ඔබට කළ ගුරුකම් හරි නොගියේ ඇයි?

ජූලි 3, 2020

ගොඩක් අයගෙන් ඇසෙන දුක්මුසු ප්‍රතිචාරයක් මේ. ඡ්‍යොතිෂය වගේම එක එක පැතිකඩ  තිබෙන ඉපැරණි ශාස්ත්‍රයක් තමයි, ගුප්ත විද්‍යාව, හරියටම තේරුම්ගත නොහැකි හැම දෙයක්ම ගුප්තව සිදුවන නිසා තමයි ඒ ශාස්ත්‍රයට ගුප්ත විද්‍යාව කිව්වේ. 

මෙම ශාස්ත්‍රයේ කටයුතු බොහෝමයක්ම තිබුණාට කෙරිය යුතු නොකෙරිය යුතු වැඩ කියල දෙවර්ගයක් තිබෙනවා. 

ඕනෑම ගුප්තවේදියෙකු ස්වකීය ගුරුකම කළ යුත්තේ ගුප්ත ශාස්ත්‍රානුකූලවයි. ඕනෑම දෙයක් මේ ශාස්ත්‍රය උපයෝගී කරගෙන කරන්න හොඳ නැහැ. නමුත් බලයට මුදලට ලෝභ වෙලා නොකළයුතු ගුරුකමුත් සමහරු කරනවා. ගුරුකම් හරිනොයන්නට එක හේතුවක් තමයි ඒක. අනික තමයි සමහර ගුරුකම් කොහොමටවත් කරන්න එපා කියලා තිබෙනවා. ඔය වගේ එක එක සීමා කිරීම් මේ ශාස්ත්‍රයෙත් තිබෙනවා. ගුරුකම කරන විධියක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගිහියන්ට කරන විණ ගුරුකම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට හරියන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් පරම්පරාවේ අයටනේ ගුප්ත වැඩ වැඩිපුර පිහිටන්නෙ. පොත් බලාගෙන ගුරුකම් කරන අයට පිහිටන්නෙ නැහැනේ. ඔය වගේ ගුරු උපදෙස් වලට පිටින් කරන්නම හොඳ නැහැ. අපි දන්නවා ඡ්‍යොතිෂය සාමාන්‍ය දුරට හැදෑරු කෙනෙකුට ස්වකීය ගුරුවරයා චූල නක්ෂත්‍රය උගැන්නුවට ඒක උපයෝගී කරගෙන ජන්මියා මැරෙන දිනය කියන්න එපා කියල ගුරු උපදෙස් දෙනවා. බොහෝ අය ඒක ඒ අයුරින්ම අනුගමනය කරනවා. ඔය හිතුවක්කාර ඉතාම කීපදෙනෙක් චූල නක්ෂත්‍රය බලාගෙන බොරු කරනවා. නමුත් ස්ථිරයෙන්ම එකක් කියන්න ඕනෑ. චූල නක්ෂත්‍රය දන්නා ගුරුවරයෙක් ඡ්‍යොතිෂය හැදෑරූ සිසුවා දැනීම වර්ධනය කර ගැනීමට මිස කවදාවත් ඒ ශාස්ත්‍රය උපයෝගී කරගන්නෙ නැහැ. අනික මැරෙන දවස කියන්නෙ නැහැ. එහෙම අය ඕන තරම් ඉන්නවා. ඡ්‍යොතිෂයේ පලමු පාඩම පංචාංගය වගේම අවසාන පාඩම චූල නක්ෂත්‍රය. ඔය වගේ ගුප්ත විද්‍යාවේත් එක්තරා ක්‍රමවේදයක් තිබෙනවා. ඒ විදියටම කරන්න ඕනෑ. එහෙම නැතිව කළොත් ගුරුකම වරදිනවා, නැතිනම් අහක යනවා.විශේෂයෙන්ම ගුප්තවේදි වැඩ ආරම්භයේ බුදුන් වැඳලා. 

ඍෂි චාරිත්‍රවලට අනුව පරම්පරාගත ගුරුවරු සිහිකරලා ඔවුන්ගේ දක්ෂකම් සිහිකරල දෙවි දේවතාවෝ නැමදිලා තමයි වැඩ පටන්ගන්න ඕනෑ. සමහර ව්‍යාජ ගුප්තවේදිවරු කියල කියාගන්න අය ඉන්නවා. හරිනොයන බව දැන දැනත් ගුරුකම් කරනවා. ඒ මුදල් ගන්න. ශාස්ත්‍රය දියුණු කරන්න. ඒක පවත්වාගෙන යන්ට ඒ අයට අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම ගෝල හාමුදුරුවරු කියා ගන්න අය. දැනීමක් නැහැ. ගුරු හාමුදුරුවන්ගේ නම විකුණනවා. පසුගිය දිනවල ඔය බෝවෙන රෝග වසංගතයට මම එක කෙම් ගුරුකමක් “යූ” නාලිකාවේ, මුහුණු පොතේ නොමිලේ ප්‍රසිද්ධ කළා. කරන හැටි මන්ත්‍රය සමඟ පළ කළා, ඒක මතුරාගන්න මල්, බුලත්පුටුව පවා හදාගන්න නොදන්නා අය සිටි බවත් ඒ අයත් ගුරුකම් කරන බවත් දැනගත්තා. ඒ විදිය බැලුවාම ගුරුකම් කරන අය වැඩියි. හරියන ස්ථානය ඉතා අඩුයි. එහෙම කිව්වොත් තමයි නිවැරදි. සාමාන්‍ය වශයෙන් ඒ ගුරුකම් දෛනික වශයෙන් සමාජයට අවශ්‍ය ඒවා. ඒ කිව්වේ යහලුවෙලා ඉඳල නිකම්ම තරහ වෙලා. එහෙමත් නැත්නම් හැරගිහිල්ලා ඒ අය ගෙන්වා දෙන්න, වශී කරන ගුරුකම් වගේ ඒවා. මේ වගේ ගුරුකම් එච්චරම බරපතළ නැහැ. දින 2 දෙකකින්, තුනකින් අවසාන කරන්න පුළුවන. හැබැයි ඒ ගුරුකම් කරන කොට ඒ ගුරුකමට අදාළවම ඒවා කරන්න ඕනෑ. හරියට යන්ත්‍ර පලඳිනවා වගේ. 

අදාළ ග්‍රහයාට අවශ්‍යතාවයට අවශ්‍ය යන්ත්‍රය පලඳිනව වගේ. විශේෂයෙන් ගුරුකම් කරන කොට ඉස්සෙල්ල. මල් බුලත් පුටුව හදල ඒකට මල් වර්ග, පාට මල් වර්ග අවශ්‍ය පරිදි තබන්න ඕනෑ. පාට මල් වර්ග වෙනුවට මල් වර්ල දමලා හරියන්නෙත් නැහැ. ගුරුකම දිෂ්ටි කරන්නෙ පේ‍්‍රතයෙකුට හෝ මලපෙරේතයෙකුට නම් දනනවනේ, අදුං, ඊරි බැදුම්, පිලිස්සුම්, සුරුට්ටුවක්, සිගරට් එකක් ,රා අරක්කු වගේ ඒවා නැතුව බැහැ. යහපත් වැඩකට නම් හදුං, පලතුරු, මල් වර්ග, හඳුන්කූරූ, පිනිදිය වගේ ඒවා අනිවාර්යයයි. බොහෝදෙනා මේවා මුලදීම වරදවා ගන්නවා.ගුරුකම් එකකට එකක් වෙනස්. පෙතයට දිෂ්ටි කරන මතුරන ක්‍රමය යක්ෂ දිෂ්ටියට හරියන්නෙ නැහැ. මතුරන අයට වටහාගන්න පුංචි දේවල් මේවා. පේ‍්‍රත ඉනාව යක්ෂ ඉනාවට වඩා වෙනස්.යක්ෂයාට වරම් දුන්නෙ වෙසමුණි රජ්ජුරුවෝ. පේ‍්‍රතයට වරම් දුන්නෙ සැරියුත් හාමුදුරුවෝ. ඒ නම් වලින් මතුරන්න ඕනෑ. එහෙනම් ඉස්සෙල්ල දැනගන්න ඕනෑ කාටද මතුරන්නෙ කියලා. ඒ අනුව දිෂ්ටි /ඉනා තෝරාගන්න ඕනෑ. අනික සාමාන්‍ය ගෙදරක හෝ ස්ථානයක බල ගුරුකම් වලට මතුරන නවනීලය, රාම දිෂ්ටිය ,අග්නි කොටසේ, සංඛපාල දිෂ්ටිය ,නලපටිකය දිෂ්ටි කළාට දිෂ්ටිය එන්නෙ නැහැ. ඒවා පාවිච්චි කරන්නෙ පාළු නිවසක. තොටුපලක , සොහොන් පිටියක වගේ තැනක කරන ලොකු ගුරුකම්වලට. ගෙවල්වලින් පන්නන ඒවා කරන කොටත් වරක් දෙවරක් කල්පනා කරල කරමු. රාත්‍රියේ ප්‍රථමයෙන් කිව් ස්ථානවල මතුරන කොට මන්ත්‍ර දන්න අයට අමතරව තව විශ්වාස කෙනෙක් ඉන්න ඕනෑ. ඔය ගුරුකම්වලදි දිෂ්ටිය පෙනෙන්න එනවා. එහෙම නැත්නම් දිෂ්ටියට ආවේනික අවතාරය පෙනෙනවා. ඒවා බය විය යුතු නැහැ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.