ඔබේ විවාහය ප්‍රමාද වන්නේ ඇයි?

මාර්තු 31, 2023

 

සමාජයේ මූලිකම ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ විවාහයයි. අන් කවරදාකටත් වඩා විවාහය ප්‍රමාදවීමත් සිදුවන විවාහ දික්කසාදයට යෑමත් එන්න එන්නම වැඩිය. උසාවියකට දික්කසාද නඩු දිනකට විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වේ. සතියෙන්, මාස කීපයකින් හෝ වසර දෙක තුනකින් විවාහය අතරමඟ නවතින තැනට පත් වී ඇත.

කොපමණ සැප සම්පත්, ගේදොර ඉඩකඩම්, යාන වාහන, බැංකු ගිණුම් ඇතත් ඒවා සියල්ලම පරදවා. එනවා, බලනවා, යනවා වැන්නක් රජ කරයි. දෙමාපියන් සිත් තැවුලෙන් සිටී. තම දුවට හෝ පුතාට නිසි කලට විවාහයක් කරදීමට නොහැකි තත්වයක් උදාවීම නිසා,

දැන් අපි ඡ්‍යෝතිෂ විද්‍යාත්මක පැත්තෙන් බලමු ඇයි, විවාහ කල්යන්නේ කුමන හේතුවක් මතද යන්න.

ලක්ෂ ගණනක් අවිවාහක තරුණියන් සමාජයේ සිටින අතර, එක් අවිවාහක පුරුෂයකුට සාපේක්ෂව අවිවාහක කතුන් 6කටත් වැඩි සංඛ්‍යාවක් සිටින බැව් ප්‍රසිද්ධ රහසකි.

කේන්ද්‍රයක 1,2,3 සහ 11න් 7 සහ 8න් විවාහය ගැන කියැවෙන තැන්ය.

සිකුරුගේ රැසක වෘෂභ තුලාවේ කුජ සිටීමෙන් විවාහය ඉක්මන් වේ. පාපීන් සත්වැන්න තුළ සිටීම හරහා විවාහය අසාර්ථකත්වයට පත්වේ. පාපී කුජ,රාහු, ශනි, කේතු සිටීම එතරම් ශුභ නැත. ශනිට ශුක්‍ර හා සඳු පෙනීම විවාහයට බලපෑම් ඇත. කුජට ශනිගේ පෙනීමක් ඇති විට විවාහය ඉක්මන් වේ. ශනිගේ පෙනීම ශුක්‍රට ලක්වීම විවාහ ප්‍රමාදයට හේතුවේ.

රවි 9 වැන්නේ වීමෙන් විවාහය කල්යයි. 7 වැන්නේ කුජ පාපීන්ගේ පෙනීමත් බුධ පාපී ග්‍රහ සංයෝගයත් හරහා විවාහය කල්යයි. ශනි 4 වැන්නේ සඳු සමඟ නම් විවාහය නුරුස්සයි.

කුජ ශුක්‍ර රාහු සඳු 7 වැන්නේ නම් විවාහයක් නොව අමතර සබඳතා ගොඩනැඟේ. මකර ලග්න හිමියන්ට 7 වැන්න කටකය වන නිසා එවැන්නකට මඟ පෑදේ. විවාහ වූවත් මනස වෙනත් තැනකය. රහසින් පව් කරයි.

විවාහය ඉක්මන් වන්නේ විවාහ කාරක ශුක්‍ර හතර කේන්ද්‍රයේ සිට ශනිට පෙනීමද හේතුවක් වේ. 2 වැන්නේ අධිපතියා 11 වැන්නාධිපතියා සමඟත් ඇත්නම් විවාහය ඉක්මන් වේ.

7 අධිපති ශුක්‍ර කේන්ද්‍රගතව ශුභයින් දකී නම් යුගදිවිය ඉක්මන් වේ. 4 -10 ස්ථානයන් අධිපතියා උච්ච වීමෙන් විවාහය ඉක්මන් වේ. 2 වැන්න අධිපතියා 11හේත් 11 වැන්න අධිපතියා 2 වැන්නේ වීමෙන් විවාහය සාර්ථක වේ.

ප්‍රමාදවන විවාහය ඇති නම් ඒ පිළිබඳව ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේදයන් අනුගමනය කරන්න. ශ්‍රී මහා මංගල ප්‍රදීප යන්ත්‍රය 1000 වර ජපකර පලඳින්න. නැත්නම් ත්‍රිකෝණ තඹ යන්ත්‍රය ජීවම් කර වී බඳුනක තබා වතාවත් කරන්න. විවාහය ප්‍රමාදය නවතා ඉක්මන් වේ.

සෙත්කවි දෙකක් විෂ්ණු, කතරගම දේව නාම මුල්කොට දින 45ක් කියන්න. විශ්ව ශක්තිය මානසික ගනුදෙනුව හරහා තරංග හරහා විවාහය ඉක්මන් කර ගත හැකි බැව් අත් දැක ඇත්තෙමු.

 

ඡ්‍යෝතිෂවේදී

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.