නවවැන්න හා පින්පව්

ජුනි 26, 2020

පුද්ගලයෙකුගේ ජීවිතයේ සිදු කරනු ලබන පින්පව් පෙන්නුම් කරනු ලබන්නේ  9 වැන්නේ සිටින ග්‍රහයන් හා එහි අධිපතියා විසිනි.

 එමෙන්ම පුද්ගලයාගේ සසර පුරුද්දෙන් පින් හෝ පව් කෙරෙහි ඇති කැමැත්ත පිළිබඳවද නවවැන්න පරීක්ෂා කිරීමෙන් සොයාගත හැකිය. විශ්ව කේන්ද්‍රයේ නවවැන්න ධනු රාශියයි. එහි අධිපතිත්වය දරනු ලබන්නේ ගුරුය. සසර පුරුද්දෙන් කුසලකර්ම වැඩිපුර කළ පුද්ගලයාගේ කේන්ද්‍රයේ ශුභ ග්‍රහයන් වන සඳු, බුද,ගුරු හා සිකුරු යන ග්‍රහයින්ගෙන් එක් ග්‍රහයෙකු හෝ උච්චව හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් 9 වැන්නේ සිටී. 

නවවැන්නේ කුජ,ශනි, රාහු හා කේතු වැනි පාපී ග්‍රහයින් සංයෝග වී සිටියහොත් අකුසල කර්ම වැඩි වශයෙන් සසර පුරුද්දෙන් හුරුවූ ජන්මියෙකු පෙන්වයි. නවවැන්න හිමියා පාපී ග්‍රහයෙකු ලෙස 2,8,12 වැනි තැනක සිටි විට ඔහු පාපකාරි කර්මාන්ත, ව්‍යාපාර කරන අයෙක් වේ. 

නවවැන්න හා එහි තැන්පත් ග්‍රහයින් ශුභ ග්‍රහයින් වූ කල ජන්මියා මැදුම් පිළිවෙත් ප්‍රතිපත්තිය අනුගමනය කරමින් යහපත් ජීවන රටාවක් අනුගමනය කරයි. 

ඒ අනුව ජන්මියා 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.