ස්ත්‍රී දිවිය අවුලට පත් කරන විෂ කන්‍යා දෝෂය

ජූලි 24, 2020

ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා මනුෂ්‍ය දිවියක් ලැබීම කොයි ආකාරයෙනුත් වාසනාවක්. නමුත් යම් කිසි පවුලකට පළමුවෙන්ම ස්ත්‍රී දරුවෙක් ලැබීම බොහෝ දෙනා වඩා වාසනාවක් සේ සලකනවා. 

නමුත් ඒ පිරිමි දරුවෙකු ලැබීම අවාසනාවක් කියා සිතා නොවේ. සමාජීය වශයෙන් අතීතයේ පටන්ම තම දියණිය පළමුවෙන්ම වැඩිවියට පැමිණෙද්දී  නිවසේ කටයුතුවලට පහසු කර ගැනීමේ අදහසිනි. දැන් නම් ඒ අදහස සහමුලින්ම පහව ගොසින් ඕනෑම මවක් හෝ පියෙක් බලාපොරොත්තු වන්නේ දරුවෙකුම පමණි. මන්ද දැන් දැන් ඒ බලාපොරොත්තුව ද බොහෝ පවුල් ඒකක තුළින් ගිලිහී යන නිසාවෙනි. 

ඉතිං මේ ලිපියට මුල් තැනක් දෙනු ලබන්නේ ස්ත්‍රී පාර්ශ්වය සම්බන්ධයෙනි. ඕනෑම ස්ත්‍රියකට මව් කුසින් මෙලොව එළිය දැකීම පළමු උත්පත්තිය වුවත් මල්වරය සහ විවාහය යන කාරණා දෙවන හා තෙවන උත්පත්තීන් වශයෙන් සලකනු ලබනවා. ස්ත්‍රී දිවියට මේ කාරණා ත්‍රිත්වයම ඉතාමත්ම වැදගත් වන්නේය. මන්ද අයහපත් වශයෙන් සිදු වන මල්වරය සහ පසුව දිවිය අවුල් කරන විවාහයක් සිදු වන්නේ නම් සමස්ත ජීවිත කාලයම අඳුරෙන් අඳුරට ඇද දමනවා. ඉතිං මේ ආකාරයෙන් ස්ත්‍රී දිවිය අවුල් කරන්නට ප්‍රබල ලෙස බලපානු ලබන කාරණාවක් වශයෙන් උත්පත්ති කේන්ද්‍ර සටහනේම උපතින් මතුවන විෂ කන්‍යා දෝෂය පෙන්වා දෙන්න පුළුවන්. 

මෙම දෝෂය ස්ත්‍රීන් සම්බන්ධව යෙදෙන අතර, විශේෂයෙන් ස්ත්‍රී විවාහයේ අසාර්ථකත්වයට බෙහෙවින් බලපානු ලබන දෝෂකාරි තත්ත්වයකි. ස්ත්‍රියක් උපත ලබා ඇති දිනය, නැකත, තිථිය ආදී කාරණා ත්‍රිත්වය පදනම්ව මෙම දෝෂය උදාවන අතර, ඡ්‍යොතිෂයට අනුව ස්ත්‍රී දිවියට බලාත්මකව අශුභතා එක් කරන කාරණාවක් බව තවදුරටත් පෙන්වා දිය යුතුය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.