2024.04.13 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 13, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 09.07 - 10.39
සුබ දිශාව - උතුර

 

මේෂ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. අලුත් හිතමිතුරු ඇසුරකට කටයුතු යෙදෙන බවක් පෙනේ. අවිවේකී ලෙස දවස ගෙවෙන දිනයකි.

වෘෂභ

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. පවුලේ අයවෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මිථුන

විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදා කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

කටක

පවුලේ බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

සිංහ

නිතර ඇවිදිලි වැඩි කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. ගේ දොර කටයුතුවල වෙනසක් සිදුවිය හැකි දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි.

තුලා

නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. වියදම් අධික වන දිනයකි. අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදු කරයි.

ධනු

පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. දුර ඥාතියකු තමා සොයාගෙන එන බවක් පෙන්නුම් කරයි. හදිසි ලැබීමකට ඉඩකඩ ඇති බවක් පෙනේ.

මකර

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට කටයුතු උදා කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් උපකාර පත න බවක් පෙනේ. තීරණයක් සාර්ථක කරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.