පලාඵල කථනයට පංචභූත න්‍යාය

සැප්තැම්බර් 18, 2020

විශ්වයේ නිර්මාණය හා ක්‍රියාකාරිත්‍වය පංචභූත න්‍යාය අනුව සකස් වී ඇත. භූත යනුවෙන් අදෘෂ්‍යමානව පවතින බලවේගයන් මනසට නැගීම බොහෝ විට සිදුවේ.

එනමුත් මෙහිදී භූත වශයෙන් සලකුණු ලබනුයේ භෞතික තත්‍වයන්ය. භෞතික වශයෙන් පවතින සියල්ලම කොටස් පහකට බෙදා වෙන්කර ඇත. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන මේ කොටස් තුළ පවතින විවිධ රටාවන් හා බලයන් මිනිසාගේ ශුභ සිද්ධියට මෙන්ම විනාශයට හේතු කාරක වේ.

මෙම පංචභූත තුළ පවතින ලබන මූලික ගති ලක්ෂණ නිසා ධාතු යන නාමයෙන් ව්‍යවහාර කරනු ලබයි.

මාතෘකාවට අනුව සැලකීමේදී මිනිසාගේ සුබ සිද්ධියට අනුකූලව, ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුගත වූ පංච භූත ශක්තීන් පිළිබඳව විග්‍රහ කර බැලීම වැදගත් වේ. ලෝකයේ පවතින මෙම පංච මහා භූතයන් තුළට වර්ණ ගන්ධ, ගන්‍ධ, රස, ඕජා විශේෂයෙන් පවතිනු ලබන නිසා එකිනෙකට වෙනස් තත්ත්‍වයන් හඳුනා ගැනීම වැදගත් වේ. 

මේ කොටස් වල සම්මිශ්‍රණය තුළින් මිස වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම අපහසු බවක් පවතී. නවීන විද්‍යාව තුළ වුවද මේ ලක්ෂණ ඉක්මවා යා හැකි න්‍යායක් මෙතෙක් සොයාගෙන නොමැති වුවද, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ආයුර්වේදය හා බුදු දහම වැනි විෂයන් තුළට එක් වී ඇති ආකාරය පුදුම සහගතය.

    ලෝක ධර්මතාවයනට අනුගතව පවතින්නකි ජ්‍යොතිෂ ශාස්ත්‍රය. මෙහිදී ප්‍රධාන වශයෙන් කාලය යන ස්වරූප ආකාශ ගණයේ ලා සැලකිය යුතුය.

    කාලයාගේ පැවැත්ම අනුව ජන්මීන් උදෙසා කේන්‍ද්‍රය සකස් කිරීම සිදුවේ. උදාවන රාශීන් හා ඒ ඒ රාශීන් ඇසුරු කරගෙන පිහිටා ඇති ග්‍රහයන්ද සැලකිල්ලට ගැනීමේදී සෘෂි මතානුකූලව පංච භූත මූලික බෙදීම මෙසේය.

 මේෂ - සිංහ - ධනු තේජෝ භූතයට ද

 වෘෂභ - කන්‍යා - මකර - පඨවි භූතයට ද

 මිථුන - තුලා - කුම්භ - වායෝ භූතයට ද

 කටක - වෘශ්චික - මීන - ආපෝ භූතයට ද අයත් වේ.

 එක් භූතයකට හෙවත් භූත රූපයකට ධාතු ශක්තීන් ට අනුකූලව අයත් වූ රාශි කෙරෙහි පවතින විවිධ ලක්ෂණ සියුම් ආකාරයෙන් තෝරාබේරා හඳුනා ගැනීම උදෙසා, චර, තිර උභය හා ස්ත්‍රී පුරුෂ ධාතු මූල ජීව යනුවෙන් තවත් ආවේණික විවිධ ගති ලක්ෂණ අනුව වර්ගීකරණය වී ඇත.

ග්‍රහයින් කෙරේද එවැනි වර්ගීකරණයක් පවතිනු ලබයි.

 රවි හා කුජ - තේජෝ භූත

 බුධ - පඨවි භූත

 ශනි - වායෝ භූත

 ගුරු - ආකාශ භූත

 සඳු හා කිවි - ආපෝ භූත, මීට අමතරව විවිධ ආචාර මතයන් ද දැකිය හැකිය.

රවි හා කුජ තේජෝ භූත

චන්‍ද්‍ර - ආපෝ භූත

ශනි හා රාහු - වායෝ භූත

ගුරු හා කිවි බුධ - පඨවි භූත

කේතු - ආකාශ භූත යනුවෙනි

  පලාපල කථනයේදී පංචභූතයනට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. පෘථිවියට හා එයට අයත් සියලු වස්තූන්ට මෙමගින් කෙරෙන බලපෑම් හඳුනා ගැනීම තුළින්, එයින් මතුවන විවිධ ආකාර සුබ හෝ අසුබ තාවයන් පිළිබඳ නිවැරැදි නිගමනයකට පැමිණීමට හැකි වන්නේය.

   මෙම ශක්තීන්ගේ ගුණය තත්කාල ශාස්ත්‍රය තුලින් මතු කරන රාශි සහ ග්‍රහ සංඥාවනට අනුරූප ලෙසින් ප්‍රශ්ණ චින්තාව හඳුනාගෙන, පැහැදිලි කරගත යුතුය. පංච භූත ක්‍රියාකාරිත්‍වය හා එහි සම්මිශ්‍ර හඳුනා ගැනීම තුළින් ඒ ඒ රාශියට අයත් ශරීර අංගයන් හී පිහිටා ඇති ලෙඩරෝග කල්තියා හඳුනා ගැනීමට හැකියාව පවතී. ජන්මපතේ උෂ්ණ රාශි, හිමි ග්‍රහයකු නවාංශකයේ උෂ්ණ රාශියක ගමන් කිරීමේ දී ඔහුගේ හිසට හෝ ශරීරයට ආබාධ මතු කරයි. සතුරු රාශියක් ව හතර වැනි භාවය තුළ ශනි සිකුරු සඳු ග්‍රහයා දුබලව තැන්පත් වීමත්, සතර අධිපති අසුබ ස්ථාන ගතවීමෙන්, හතිය මහන්සිය වැනි ස්වසන රෝග ගෙන දෙන බව අත්දැකීමෙන්  දනිමු. මෙසේ විෂමතා තේරුම් ගෙන පලාපල ප්‍රකාශ කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිවේ. සියුම් ආකාරයෙන් විමසීමේදී ග්‍රහයින්ගේ රාශි තුළින් මතු කෙරෙන විවිධාකාර ශක්තීන් අවස්ථානුකූලව යොදා ගැනීමේ හැකියාව ඡ්‍යොතිෂඥයා විසින් ඇති කර ගත යුතුය.

   ලෝකායතන ජ්‍යොතිෂයේ දී, ලෝකය තුළ සිදුවන පාරිසරුක බලපෑම්, වර්ෂාව, නියඟය, , කුණාටු, සුළිසුලං, ගංවතුර, නාය යෑම් ආදිය පිළිබඳ නිවැරදි දැක්මක් ලද හැක්කේ ග්‍රහයින්, රාශි හා නැකැත්, එහි අධිපති ග්‍රහයන් පිළිබඳව ද පංචභූත ක්‍රියා කරන ආකාරය ද කල්තියා මැනවින් හඳුනා ගතහොත් පමණි. ඒ වාගේම මහා භූත දෙකක් එකට එකතුවීමෙන් සිදුවන බලපෑම සුබදායක හෝ අශුභදායක විය හැකිය. පඨවි භූතය, ආපෝ භූතය එක්වීමෙන් ගස්වැල් වල සරු සාරවත් බව ඇතිවන අතර බීජ ව්‍යාප්තිය හොඳීන් සිදුවේ. පඨවි භූතයට තේජෝ භූතය එක්වීමෙන් සිදුවන බලපෑම කෙසේද කියා විමසා බැලුහොත්. ඉඩෝරය ඇතිවී ගස්වැල් වියලී. විනාශ වීම එමගින් ඇතිවේ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.