කුරුටු සටහනෙන් ජීවන තොරතුරු

ජුනි 28, 2019

අපි පෑනක් හෝ පැන්සලක් අතැතිව මේසයක් ළඟ වාඩි වී සිටින ඇතැම් අවස්ථාවල නිකරුණේ ඉරි ඇඳීම, මල් ඇඳීම විවිධ රූප ඇඳීමට පුරුදු වී සිටිමු. මෙම ඇඳීම (කුරුටුගෑම) ලෙසද නම් කරයි. නිරායාසයෙන්ම තම සිතැඟි පරිදි ඉබේම සිදුවන මෙම කුරුටුගෑමෙන් කෙනෙකුගේ සැඟවී ඇති ජීවන තොරතුරු මනාව හෙළි වනු ඇත.

තමාටම නොදැනී තම අතින් සටහන් වන කුරුටු සටහනින් ඒ පුද්ගලයාගේ සැඟවී ඇති බලාපොරොත්තු ආශාවන්, විවිධ හැඟීම් පිළිබිඹු කරන බව මනෝ විද්‍යාඥයකු වූ රොසාන් සිය පර්යේෂණයෙන් අනාවරණය කර ඇත.

එමෙන්ම අප රටට වඩා විදේශීය රටවල මෙම කුරුටු සටහන් කෙරේ. දැඩි විශ්වාසයක් මෙන්ම සතුටක් දරන බවද ඒ පිළිබඳ විමසීමෙන් මොනවට පෙනේ. එක්සත් ජාතීන්ගේ විද්‍යාඥයින් පිරිසක් සහ කැනේඩියානු විද්‍යාඥයින් පිරිසත් එකතු වී බ්‍රිතාන්‍යයේ පරමානු බල මධ්‍යස්ථානයේ දී වැදගත් සාකච්ඡාවක් කරන අතර තුරදී විද්‍යාඥයින් අතින්ද ඉබේම ලියවෙන එම කුරුටු සටහන් ඉන් පිටතට නොයන පරිදි කටයුතු කරනු ලැබීය. සාකච්ඡාව අවසන් වූ වහාම එම කුරුටු සටහන් පුලුස්සා දමනු ලැබීය. ඊට හේතු වූයේ එම කුරුටු සටහන් මඟින් විද්‍යාඥයින්ගේ පුද්ගලික රහස් හෙළිදරව් වේවිය යන අදහසක් ඔවුන් තුළ තිබූ බැවිනි.

යුද්ධයක් පැවති කාලයේ දී ඇතැම් යුද නිලධාරීන් ඇඳ ඇති කුරුටු සටහන්වලින් පිළිබිඹු වී ඇත්තේ තම සතුරන්ට දඬුවම් දෙන අයුරු ඒ පිළිබඳ සටහන් පරීක්ෂා කිරීමෙන් එළිදරව් වී ඇත.

ඇතැම් අය අඳින ලද කුරුටු සටහන් ඉතාමත් තදින් ඇඳ ඇති අතර ඒවා ක්‍රමානුකූලව ඇඳ ඇත. මේ අය තම යහපත සඳහා ක්‍රමානුකූලව මෙන්ම ඉතා විමසිලිමත්ව කටයුතු කරන අයයි.

සමහර මානසික දුබලතාවයන්ගෙන් පෙළෙන අය පුවත්පත්වල ඉඩ ඇති කුඩා තීරුවල කාසිමෙන් සටහන් කරනු ලැබේ. ඒ අයගේ මනසේ පවතින දුබලතාවය ඉන් පිළිබිඹු වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වාස්තු විද්‍යා විශාරද, ඡ්‍යොතිර්වේදී, සැලසුම් ශිල්පී සාමවිනිසුරු,

රත්නදේශපි‍්‍රය අමරසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.