ඡ්‍යොතිෂ්‍යයෙන් ඉදිරිය දෙස බලමු

ජුනි 28, 2019

තිත්තගල්ල බාලසූරිය වයස : 26 රජයේ රැකියාවක් ලැබේද? අනාගතය කෙසේ වේද?

පිළිතුර : කන්‍යා ලග්න කුම්භ නවාංශක සියාවස නැකත දැනට දසාව ගුරු ලග්නාධිපති මෙන්ම රැකියා ස්ථානයේද අධිපතිවනුයේ බුධයි. එම බුධ 12 වැන්න වූ දුෂ්ඨස්ථානයේ උපතේදී ස්ථාපිතව සිටී. එසේම ලග්නයත්. රැකියා ස්ථානයත්, බුධගේ දෘෂ්ඨියට නතු නොවේ. මෙය දුර්වල තත්ත්වයකි. එහෙත් රාජ්‍ය කාරක රවි ලග්නයේ සිටීමත් එම රවි රැකියා ස්ථානය වූ 10 වැන්න සුබතත්ත්වයෙන් දැකීමත් ඔබට සහනයකි. මෙය රජයේ වෘත්තියකට යොමුවීමට පහසු මඟකි. එසේ වුවද 22 වන දෙර්කාණාධිපති කුජ ලග්නයේ සතුරුව ස්ථාපිතව සිටීම බොහොමයක බලාපොරොත්තුවලට බාධාවකි. රැකියාවකට පමණක් නොව මෙම පිහිටීම ඔබේ විවාහයටද අසුභවාදීව බලපානු ඇත. රජයේ පමණක් නොව පුද්ගලික අංශයේ වුවද රැකියාවක් ලබා ගැනීමට මෙම තත්ත්වයන් බාධා වන බව පෙනේ. දසාධිපති ගුරුද උපතේදී 12 වැන්නේ සිටීම යහපත් නොවේ. ලග්නාධිපති බුධ හා 22 වන දෙර්කාණාධිපති කුජ වෙනුවෙන් ඉඩකඩ ලැබෙන පරිදි බෝධි පූජා කරන්නේ නම් මෙම තත්ත්වයන් පාලනය කර ගැනීමේ හැකියාව ඇත. එසේ වුවහොත් යහපත් විවාහයක් ගැනද සිතිය හැක.

කුඩල්ගම සේනක වයස 42 විවාහයක් ඇත්ද අනාගතය කෙසේ වේද?

පිළිතුර : වෘශ්චික ලග්න වෘශ්චික නවාංශක රේවතී නැකත දැනට දසාව සඳු විවාහ ස්ථාන අධිපති සිකුරු නීචව 11 වැන්නේ සිටී. සිකුරු අප සැමගේම විවාහ කාරකයාද වේ. විශේෂයෙන්ම 7 වැන්න අධිපති නම් ග්‍රහයා වුවද නීචව ස්ථාපිත වුවහොත් විවාහය ගැටලු සහිත වන බව කිව හැක. මීට අමතරව 8 වැන්නා අධිපති බුධද සිකුරු සමඟ යෝගව 11 වැන්නේ සිටී. මෙම පිහිටීම යහපත් යුග දිවියකට සුබවාදී නැත. මේ සියල්ලටම අමතරව සිකුරු ඔබේ 22 වන දෙර්කාණාධිපතියාද වී ඇත. මෙමගින් ඔබේ විවාහය බොහෝ සේ පමා වී ඇත. එපමණක් නොව පමාවී හෝ කෙරෙන විවාහය සාමකාමීව පවත්වාගෙන යාමේ ගැටලු පවතී. පමාවී වුවද ඔබට විවාහයක් වීමේ අවස්ථාව ඇත. ගැලැපෙන සහකාරියක් ලැබුණද නිවැරදි ජන්ම පත්‍ර පරික්ෂාවකින් හා ගැලපීමකින් යුතුව විවාහය සිදුවන්නේ නම් අනාගතය යහපත් වේවි. සිකුරු වෙනුවෙන් බෝධිපූජා කරන අතර පත්තිණි මෑණියන්ටද භාරයක් වන්න. එසේම ඔබේ පැතුම් ඉටුකර ගැනීමට උත්සාහ ගන්න. ඛේමදූම යෝගයද යෙදී ඇති බැවින් නිතර ඇතිවන සිත්කලකිරීම් හා කේන්තියාම් වැනි අවස්ථාවන් ඇති නොවීමට වගබලා ගන්න. උපතේදී සඳු දෙපස ග්‍රහයින් නොපිහිටීම ඛෙමදූම යෝගයයි.

කටුකුරුන්ද අමාලි වයස 17 අධ්‍යාපනය කෙසේ වේද?

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

“ඡ්‍යොතිෂයෙන් ඉදිරිය දෙස බලමු”

ඡ්‍යොතිෂවේදී

යසපාල දික්මාදුගොඩගෙන්

ඔබේ පැනයට පිළිතුරු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.