමුත් කේතු ලග්නගත බැවින් විවාහයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වන තුරු කලක් තනිකඩව සිටියේ ආත්මගරුත්වය පිළිබඳ ඉහළින් සළකන නිසාවෙනි.

විවාහය සිදුවී කෙටිකලකින් වෙන් වු අතර විවාහය දෙදරායාම දක්වාම ගෙනයාමට හේතු වූයේද? නමුත් සමාජය සමඟ ඉතා හොඳින් ගෞරවනීය පුද්ගලයකු ලෙස ජීවත්වීමට හේතුවන එකම ග්‍රහබලය නම් සත්වැන්න වෙත යොමුවන අධික ග්‍රහ ශක්තියයි. මෙවැනි පුද්ගලයින් වෙත

කෙතරම් පොරොන්දම් ගළපා විවාහය සිදුවුවද අධික ග්‍රහ ශක්තියට නොගැළපෙන අයකු නම් විවාහය නොපවතිනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මොණරාගල,

රුවන් එච්. අත්තනායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.