සතියේ පඤ්චාංගය

මැයි 3, 2024

 

ශක වර්ෂ 1946 ක් වූ මේෂ රවි 20 භාග බක් අව දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 26 භාග වෙසක් පුර දියවක ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි - මේෂ

කුජ - මීන

බුධ - මීන

ගුරු - වෘෂභ

ශුක්‍ර - මේෂ

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - බෙරණ

කුජ - උත්‍රපුටුප

බුධ - අස්විද

ගුරු - කැති

ශුක්‍ර - අස්විද ( 05 දා රාත්‍රී 07.51 බෙරණ)

ශනි - පුවපුටුප

රාහු - රේවතී

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

 

පෝය

මැයි 07 අඟහරුවාදා උදේ 11.44න් අමාවක ලබා 08 බදාදා උදේ 08.55න් ගෙවේ. 07 අඟහරුවාදා සිල්.

 

 

චන්ද්‍ර චාරය

04 දා සවස 04.37 මීන

6 දා සවස 05.45 මේෂ

08 දා රාත්‍රී 07.11 වෘෂභ

 

 

දිනූ තත්ත්ූවය

 

මැයි 03 සිකුරාදා

මේෂ රවි 20 භාග බක් අව දසවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.56 ඉර බැසීම 06.19. දෙනට නැකත අලුයම 01.48න් ගෙවී සියාවස නැකත ලබයි. බක් අව නවවක තිථිය අලුයම 01.53න් ගෙවී අව දසවක තිථිය ලබා එය රාත්‍රී 11.24න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය දහවල් 02.18න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබා පවතී. ගරජකරණය අලුයම 01.53න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 12.40න් ගෙවී විෂ්ටිකරණය උදාවී එදින රාත්‍රී 11.24න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - ගිනිකොන

යෝගිනි - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

මැයි 04 සෙනසුරාදා

මේෂ රවි 21 භාග බක් අව එකොළොස්වක තිථිය ලත් ශනිදින. ඉර උදාව 05.56 ඉර බැසීම 06.19 සියාවස නැකත අලුයම 12.06න් ගෙවී පුවපුටුප නැකත ලබා එය රාත්‍රි 10.07න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. බක් අව එකොළොස්වක තිථිය රාත්‍රී 08.39න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය දහවල් 11.03න් ගෙවී වෛධෘති යෝගය ලබයි. බවකරණය උදේ 10.04න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 08.39න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නැඟෙනහිර

යෝගිනි - ගිනිකොන

සුබ දිශාව - දකුණ

මැයි 05 ඉරිදා

මේෂ රවි 22 භාග බක් අව දොළොස්වක තිථිය ලත් රවිදින. ඉර උදාව 05.55 ඉර බැසීම 06.19 උත්‍රපුටුප නැකත රාත්‍රී 07.58 න් ගෙවී රේවතී නැකත ලබයි. බක් අව දොළොස්වක තිථිය සවස 05.43න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබා පවතී. වෛධෘති යෝගය උදේ 07.37න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. කෞලවකරණය උදේ 07.13න් ගෙවී තෛතිලකරණය ලබා එදින සවස 05.43න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - උතුර යෝගිනි - නිරිත

සුබ දිශාව - දකුණ

මැයි 06 සඳුදා

මේෂ රවි 23 භාග බක් අව තෙළෙස්වක තිථිය ලත් සඳුදින. ඉර උදාව 05.55 ඉර බැසීම 06.19 රේවතී නැකත සවස 05.45න් ගෙවී අස්විද නැකත ලබයි. බක් අව තෙළෙස්වක තිථිය දහවල් 02.42න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. විශ්කම්භ යෝගය අලුයම 04.04න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. ගරජකරණය අලුයම 04.13න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 02.42න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - වයඹ යෝගිනි - දකුණ

සුබ දිශාව - උතුර

මැයි 07 අඟහරුවාදා

මේෂ රවි 24 භාග බක් අව තුදුස්වක තිථිය ලත් කුජදින. ඉර උදාව 05.55 ඉර බැසීම 06.19 අස්විද නැකත සවස 03.35න් ගෙවී බෙරණ නැකත ලබයි. බක් අව තුදුස්වක තිථිය දහවල් 11.44න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. පි‍්‍රති යෝගය අලුයම 12.30න් ගෙවී ආයුෂ්මන් යෝගය ලබා එය රාත්‍රි 09.01න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබා පවතී. විෂ්ටිකරණය අලුයම 01.12න් ගෙවී ශකුණ කරණය ලබා එය දහවල් 11.44න් ගෙවී චතුෂ්පාදකරණය උදාවී එදින රාත්‍රී 10.18න් ගෙවී නාග කරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - පතුල

මරු - බටහිර යෝගිනි - බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

මැයි 08 බදාදා

මේෂ රවි 25 භාග වෙසක් පුර පෑලවිය තිථිය ලත් බුධදින ඉර උදාව 05.55 ඉර බැසීම 06.19 බෙරණ නැකත දහවල් 01.38න් ගෙවී කැති නැකත ලබයි. බක් අමාවක තිථිය උදේ 08.55න් ගෙවී වෙසක් පුර පෑලවිය තිථිය ලබා පවතී. සෞභාග්‍යය යෝගය සවස 05.45න් ගෙවී ශෝභන යෝගය ලබා පවතී. නාගකරණය උදේ 08.55න් ගෙවී කිංස්තුංගකරණය ලබා එය රාත්‍රි 07.38න් ගෙවී බවකරණය උදාව පවති.

විෂ කලාව - ළැම, පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - නිරිත

යෝගිනි - ඊසාන, නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

මැයි 09 බ්‍රහස්පතින්දා

මේෂ රවි 26 භාග වෙසක් පුර දියවක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 05.55 ඉර බැසීම 06.19 කැති නැකත දහවල් 12.00න් ගෙවී රෙහෙන නැකත ලබයි. වෙසක් පුර පෑලවිය තිථිය උදේ 06.23න් ගෙවී පුර දියවක තිථිය ලබයි. ශෝභන යෝගය දහවල් 02.46න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. බවකරණය උදේ 06.23න් ගෙවී බාලවකරණය ලබා එය සවස 05.22න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - දකුණ

යෝගිනි - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.