ලිබ්‍රා (Libra) හෙවත් තුලා තාරකා රාශිය

අගෝස්තු 21, 2020

තාරකා රාශි චක්‍රයේ 7 වන තාරකා රාශිය ලෙස සැලකෙන මෙම තාරකා රාශිය ‘තුලා’ යනුවෙන් හැඳින්වෙන්නේ තරාදියක හැඩයක් ඉන් නිරූපණය කරන බැවිනි. අඳුරු තාරකා රාශියක් වන මෙය බටහිරින් පිහිටි කන්‍යා තාරකා රාශියටත්, නැගෙනහිරින් පිහිටි වෘශ්චික තාරකා රාශියටත් අතරමැදිව පිහිටා ඇත. විශාලත්වයෙන් 29 වැනි තැන ගන්නා මෙම තාරකා රාශියේ විශාලත්වය වර්ග අංශක 538 ක් වෙයි.

ඇල්ෆා ලිබ්‍රියෝ  (a Librae)

සූබන් එල්ජිනුබී (Zuban Elginubi)  යනුවෙන් හැඳින්වෙන මෙම තරුවේ දීප්ති විශාලත්වය 2.90 ක් වන අතර, වර්ණාවලි පන්තියට අනුව ඒ3  වර්ගයට අයත් වෙයි. දෘෂ්‍ය ද්විත්ව තරුවක් (Visual Binary Star) වන මෙහි සහායක තරුව F4  වර්ගයට අයත් වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 62ක් දුරින් පිහිටා ඇත. දෙවැනි තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 78ක් දුරින් පිහිටා ඇත. 

බීටා ලිබ්‍රියේ  (β  Librae)

සූබන් එල්චිමැලි (Zuban Elschemali  ) යනුවෙන් මෙම තරුව හැඳින්වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 148ක් දුරින් පිහිටා ඇති මෙම තරුවේ දීප්ති විශාලත්වය 2.74 කි. වර්ණාවලි පන්තියට අනුව B8 වර්ගයට අයත් වෙයි. හීලියම් තරුවකි. 

ගැමා ලිබ්‍රියේ (γ Librae)

 සූබන් එල්ක්රැබ් (Zuben Elkrab)   යනුවෙන් හැඳින්වෙයි. යෝධ තරුවක් වන මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 109 ක් දුරින් පිහිටා ඇත. දෘෂ්‍ය දීප්ති විශාලත්වය 4.02 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 41 කි. වර්ණාවලි පන්තියට අනුව G6 වර්ගයට අයත් වෙයි. 

ඩෙල්ටා ලිබ්‍රියේ  (δ Librae)

සූබන් ඵලාක්රිබි (Zuban Elarkribi)  යනුවෙන් හැඳින්වෙයි. විචල්‍ය තරුවක් (Variable Star) වන මෙහි දීප්ති විශාලත්වය 4.8 සිට 5.9 දක්වා පෘථිවි දින 2.33 කට වරක් වෙනස් වෙයි. වර්ණාවලි පන්තියට අනුව ඒ0 වර්ගයට අයත් වන අතර, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 205 ක් දුරින් පිහිටා ඇත. 

ඇතුළාන්ත ආකාශ වස්තු 

තුලා තාරකා රාශිය තුළින් දැකිය හැකි ඇතුළාන්ත ආකාශ වස්තු අතර NGC 5899 යනුවෙන් හැඳින්වෙන ගෝලාකාර තරු පොකුර (Globular Star Cluster)  සහ ග්ලිසේ 581 (Gliese  581) යනුවෙන් හැඳින්වෙන ග්‍රහලෝක 6 කින් යුත් පද්ධතිය ප්‍රබල දුරේක්ෂ ඇසුරෙන් නිරීක්ෂණය කළ හැකි ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.