හතේ සිටින අඟහරු විවාහය කඩයිද?

අගෝස්තු 21, 2020

අහස් සිතියමේ සනිටුහන්වන ග්‍රහයින් අතර සුවිශේෂී තැනක් හිමි වී ඇත්තේ කුජ (අඟහරු)ටයි. විශේෂයෙන් රුධිරය එඩිතරකම, ඉදිරිපත්වීම, ප්‍රචණ්ඩත්වය නිවේදනය කරනු ඇත. 

දෙමාපියන් බොහෝ දෙනෙක් බිය වී ඇත්තේ සිය දූ පුතුන්ගේ කේන්ද්‍රවල හත් වැන්නේ කුජ සිටීම නිසා ය. කුඩා දරුවන්ගේ ජන්ම පත්‍රවල අඟහරු සිරීනම් ඒ දරුවා ගැන තරමක සැකයක් සිත්වල පැල පදියම් වේ. දරුවාගේ හතේ කුජනේ ඉන්නේ ලොකු මහත්වෙන කොට කරදර පටලවා ගනීද?

විවාහයක් කරදර වෙයිද? නැත්නම් දික්කසාද වෙයිද යනාදී අනියත බියක් ඇතිකරගෙන සිටින බව නොරහසකි. හත් වැන්නේ කුජ (අඟහරු) සිටින කේන්ද්‍ර දහස් ගණනක් පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ ඔය කියන අන්දමට විවාහය කඩා නොවැටෙන බවයි. 

යුග දිවියේ අවුල් ඇතිවීමට දුක් කරුණු වද වේදනාවලට ලක්වීමද නැත්නම් පවුල අවුල් වී දික්කසාද වීම ද කුජ හතේ සිටින නිසාම වෙන බව ඇතැම් මතයකි. 

තවද කුජ හතේ සිටින අයෙකුට කුජ හහතේම සිටින කෙනෙකු විවාහයට සොයයි. කේන්ද්‍රයේ අඟහරු හතේ සිටිනු දැක්ම බියකරු දසුනක් වී ඇත. කුජ හතේ සිටින කේන්ද්‍ර හිමියන් කොන්කිරීම සැකයෙන් බැලීම හා මහා කුරිරු ග්‍රහයෙක් යැයි සිතීම මහා මුලාවක් ය. 

කුජ හතේ සිටින කෙනෙකුට කුජ හතේම සිටින කෙනෙක් විවාහ වීම අනිවාර්ය විය යුතුයි නොඑසේ නම් විවාහය කඩා බිඳ වැටේ යැයි පවසන අයද මේ අතර වේ. 

විවාහය අසාර්ථක වන්නේ කුජ හත් වැන්නේ සිටින අයගේ පමණක් ද තවද කුජ හතේ සිටින අය කී දෙනෙක් ඉතාම සාර්ථකව සිය විවාහ ජීවිත ගෙවනවාද යනාදී ප්‍රශ්න හිතට නැඟේ. කුජ හත් වැන්නේ සිටීම පෙර කරන ලද පාපයක් හැටියට සැළකීම මහා මුළාවකි. සමාජයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය ඉහළ තනතුරු දරණ සමහර පිරිසක් ද කුජට බිය වී විවාහ නොවී සිටින බවද හෙළි වී තිබේ. 

මට දැන් 58 ක් වෙනවා. මගේ කේන්ද්‍රයේ කුජ හතේ ඉන්නේ. හෙව්වා හෙව්වා ඒත් මගේ හිතේ හැටියට කෙනෙක් හම්බවුනේ නෑ. මම තවමත් අවිවාහකයි. මේ පරිපාලන නිලධාරිනියකගේ කියමනක් මෙවැනි අය කොතෙකුත් සිටී. සමහරු තෝරන්න ගිහින් විවාහය පමාවෙනවා. කුජගේ පමණක් දෝෂ හුවා දක්වමින් එය සැලකිල්ලට ගෙන ක්‍රියා කිරීම නිසා අවිවාහකව සිටින බව ද පෙනේ. 

විවාහය පමාවීමට මූලිකම හේතුව භාවාධිපතින්ගේ කීප දෙනෙකුගේ ග්‍රහ බලපෑම් හරහා ය. හත්වැන්න දුබලව දුබල ග්‍රහයින් කෲර ග්‍රහයින් හත් වැන්නේ සිට යුග දිවිය සාර්ථකව ගෙවීමට හැකි වන්නේ අන්‍ය භාවාධිපතීන්ගේ ප්‍රබලත්වය මතය. කුජට පමණක් තනිව විවාහයක් කඩා බිඳ දැමීමට නොහැකි ය. 

මිථුන, කන්‍යා, තුලා, කුම්භ ලග්නවලටද කුජ පාපියෙකි. අනිකුත් ග්‍රහයින්ගෙන් භාවාධිපතීන්ගේ බල දුබලතා අනුව හත් වැන්නේ තැන්පත් කුජ එකී ලග්නවලට සුබ ඵල ගෙන දේවි. 

හත් වැන්නේ කුජට වඩා රවි, බුධ ගුරු ග්‍රහයින් යුගදිවියේ අසහන මතුකොට ඇති අයුරු මනාව පැහැදිලි වේ. රාහු හා කේතු ඉතාම අසුබ ඵල උදාකරයයි. හත් වැන්නේ දී උච්ච, නීච වෙනසක් නොවේ. ප්‍රතිඵලය එකසේ ය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.