හෙළ වෙද ග්‍රන්ථ පහක් දොරට වඩියි

සැප්තැම්බර් 29, 2023

අපේ ජීවන රටාව සකස් කර ගත යුත්තේ කෙසේද යන ගැඹුරු සාකච්ජාව තමයි අද ලෝකය තුළ පවතින්නේ අපි අවුරුදු දහස් ගණනක් දීර්ඝ කාලයක් තිස්සේ අපේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය නිරන්තරයෙන්ම නීරෝගී සුවය උදෙසා ඉවහල් වන ජීවන ක්‍රම මෙන්ම ජීවන රටාවන් අනුගමනය කළා. ඉන් මිදුණු තැන ලෙඩවුණ ජාතියක් බවට පත්වුණා යැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නිතීඥ සිසිර ජයකොඩි කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති වෛද්‍ය සමාධි ශෂිකලා විජේරත්න මහත්මිය විසින් රචිත ග්‍රන්ථ පහක් දොරට වැඩීමේ උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ ය.

එහිදී වෛද්‍ය සමාධි ශෂිකලා විසින් නීරෝගී දිවි පෙවෙතක් හා ජීවන රටාවක් සඳහා ඉවහල් වන කරුණු ඇතුළත් සිංහල භාෂාවෙන් රචිත නාඩි, සොබාදහමේ වෙදකම සහ හෙළ අස්වැද්දුම හා සංකල්පනා යන ග්‍රන්ථ හා ඉංග්‍රීසි භාෂාවෙන් රචිත Holistic Medicine, Sports Physiology  යන ග්‍රන්ථ දොරට වැඩීම සිදු කෙරුණ අතර එහිදී ඒ මහත්මිය විසින් රචිත ගීත ද්විත්වයක්ද එළි දැක්වීම සිදු විය. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.