නිරෝගි වන්න මෙත් වඩන්න

සැප්තැම්බර් 11, 2020

ඊර්ෂ්‍යාව ,වෛරය, ක්‍රෝධය යන මානසික ස්වභාවය ඇතිවන්නේ යමක් දැකීමෙන් හා යමක් ඇසීමෙන් ඇතිවන කේන්තියෑම නැතහොත් ගැටීම හෙවත් ද්වේෂය යන මානසිකත්වය තුළින්ය. මේ වෛරය ,ක්‍රෝධය මිනිසාට උරුම දෙයක්වත් පරම්පරාවෙන් ගේන දෙයක් හෝ නොවේ. වෛරය, ක්‍රෝධය , ඊර්ෂ්‍යාව ආදීන් සිතිවිලිවලින් මතුවන නිසා භවාංග සිත ඒ කියන්නේ යටි සිත මුල්වන නිසා රුධිරය අපිරිසිදුවන අතරම ඒ තුළින් රෝගබාධ හට ගැනීමට හේතු වේ. 

සිතේ ඇතිවන අධික තෘෂ්ණාව නම් වූ විෂබීජය හටගන්නා මනසිකාරය වළක්වා ගැනීමෙන් රෝග තත්ත්වයන් වළක්වාගත හැකිය. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව නිතර නිතර ඇතිවීම එක්තරා රෝගයක් බව නොදන්නවා විය හැකිය. සමහර කෙනෙකුට අමනාපය, නොමනාපය, නොසන්සුන්කම හිතේ ඇතිවන්නට පුළුවනි. එය හිතෙන් අයින් කරගන්න බැරි වුණොත් සිදුවන්නේ නිතර නිතර ඇති වන ක්‍රෝධයයි. 

මේ ක්‍රෝධය මෙසේ ඇතිවීමෙන් සිදුවන්නේ ලේ ධාතුව දූෂ්‍යවීම ,ශරීරය දුර්වර්ණ වීම හේතුවෙන් නොයෙක් විදියේ රෝගාබාධවලින් පෙළීමයි. යම් දෙයක් තමා බලාපොරොත්තු වූ අන්දමට සිදු නොවීම, නොසිතූ විරු දේට මුහුණ දීමට සිදුවීම, යම් ගැටලුවකදී තමාගේ තීරණ පිළිනොගැනීම තමා ගැන නොසලකා සිටීම තමාට වඩා ඉහළින් කටයුතු කරනවා යයි සිතීම ආදී කරුණු කෙනෙකුගේ වෛරය නැතහොත් කෝපය ඇති වීමට බලපාන කරුණු කීපයකි. සුළු දේකට පවා වෛරය ඇතිවන පුද්ගලයාට අර්ශස් ඇතැයි කියන ජන මතයක්ද සමාජයේ ඇත. වෛරය, ක්‍රෝධය සිතේ මුල් බැසගත් අයවලුන්ට සිතිවිලි නිසා සිරුරට අහිතකර දේ සිදුවේ. මෙයට අවශ්‍යම ප්‍රතිකාරය වන්නේ භාවනාවයි. ඉන් කය හා මනස නිරෝගීව තබාගත හැකිය. පවතින හා ඇතිවන ක්‍රෝධය වෛරය තරහ නසන එකම බෙහෙත මෛත්‍රීයයි. 

මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල තරහවයි. ප්‍රතිවිරුද්ධ හා සිතුවිල්ල යන දෙකම ජීවත්වන්නේ එකම තැනකය. එනම් චිත්ත අභ්‍යන්තරයෙහිය. සිතේය. ක්‍රෝධ නොකිරීම සමහර විට අපට අමනාපය, නොමනාපය, නොසන්සුන්කම හිතේ ඇති වෙනවා. හිතේ ඇතිවන එක හිතෙන් බැහැර කරන්න බැරි වුණොත් හිතේ වෛරය ඇති වෙන්න පුළුවන්. ඒකත් සමහර විට හිතෙන් අයින් කරන්න බැරි වුණොත් හිතේ නිතර නිතර මතුවෙන ක්‍රෝධයක් හට ගැනෙනවා. මේ නිසා අන්තිමට සිදු වන්නේ කුමක්ද? නොයෙකුත් ශාරිරික රෝග මතුවීමයි. ලේ ධාතුව දූෂණය වීම හා ශරීරය දුර්වලවී නොයෙක් විදියේ රෝගාබාධ වැළඳීමයි. මෙම රෝගාබාධවලට සමහර විට බෙහෙත් නැහැ. වෛද්‍යවරුන්ට සොයා ගන්නත් බැහැ. මේ නිසා තමා තමන්ම දැඩි කල්පනාවට වැටීම නිසා අසනීප තත්වයෙන් පෙළෙන්නට සිදුවෙනවා. හිතේ නිතර කෝපය, ක්‍රෝධය බලපවත්වන අයට ලෙඩ රෝග වැඩියි. ක්‍රියාශීලිගතිය පවා නැතිව යනවා. 

මොනයම් කරුණකදී හෝ අපේ සිතට තරහවක් , වෛරයක් ඇති වූවා නම් එය අරමුණු කරගෙන පළිගැනීමට පෙළඹිය යුතු නැහැ. එසේ සිතට ආවේගශීලිබවක් හටගන්නේ කෙසේදැයි තේරුම්ගත යුතුයි. මුලින්ම කළ යුත්තේ සිතට ක්‍රෝධයත් ඇතිවුණ බව තේරුම් ගැනීමයි. එසේ නොහැකි වුවහොත් සිදුවන්නේ සුළු තරහක් පවා ක්‍රෝධයට පත්වීමයි. එය පුරුද්දකට පවා පත්විය හැකියි. එවැනි තත්ත්වයකට පත්වූවන්ගේ ගෙදර දොර පවුල් අතර දූ දරුවන් අතර මතභේද ගැටුම් නිතර නිතර ඇතිවන්නට බොහෝදුරට ඉඩ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ සිතට තරහවත් ,ක්‍රෝධයක් ආවිට එකෙන් මග හැරීමට සිතම උපයෝගී කරගත යුතු යන්නයි. යමෙකු අපට දොස් කියනවා නම් පරුෂ වචනයෙන් බණිනවා නම් කළ යුත්තේ එය නෑසුනාක් මෙන් මෛත්‍රී භාවනාවේ යෙදීමයි. දොස් කියන පුද්ගලයා කෙරෙහි වෛරී සිතක් ඇති කර නොගත යුතුයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.