මහා ධන සම්පත් ඔබේ කේන්දරයේ යෙදෙන හැටි

මැයි 3, 2024

 

මෙලොව උපදින සෑම කෙනෙකුගේම යටි අදහස ධනවත් වීමයි. අතමිට සරුසාර වී සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට සෑම කෙනෙකුම යත්න දැරීම ස්වභාවිකයි.

දිළින්දෙකු වීම කොතරම් උගත්කම තිබුණත් අවාසිය. එය මිනිස් ගති ස්වභාවයකි. කෙනෙකු කොතරම් උත්සහ කළත් මිල මුදල් නොලැබෙන තැනට පත්වීමද ස්වභාවිකය. සමහරු උපතින්ම පාරම්පරික ධනවතෙක් විය හැකිය. සමහරු පසුව ධනය උපයා ගනී.

සමහරු උපයාගත් ධනය පසුකලෙක නැති වේ. අපි මේ ගැන ඡ්‍යොතිෂ විද්‍යාත්මකව බලමු. ජන්මය ලැබූ මොහොතේදී අහසේ තාරකා භ්‍රමණය හරහා සනිටුහන් වන කේන්ද්‍රයේ ග්‍රහ ශක්තිය මත මිල මුදල් ලැබෙන ක්‍රමය සඳහන් වී ඇත. ග්‍රහයින් (සුබ) තුන්දෙනෙකු උච්ච ක්ෂේත්‍රව ඇත්නම් ධනය ලැබේ. මූල ත්‍රිකෝණගත වී නම්ද ධනය අත් වේ. ග්‍රහයින් 4 දෙනෙකු ස්වක්ෂේත්‍රව සිටීමෙන්ද ධනය අතට ලැබේ. ධනවතෙකු වේ. 9 අධිපතියා 5 ද 5 අධිපතියා 9යේද වීමෙන් සල්ලි ලැබේ. ධනවත් වේ.

10 අධිපතියා පහේද 4 අධිපතියා 10 යේද වීමෙන් ත්‍රිකෝණාධිපතියන් දැකීම හරහා විශාල ලෙස ධන සම්පත් හිමි වේ.

10 ලග්නය 4 සහ 5 අධිපතියන් බලවත්ව 9 අධිපතියා සමඟ වීම හරහාද 9 අධිපතියා දැක්මෙන්ද මිල මුදල් විශාල ලෙස අත්පත් වේ. ධනවත් වේ.

9 අධිපතියා ලග්නාධිපති සමඟ හෝ 9 අධිපතියා විසින්ද 5 අධිපති ලග්නය 4,10 යන ස්ථානයක උපත ලත් විට ධන සම්පත්වලින් පිරේ.

නවය, ධනු, මීන එකක්වී 10යේ ශුක්‍ර සිට 5 අධිපතියා දැක්මෙන් විශාල ධනවතෙක් වේ. මකර, කුම්භ දෙකින් එකක් වී 5 වැන්නේ සිටියදී බුධ 11 වැන්නේ නම් විශාල ධනවතෙක් වේ.

සඳු කටකයේ සිට 5 දැක ශනි 11 වැන්නට ගිය විට උපත ලත් නම් ධනවතෙක් වේ.

ශුක්‍ර බලවත්ව 5 -11 වැන්නේ නම් ධනවතෙක් වේ. 5 සිංහ ලග්නය වී රවි සිට ලාභස්ථානයේ ගුරු වීමෙන් විශාල ධනවතෙක් වේ. ලග්නය සිංහය වී එහි රවි, ගුරු, කුජ සමඟ යෝගවීමෙන්ද ධනය අත්පත් වේ. කටකය වී චන්ද්‍ර, ගුරු, කුජ තිදෙනාම එහි වීමෙන් ධන සම්පත් හිමිවේ. මේෂ, වෘශ්චික දෙකින් එකක් වී කුජ, බුධ, ශුක්‍ර, ශනි ග්‍රහයින් සිටියදී උපන්නේ නම් ධනවත් වේ. ධනු, මීන දෙකින් එකක් වී කුජ – ගුරු– සඳු සිටීමෙන් ධනය ලැබේ.

ජන්ම රාශිය කන්‍යා වී බුධ සමඟ ශුක්‍ර ශනි වී නම් හෝ දැක්මෙන්ද මිථුන රාශියටත් එකසේම ධනය ලැබේ. ලොතරැයි ජයද අත්වේ.

ශනි උච්ච වී තුලාවේ උපන්විට ධනය අත්පත් වේ. මාලවී සිංහාසන සස, රුචක, භද්‍රා, ගජකේෂරී සිරිනාථ ආදි යෝග විශාල සංඛ්‍යාවක් ඇත්තේය. 4 අධිපති 2 අධිපති 1, 4, 7, 10, 5, 9, 8, 2 අධිපති 4 වැන්නේ යෙදී උපත ලත්විට ධනවත් බවට පත් වේ.

ගුරුකම, නීතිය, වෛද්‍ය, කලාකරු, නාට්‍ය, සංගීත, චිත ‍්‍ර ආදියත් ගණිතයට දක්ෂ, ඉංජිනේරු ශිල්පීන් ආදි උසස් සමාජ තලයේ අයට ද ග්‍රහ පිහිටීම් යෝග බලවත් විය යුතු වේ. 10 වැන්නේ බුධ, කුජ බලවත්ව සිංහ ලග්නයේ ඉපිද සඳු ඇත්නම් වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් විශාල ධන කුවේරයෙක් වේ. ඉහත සඳහන් කරන ලද ග්‍රහ හැසිරීම් රටාව හා යෝග හරහා කෙනෙකු මහා ධනවතෙක් බවට පත්වේ. ලග්න කුණ්ඩලියේ ග්‍රහ හැසිරීමේ රටාව ධනාත්මක වී විශේෂයෙන්ම 22 වැනි දෙර්කානාධිපතියාද බලවත්වද 64 වැනි නවාංශකාධිපතියාද ඉහළම තැනක ඉතාම සුබ තත්ත්වයේ පවතී නම් ලෞකික ලෙසින් මහා ධන කුවේරයෙක් වන බැව් ඡ්‍යොතිෂය තුළ දක්නට ඇත.

ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ගැන පිරික්සා බලනවිට ධන සම්පත් හිමිවීමේ භාග්‍යය සොයා ගත හැකි වේ. යෝගයේදී තිබෙන රටාවත් එම යෝග ක්‍රියාත්මක වන ආකාරයත් ගැඹුරින් නිරීක්ෂණය කළ යුතු වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.