ඒරිස් (Aries) හෙවත් මේෂ තාරකා රාශිය

ජූලි 3, 2020

ප්‍රමාණයෙන් කුඩා තාරකා රාශියකි. තාරකා රාශි චක්‍රයේ ප්‍රථම තාරකා රාශියයි. එළුවකුගේ රුවක් නිරූපණය කරයි. නැගෙනහිරින් පිහිටි මීන තාරකා රාශියටත්, බටහිරින් පිහිටන වෘෂභ තාරකා රාශියටත් මැදිව පිහිටයි. 

ක්‍රි.ව. දෙවන සියවසේ දී ක්ලෝඩියස් ටොලමි විසින් හඳුනා ගන්නා ලද තාරකා රාශි 48 ට මෙම තාරකා රාශිය ද ඇතුළත් වෙයි. එමෙන්ම  රාත්‍රී අහසේ දක්නට ලැබෙන තාරකා රාශි 88 ට ද අයත් වෙයි. ශ්‍රී ලාංකිකයන් සෑම වසරකම අප්‍රේල් හෙවත් බක් මස උදා වෙන සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ හිරු මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම මුල් කරගෙන ය. 

ඇල්ෆා එරිට්ස් ( Arietis)

 හමාල් (Hamal) යනුවෙන් හැඳින්වෙන මෙම තරුව, මේෂ රාශියේ පිහිටි දීප්තිමත්ම යෝධ තරුවක් වන අතර, ආලෝක වර්ෂ 78 ක් දුරින් පිහිටා ඇත. දීප්ති විශාලත්වය 2 .3 කි. වර්ණාවලි පන්තියට අනුව (K2) වර්ගයට අයත් වෙයි. මතුපිට උෂ්ණත්වය කෙල්වින් අංශක 4,500 (4,5000 K) කි.

බීටා එරිට්ස් ( Arietis) 

මෙම තරුව ෂෙරාටන් (Sheratan) යනුවෙන් හැඳින්වෙයි. හයිඩ්‍රජන් තරුවකි. මතුපිට උෂ්ණත්වය කෙල්වින් අංශක 10,000 (10,0000 K) ක් පමණ වෙයි. දීප්ති විශාලත්වය 2.72 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 1.8 කි. හිරුගෙන් ආලෝක වර්ෂ 50 ක් දුරින් පිහිටා ඇත. 

ගැමා එරිට්ස් (Arietis)

 මෙසාත්හිම් (Mesarthim) යනුවෙන් හැඳින්වෙන මෙය, ද්විත්ව තරුවකි. (Binary Star)) මෙහි දීප්තියෙන් වැඩිම තරුව ගැමා 1  (   ) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 148 ක් දුරින් ද , ගැමා 2 (    ) නම් දීප්තියෙන් දෙවන තැන ගන්නා තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 172 ක් දුරින් ද පිහිටා ඇත. මෙම දීප්තිමත් තරුව වර්ණාවලි පන්තියට අනුව AO  වර්ගයට අයත් වෙයි. දීප්තිය පිළිවෙළින් 4.83 - 4.75 අතර වෙයි. ක්‍රි.ව. 1664 දී ඉංගී‍්‍රසි ජාතික රොබට් හුක් නම් අහස නිරීක්ෂකයා මෙහි දීප්තිය ගණනය කළ බවක් සඳහන් වෙයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.