නිර්මාංස වීම නව වසරේ යහ පුරුද්දක්

ජනවාරි 4, 2019

අපේ රටේ ජනතාව සුදු ජාතිකයන්ටත් වඩා මාංසමය ආහාර බුක්ති විඳීමට රුසියන් බව රහසක් නොවේ. ඔවුන් කුඩා මස් කෑල්ලක් කෑමට ගනිද්දී අපේ ඇත්තන් පිඟානේ වැඩි ඉඩක් මස්වලට ලබා දෙයි.

මාංස පරිභෝජනය නිසා සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීම, ස්ථුලවීම, හෘදයාබාධ, ආඝාතය, පිළිකා වැනි බෝ නොවන රෝගවලට ගොදුරුවීම වැඩිවීම යන අනිටු විපාකවල ගොදුරු වී අවසන්ය. එපමණක් නොව මාංස පරිභෝජනය පුද්ගලයන් තවත් අවදානමකට ඇද දමා ඇත. ඒ ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා ශරීරගතවීමයි.

වසර 2050 වන විට ප්‍රතිරෝධී ප්‍රතිජීවක බැක්ටීරියාවන් නිසා පිළිකා, දියවැඩියාව දෙකේම එකතුවෙන් මිය යන ගණනට වඩා ජනකායක් මරණයට පත් වෙන බව සොයාගෙන තිබේ. මේ හානිකර බැක්ටීරියාවන් ශරීරගත වන්නේ ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ප්‍රතිජීවක ඔසු ගැනීමෙන්, වෛද්‍යවරයා නිර්දේශ කළ ද මාත්‍රා, වාර ගණන, ගත යුතු කාලය වරද්දවා ගැනීමෙන්ය.

සත්ව ගොවිපළවල සතුන්ගේ රෝගවලට අමතරව උන් ඉක්මනින් වර්ධනය වීමට ප්‍රතිජීවක ලබා දෙයි. ලෝකයේ ප්‍රතිජීවක වැඩි වශයෙන්ම භාවිත වන්නේ සත්ව ගොවි පොළවලය. උන්ට දෙන ප්‍රතිජීවක ප්‍රමාණය රාත්තල් මිලියන 29.9 කටත් වඩා අධිකය. මිනිසා වෙනුවෙන් රාත්තල් මිලියන 7.7 කට වඩා ප්‍රතිජීවක අලෙවි කෙරේ. අමෙරිකාවේ සියයට අසූවක්ම ප්‍රතිජීවක අලෙවි කරන්නේ සත්ව ගොවිපළවලටය. මින් අපේ කෑම පිඟානට සත්ව මාංසවලින් කෙතරම් ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියාවන් ශරීරගත වෙනවාදැයි සිතා ගත හැකිනේද?

ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියාවන් ලෝක ජනගහනයෙන් වැඩි පිරිසකගේ ශරිරගත වී ඇති නිසා යළි බෝ නොවන රෝග හිස ඔසවනු ඇත. එපමණක් නොව රෝගවලින් මිය යනු ද ඇත. මේ අනතුර දැන් මුළු ලෝකයටම එල්ල වී අවසන්ය.

චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.