උපන් දිනයට ජය ගෙනෙන අංක, දින හා වර්ණ

පෙබරවාරි 23, 2024

 

මිනිස් ජීවිතයට අංක සේම අක්ෂර ද බොහෝ සබඳකම් පවත්වනු ලබන බව මින් පෙරද අපි කතා කළෙමු. එසේම එමඟින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් පාලනය කරන බවද ඔබට අවබෝධ කරගත හැකිවේ.

උපන් දිනයක් සෑම පුද්ගලයකුටම අනිවාර්ය හිමිකමක් වේ. එම උපන් දිනය අනුව මූලිකවම ඔබේ පෞද්ගලික අංකය සොයා ගත හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් ඔබේ උපන් දිනය 12 වෙනිදා නම් ඔබේ පෞද්ගලික අංකය, අංක 3 වේ. එනම් 12 යන්න 1 + 2 = 3 ආදි වශයෙන් තනි අංකයකට එකතු කිරීමෙන් මෙය සොයා ගත හැකිය. මේ ආකාරයට ඕනෑම මාසයක 29 උපන් අයකුගේ පෞද්ගලික අංකය වන්නේ අංක 2 වේ. මෙලෙස ඔබ කිනම් මාසයක ඉපදුණත් ඔබේ පෞද්ගලික අංකය ඉතා පහසුවෙන් නිශ්චිතවම ඔබට සොයාගත හැකිය.

පෞද්ගලික අංකය ඔබට වැදගත් වන්නේ ඇයි යන්නට පිළිතුරු වශයෙන් ඔබට කිව යුතු වන්නේ අප සෑමගේ ජීවිතයේ සියලුම කටයුතු අංක අනුව සිදුවන බවය. එය දෛවෝපගත සිදුවීමකි. එම නිසා ලොව වෙසෙන ඕනෑම මනුෂ්‍යයකුගේ ගති ලක්ෂණ ක්‍රියාකලාපයන් මෙන්ම ජීවන ගමන ඇතුලු අනිත් සියලු ගුණාංගයන් පුද්ගලයා නතුවන අංක යටතේ විග්‍රහ කරගත හැකිය. එම නිසා ඔබටත් ඔබේ පෞද්ගලික අංකය අනුව ජීවිතයේ සාර්ථකත්වය සඳහා සියලුම කටයුතු වලදී ඔබට සීහූම් වන අංකයන් භාවිත කළ හැකිය.

 

අංක 1 නම්

ඒ අනුව ඔබ පෞද්ගලික අංක 1 හිමියෙකු නම් එනම් ඕනෑම මාසයක 1, 10, 19, 28 දිනයක උපන් කුඩා කාලයේ සිටම ඉහළට යාමේ බලාපොරොත්තු ඇතිව ජීවන ගමන ආරම්භ කරන පෞරුෂ ගුණාංග නිසා නිතරගයකින් නායකත්වය හිමිවන ඔබ සියලු කටයුතු සාර්ථකත්වය සඳහා සුබ දිනයන් වශයෙන් මාසයේ අංක 1 ට යෙදෙන 01,10, 19, 28 දිනයන් යොදා ගැනීම සාර්ථක වන අතර, මිතුරන් ලෙස හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංක 1 ට අමතරව පෞද්ගලික අංක 2,4,7,5 පුද්ගලයින් ද තෝරා ගැනීම සාර්ථකත්වය සඳහා සුදුසු වේ. එසේම සුබ වර්ණයන් ලෙස රන්වන් පැහැය කහ, තඹ, දුඹුරු පැහැය භාවිත කළ හැකිය.

 

අංක 2 නම්

එසේම පෞද්ගලික අංක 2 හිමි එනම් ඕනෑම මාසයක 2, 11, 20, 29 උපන් විශාල දැනුම් සම්භාරයක් මනසේ රඳවා පවත්වා ගැනීමට හැකි නිර්මාණශීලීත්වය උරුම කරගත් ඔබ සියලු කටයුතු සඳහා සුබ දිනයන් වශයෙන් මාසයේ අංක 2 ට යෙදෙන 02, 11, 20, 29 දිනයන් තෝරා ගැනීම මෙන්ම මිතුරන් ලෙස හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංක 2 ට අමතරව පෞද්ගලික අංක 1, 4, 7, 5 පුද්ගලයන් තෝරා ගැනීම ද සාර්ථකත්වයට ඉවහල් වේ. එසේම අනෙකුත් පෞද්ගලික අංක හිමි අයද සතුරන් නොවේ. තවද සුබ වර්ණයන් ලෙස කොළ පාට ප්‍රභේද ක්‍රීම්පාට සහ සුදු පැහැය භාවිත කිරීම සුදුසු වේ.

 

අංක 3නම්

පෞද්ගලික අංකය අංක 3 හිමි එනම් ඕනෑම මාසයක 3, 12, 21, 30 උපන්නේ නම් තීරණාත්මක ලෙස ජීවිතයේ ඉහළ නැගීමේ ආශාවෙන් යුක්ත පිරිස් පාලනයට ඉතාමත් කැමැති ඔබ සියලු කටයුතු සඳහා සුබ දිනයන් වශයෙන් මාසයේ අංක 3 ට යෙදෙන 03, 12, 21, 30 දිනයන් යොදා ගැනීමත් මිතුරන් ලෙස හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංක 3, 6, 9, 5 පුද්ගලයන් ද තෝරා ගැනීම සාර්ථකත්වයට හේතු වේ. එසේම ඒ පෞද්ගලික අංක 4,8, හිමි අය මිතුරුකමට සුදුසු නොවේ. තවද යහපත් වර්ණයන් ලෙස දම් පැහැය, වයලටි පැහැයද භාවිතා කිරීමද සුදුසු වේ.

 

අංක 4 නම්

ඕනෑම මාසයක 4, 13, 22, 31 උපන් එනම් පෞද්ගලික අංක 4 හිමි ප්‍රබල අධිෂ්ඨානශීලි බවක් සහිතව තමාටම ආවේණික වූ අදහස් පෙරදැරි කරමින් කටයුතු කරන ඔබ සියලු කටයුතු සඳහා සුබ දිනයන් වශයෙන් මාසයේ අංක 4 ට යෙදෙන 04, 13, 22, 31 දිනයන් යොදා ගැනීම යහපත් වන අතර, මිතුරන් ලෙස හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංක 1, 4, 5, 7 පුද්ගලයින් ද සුදුසු වේ. එහෙත් පෞද්ගලික අංක 3, 6, 9 හිමි අය මිතුරුකමට විවාහයට හෝ කිසිසේත්ම සුදුසු නොවේ. සාර්ථකත්වය සඳහා දීප්තිමත් නිල් පැහැය හෝ අලු පැහැය භාවිත කිරීම සුදුසු වේ.

 

අංක 5 නම්

පෞද්ගලික අංක 5 හෙවත් ඕනෑම මාසයක 5, 14, 23 උපන් ආකර්ෂණීය බව උරුම කරගත් සුවිශේෂි තීක්‍ෂණ ඥාණයක්, බුද්ධිමත් භාවයත් ක්‍රියාශීලිතාවයක් ඇති ඔබ සියලු කටයුතු සඳහා සුබ දිනයන් වශයෙන් මාසයේ අංක 5 ට යෙදෙන 5, 14, 23, දිනයන් යොදා ගැනීම මෙන්ම මිතුරන් ලෙස හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංක 5, යෙදෙන පුද්ගලයින් ද තෝරා ගැනීම සාර්ථකත්වයට ඉතාම ද සුදුසු වේ. එසේම ඕනෑම පෞද්ගලික අංක හිමියෙක් මිතුරුකමට සුදුසු වේ. එසේම සාර්ථකත්වය සඳහා සුබ වර්ණයන් වශයෙන් දිලිසෙන ළා වර්ණයන් ද සුදු වර්ණයද භාවිත කළ හැකිය.

 

අංක 6 නම්

පෞද්ගලික අංක 6 හෙවත් ඕනෑම මාසයක 6, 15, 24 උපන් දුටු දුටුවන් සිත් වසඟ කර ගන්නා කා අතරත් ජනප්‍රිය ඔබ සියලු කටයුතු සඳහා සුබ දිනයන් වශයෙන් මාසයේ අංක 6ට යෙදෙන 6, 15, 24, දිනයන් යොදා ගැනීම මෙන්ම මිතුරන් ලෙස හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංක 3, 5, 6, 9 පුද්ගලයින් ද තෝරා ගැනීම සාර්ථකත්වය සඳහා ඉතාම ද සුදුසු වේ. එසේම පෞද්ගලික අංක 1, 2, 7, හිමියන් ද මිතුරුකමට සුදුසු වන අතර වසනාවන්ත වර්ණයන් වන්නේ නිල්පැහැයේ සියලුම ප්‍රභේද සහ රෝස පැහැයන්ය.

 

අංක 7නම්

පෞද්ගලික අංක 7 හෙවත් ඕනැම මාසයක 7, 16, 25 උපන් ඉතාම ස්වාධින පෞරුෂයන් ඇති විවිධ පර්යේෂණ කිරීම සඳහා විශේෂ දක්ෂතාවයක් ඇති ඔබ සියලු කටයුතු සඳහා සුබ දිනයන් වශයෙන් මාසයේ අංක 7 ට යෙදෙන 7, 16, 25 දිනයන් යොදා ගැනීම සේම මිතුරන් ලෙස හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංක 1, 2, 4, 7, 5 පුද්ගලයින් ද තෝරාගැනීම සාර්ථකත්වය සඳහා ඉතාම ද සුදුසු වේ. පෞද්ගලික අංක 7 හිමියන් ට සතුරන් නොමැති අතර වාසනාවන්ත සුබ වර්ණ වනුයේ කොළ, සුදු, කහ තද දුඹුරු වර්ණයන් වේ.

 

අංක 8 නම්

පෞද්ගලික අංක 8 හිමි ජීවිතය ගැඹුරින් දකින යුක්තිය සාධාරණත්වය අගය කොට සලකන ඔබට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 8 ට යෙදෙන 8, 17, 26 දිනයන්ය. අංක 8 හි අනෙත් කොටස්කරු වන අංක 4 හි දිනද යොදා ගැනීමට අවකාශ ඇත. එනම් 4, 13, 22, 31 දිනද සුබ කටයුතුවලට යොදා ගත හැක. මිතුරන් හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා ලෙස පෞද්ගලික අංක 1, 4, 5, 7, 8 පුද්ගලයන් ද සුදුසු වේ. නමුත් පෞද්ගලික අංක 3, 6, 9 හිමි අය මිතුරුකමට සුදුසු නොවේ. සාර්ථකත්වය සඳහා වාසනාවන්ත වර්ණ වනුයේ තද නිල් දම් පාට වර්ණයන්ය.

 

අංක 9 නම්

ඕනෑම මාසයක 9, 18, 27 උපන් වේගවත් ආවේගශීලි ස්වාධීන හැඩි දැඩි ශරීරයක් හා තේජවන්ත බැල්මක් ඇති පුද්ගලයෙක් වන ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර ඔබට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 9 ට යෙදෙන 9, 18, 27 දිනයන්ය මිතුරන් ලෙස හෝ විවාහයට මෙන්ම හවුල් ව්‍යාපාර සඳහා පෞද්ගලික අංක 3, 6, 9, පුද්ගලයින් ඉතාම ද සුදුසු වේ. එසේම පෞද්ගලික අංක 1, 2, 4, 5, 7, හිමියන් ද මිතුරුකමට සුදුසු වේ. පෞද්ගලික අංක 4 සහ 8 හිමියන් මිතුරුකමට හවුල් කරුවන් වශයෙන් හෝ සුදුසු නොවේ. වසනාවන්ත වර්ණ ලෙස රතු පැහැයේ වර්ණයන් සුදුසු වේ.

මේ ආකාරයට ඔබගේ පෞද්ගලික අංකය සියලුම කටයුතු සඳහා යොදා ගැනීමෙන් සියලු කටයුතු සාර්ථක කර ගත හැකිවනු ඇත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.