කොන්දෙන් පහළ ලෙඩ වෙන කාලයක්

මැයි 10, 2024

රවි ග්‍රහයා වෘෂභ ලග්නයට සංක්‍රමණය වීම මැයි මස 14 වැනිදා පස්වරු 5.54ට සිදුවේ. එහි බලපෑම ජූනි 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මසක පමණ කාලයක් පවතිනු ඇත. මේ ග්‍රහ පිහිටීම අනුව බොහෝ දෙනාට ආමාශය, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශ්‍රිත රෝගාබාධ බහුල විය හැකිය. මෙතෙක් එවැනි රෝගවලට ගොදුරුව සිටි අයට රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකි බැවින් නිසි ප්‍රතිකාරවලට යොමු වීම නුවණට හුරු වන අතර අන් අය රෝග වැලඳීමට ඇති අවස්ථාවන් සහ අනතුරුවලින් පරෙස්සම් වීමට වගබලා ගත යුතු කාලයකි. වසංගත රෝග පැතිරීම ද ලොව පුරා දක්නට ලැබෙනු ඇත. නිසි සෞඛ්‍ය පිළිවෙත් රැකීමටත් මෛත්‍රිය කරුණාව පෙරදැරිව කටයුතු කිරීමටත් යුහුසුළු වන්නන්ට මේ තත්ත්වයන්ගෙන් මිදීමට අවස්ථාව පවතී. මේෂ, මිථුන, කටක,කන්‍යා,තුලා,ධනු, මකර, මීන ලග්න හිමියන් මේ අවදානම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර වෘෂභ, වෘශ්චික, සිංහ, කුම්භ ලග්න හිමියන් ද මේ පිළිබඳ තැකීමකින් තොරව කටයුතු කිරීමෙන් රෝගී විය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.