ලග්නවලට සුබ අසුබ ග්‍රහයෝ

මැයි 3, 2024

 

ඡ්‍යොතිෂයේ මූලිකවම ග්‍රහයින් හත්දෙනෙකු ගැන කතා කරයි. එම ග්‍රහයින් නම් රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර හෙවත් සිකුරු හා ශනිය. මේ ග්‍රහයන්ට අමතරව ඡායා ග්‍රහයින් දෙදෙනකු වේ. එම ග්‍රහයින් නම් රාහු හා කේතු ය.

මේ රාහු ග්‍රහයා පෘථිවියට ඉහළට වන්නට උතුරින් ද, කේතු ග්‍රහයා පොළොවට දකුණින් පහළට වන්නට ද පිහිටයි.

මේ ග්‍රහයන් හට ගන්නේ සූර්යයා පෘථිවියේ ගමන් කරද්දී කැපෙන තැන (කක්ෂය) හා චන්ද්‍රයා පෘථිවියේ ගමන් කරද්දී කැපෙන තැන්වලදී ය. රාහු ග්‍රහයා සූර්යයා වටා පෘථීවිය ගමන් කරද්දී හමුවන කක්ෂයේදීත්, කේතුª ග්‍රහයා චන්ද්‍රයා පෘථිවිය වටේ ගමන් කරන කක්ෂයේදීත් හට ගනී.

ඉහත ග්‍රහයන් මඟින් පුද්ගලයකුගේ ජීවිතය හා සම්බන්ධ බලපෑම් කළ හැකි ලක්ෂණ නියෝජනය කරයි.

මේ මුළු විශ්වයම ගත් කල තත්ත්ව දෙකක් යටතේ පවතියි. එම තත්ත්ව දෙක නම් ජීවාත්ම තත්වය හා පරමාත්ම තත්ත්වයයි. ජීවාත්ම තත්ත්ව, එනම් ජීවමය ශක්තියයි. එම ජීවමය ශක්තිය ලබා ගන්නේ මනුෂ්‍ය උපතින්ය. උපතින් පසුව ඔවුන්ගේ කර්මය ගෙවා දමා එම ශක්තීන් නැවත ග්‍රහයින් වෙතට ගමන් කිරීමට සිදු වේ. ඒ වගේම මේ ලෝකයේ විනාශය සිදුවන විට එම ග්‍රහයින් විෂ්ණු ලෙස එක් වනවා යැයි ඍෂි මතවලදී බෲහත් පරාසර විස්තර කරයි.

සෞම්‍ය ග්‍රහයින් ලෙස ගුරු, ශුක්‍ර නෛසර්ගිකව සෞම්‍ය වේ. පුරපස චන්ද්‍රයා ද සෞම්‍යයයි. බුධ ග්‍රහයා සෞම්‍ය ග්‍රහයින් සමඟ සිටින විට සුබයෙක් වේ.

කෲර ග්‍රහයින් ලෙස හඳුන්වා දිය හැක්කේ රවි, කුජ, රාහු, කේතු අවපස චන්ද්‍රයා හා කෲර ග්‍රහයින් සමඟ සිටින විට කෲර වේ.

තවදුරටත් විග්‍රහ කරද්දී රාශි චක්‍රයෙන් විෂ්ණු ද ග්‍රහයින්ගෙන් විෂ්ණු අවතාර ද නියෝජනය කරයි. ඒ අනුව පහත සඳහන් ආකාරයට ග්‍රහයින් සැම දෙනාට විෂ්ණු අවතාරය මෙසේ වේ.

සූර්යයා – රාම අවතාරය

චන්ද්‍රයා – ක්‍රිෂ්ණ අවතාරය

කුජ – නරසිංහ අවතාරය

බුධ - බුද්ධ අවතාරය

ගුරු – වාමන අවතාරය

ශුක්‍ර – පරශුරාම අවතාරය

ශනි – කුරුම අවතාරය

රාහු – වරහා අවතාරය

කේතු – මත්ස්‍ය අවතාරය

එසේම ලග්න සඳහා සුබ, පාපී, ග්‍රහයින් ද ලග්නවලට හොඳම සුබ ග්‍රහයෙක් ද, තදබලම පාපි ග්‍රහයන් ද වන බව විස්තර කළ හැකිය.

මේ අනුව මේෂ ලග්නය ගත් කල සුබ ග්‍රහයන් වන්නේ රවි, සඳු, කුජ හා ගුරුය. එසේම පාපි ග්‍රහයන් වන්නේ ශුක්‍ර, බුධ හා ශනිය. එසේම මේ ලග්නයට හොඳම සුබ ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයා වේ. තදබලම පාපි ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයා වේ. මේ අනුව මේෂ ලග්න පුද්ගලයන්, මේ ග්‍රහයින්ගෙන් නියෝජනය වන පුද්ගලයන්, අවස්ථාවන් හා බැඳුණ බැඳෙන දේවල් නියෝජනය වන විට පරික්ෂාකාරි විය යුතු වේ.

වෘෂභ ලග්නය ගත්කල වෘෂභ ලග්නයට සුබ ග්‍රහයන් වන්නේ, රවි, කුජ, බුධ, ශුක්‍ර හා ශනි වේ. පාපි ග්‍රහයින් වන්නේ සඳු හා ගුරු වේ. වෘෂභ ලග්නයට හොඳම සුබ ග්‍රහයා වන්නේ ශනි ග්‍රහයා වේ. තදබල ලෙස පාපි ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයා වේ. මිථුන ලග්නය ගත් කල මිථුනයට සුබ ග්‍රහයින් වන්නේ බුධ, ශුක්‍ර, ශනි වේ. මිථුන ලග්නයට පාපි ග්‍රහයින් වන්නේ, රවි, සඳු, කුජ හා ගුරු ග්‍රහයින්ය. මිථුන ලග්නයට හොඳම සුබඵල දෙන ග්‍රහයා වන්නේ ශුක්‍ර එනම් සිකුරු ග්‍රහයා වේ. එසේම එම ලග්නයට තදබල ලෙස බලපෑම් කරන පාපි ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයා වේ.

කටක ලග්නය ගත් කල කටකයට ශුභම ග්‍රහයින් වන්නේ සඳු, කුජ, ගුරු ග්‍රහයින්ය. පාපි ග්‍රහයින් වන්නේ, බුධ, ශුක්‍ර, ශනි හා රවි වේ. කටකයට ශුභම ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයාය. එසේම කටකයට තදබලම පාපි ග්‍රහයා වන්නේ ශනි ග්‍රහයාය.

රාශි චක්‍රයේ 5 වැනි ලග්නය වන සිංහ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, ගුරු, කුජ යන ග්‍රහයින්ය. එසේම සිංහයට පාපි ග්‍රහයින් වන්නේ ශනි, ශුක්‍ර, සඳු හා බුධ යන ග්‍රහයින්ය. එසේම සිංහයට හොඳම ශුභ ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයාය. තදබලම පාපි ග්‍රහයා වශයෙන් සිංහයට බුධ ග්‍රහයා ගත හැටිය. බුධ ග්‍රහයා හා සිකුරු ග්‍රහයා කන්‍යාවට ශුභ වේ. පාපි ග්‍රහයන් වන්නේ කුජ, රවි, සඳු, ශනි හා ගුරු යන ග්‍රහයින්ය. කන්‍යා ලග්නයට හොඳම ශුභ ග්‍රහයා වන්නේ ශුක්‍ර හෙවත් සිකුරුය. තදබලම පාප ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයා වේ.

ලග්න අතරින් තුලා ලග්නයට ශුභ ග්‍රහයින් වන්නේ ශුක්‍ර හෙවත් සිකුරු හා ශනි, බුධ, කුජ යන ග්‍රහයින්ය. පාපි ග්‍රහයින් ලෙස ගුරු, රවි, සඳු ග්‍රහයින්ය. හොඳම ශුභ ග්‍රහයා වශයෙන් තුලාවට ශනි ග්‍රහයා කිව හැකිය. තදබල ලෙසම පාපි ග්‍රහයා වන්නේ ගුරු හෙවත් බ්‍රහස්පතිය. වෘශ්චික ලග්නය ගත් කල වෘශ්චික ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ ගුරු, රවි, සඳු හා කුජය. පාපි ග්‍රහයෝ වන්නේ බුධ, ශුක්‍ර හා ශනි යන ග්‍රහයෝය. හොඳම සුබම ග්‍රහයා වන්නේ සඳු ග්‍රහයාය. තදබලම පාපි ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයාය.

ධනු ලග්නයට ශුභ ග්‍රහයින් වන්නේ කුජ, රවි, ගුරු හා සඳුය. පාපි ග්‍රහයින් වන්නේ ශනි, ශුක්‍ර හා බුධය. හොඳම සුබම ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයාය. තදබලම පාපි ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයාය.

මකර ලග්නය ගත්කල මකර ලග්නයට සුබම ග්‍රහයන් වන්නේ ශනි, බුධ හා ශුක්‍රය. පාපි ග්‍රහයන් වන්නේ රවි, සඳු හා කුජ යන ග්‍රහයෝය. හොඳම ශුභම ග්‍රහයා වන්නේ ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාය. තදබලම පාපි ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයාය. කුම්භ ලග්නය ගත් කල රවි, ශුක්‍ර, ශනි, කුජ හා බුධ යන ග්‍රහයින් සුබ ග්‍රහයින් වන්නේය. පාපි ග්‍රහයන් දෙදෙනෙකි. එනම් ගුරු හා සඳු දෙදෙනාය. කුම්භ ලග්නයට හොඳම සුබම ග්‍රහයා වන්නේ ශුක්‍ර හෙවත් සිකුරුය. තදබලම පාපි ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයාය.

රාශි චක්‍රයේ අවසාන ලග්නය වන මීන ලග්නයට සුබ ග්‍රහයින් ලෙස සිටින්නේ ගුරු, සඳු හා කුජ යන ග්‍රහයන්ය. මීන ලග්නයට පාපි ග්‍රහයන් වශයෙන් හඳුන්වා දිය හැක්කේ රවි, ශුක්‍ර, ශනි හා බුධ යන ග්‍රහයන්ය. හොඳම සුබ ග්‍රහයා ලෙස කුජ ග්‍රහයාත් තදබලම පාපි ග්‍රහයා ලෙස ශුක්‍ර ග්‍රහයාත් දැක්විය හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.