සෙනසුරු අපලය නසන බලවත් කපුටු දානය දෙන හරිම විදිය මෙන්න...

මැයි 10, 2019

 

අපල සහිත අයෙකුට ගුලි 9 ක් සෑහේ. මෙම ගුලි කපුටන් අනෙක් ආහාර ගැනීමට පෙරාතුව ආහාර පිණිස ලබා දෙන්න. මෙසේ නිවැරදව සිදු කිරීමෙන් සෙනසුරු අපලය බලවත්ව නැසීමට හැකියාව පවතිනු ඇත.

සෙනසුරුගේ අපලවලට කවුරුත් දක්වන්නේ බලවත් බියක්. එම බිය ඇති වීම සාධාරණ තත්ත්වයක්. මන්ද සෙනසුරුගේ බලවත් අපලකාරි කාල සීමාවක් උදා වුවහොත් එවන් කාල සීමාවන්හිදී ජන්මියාට බලාපොරොත්තු නොවන අයුරින් අශුභ පල ගෙන දීම සිදු කරනවා.

සමහර අවස්ථාවන්හිදී අත්, පා පවා බිඳ දමමින්ද ප්‍රබල රෝග තත්වයන් උදා කරමින්ද, මාරක රිය අනතුරු ආදිය ඇති කරමින්ද ජන්මියා ප්‍රබල ලෙස අඩපණ කරනු ලබන්නේය. ඒරාෂ්ටක අපල කාරී තත්වයන්ද මෙම සෙනසුරුගේ ගෝචරය නිසා බලාත්මකව ඇති වන අශුභකාරි තත්වයක් බව සිහිපත් කළ යුතුය. ඉතින් මොන දේටත් ප්‍රතිකර්ම පවතින්නා සේම මෙම සෙනසුරුගේ අපලයටත් ඡ්‍යොතිෂයේ ප්‍රත්‍යක්ෂ වූ සහන නියම කර තිබෙනවා. ඉන් එකක් ලෙස කපුටන් වෙනුවෙන් පිදෙන එළඟිතෙල් මිශ්‍ර කිරි පිඩුදානය හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව පුරාම මෙම බලවත් ශාන්තිකර්මය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් පවතින අතරම, නමුත් ගැටලුව වන්නේ මෙම දානය ලබාදීම නිසි ආකාරයෙන් සිදු කරනවාද යන කාරණාවයි.

ඔබ මෙතෙක් මෙය කුමන ආකාරයෙන් සිදු කළත් නැවත කපුටන් වෙනුවෙන් දෙන දානය සෙනසුරුගේ උච්ච අශුභතා නසන අයුරින් බලවත්ව දීමට මෙමගින් නිවැරදි අවබෝධය ලබා ගත යුතුය. මේ සඳහා පිරිසුදු එළඟිතෙල් ද ලබා ගැනීම අවශ්‍ය වන්නේය. මේ වන විට වෙළඳ පළේ ව්‍යාජ සත්ව තෙල් මිශ්‍ර එළෙඟි තෙල් පවත්නා බැවින් ඒ පිළිබඳවද සැළකිළිමත් වීම විය යුතුය.

සෙනසුරාදා දිනක උදෑසන 6.00 ට පෙරාතුව මෙම දානය පිළියෙල කර අවසන් කළ යුතුය. පළමුවෙන්ම කැකුළු සහලින් කිරිබත ඉදවා ගෙන එයට අවශ්‍ය ප්‍රමාණයට එළෙඟිතෙල් මුසු කරමින් කලවම් කර ගන්න. කිරිබත් ගුලි සෑදීමට පෙරාතුව පිරිසුදු සියයට සියයක් කපුරෙදි කැබලි 9 ක් පහන්තිර ආකාරයට අඹරා ගන්න. එම අඹරාගත් පහන්තිර එළඟිතෙල්වල පොගවා පිරිසුදු තඹ තැටියක් මත දමා අළු නොවන තරමට රන්වන් පැහැය වන තුරාවට පුළුස්සා ගන්න. දැන් එම රන්වන් පැහැවුනු එක් පහන් තිර කැබැල්ලන් එක් කිරිබත් ගුලියක් බැගින් මැදට සිටින සේ කපුටන්ට ආහාරයට ගත හැකි අයුරින් ගුලි සාදා ගන්න. අපල සහිත අයෙකුට ගුලි 9 ක් සෑහේ. මෙම ගුලි කපුටන් අනෙක් ආහාර ගැනීමට පෙරාතුව ආහාර පිණිස ලබා දෙන්න. මෙසේ නිවැරදව සිදු කිරීමෙන් සෙනසුරු අපලය බලවත්ව නැසීමට හැකියාව පවතිනු ඇත. නැතිනම් නිසියාකාරව සකසා නොගත් කිරිපිඩු ගුලි කපුටන්ට දීමෙන් සිදු වන්නේ උන්ගේ ජිවිතවලටද හානි සිදු වීමෙන් තවත් පව් ගොඩක පැටලීමකි. ඔබට සෙනසුරුගේ දොස් නැසී ප්‍රත්‍යක්ෂ සහනය සැලසේවා

 

ඡ්‍යොතිෂවේදි , වාස්තු විද්‍යාවේදී,

හස්ත රේඛා ශාස්ත්‍රඥ

කේ.පී.ක්‍රිෂාන්ත

පි‍්‍රයදර්ශන සුරවීර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.