2024.04.28 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 28, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 04.46 - 06.19
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

හදිසි සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන ලකුණු පෙන්නුම් කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කරුණු උදා කරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

වෘෂභ

මත ගැටුමක් සමතයකට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර පවුලට යන එන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා දිනයකි.

මිථුන

තනතුරු ලාභ හිමිකම් ඇති බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ සතුටින් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වගකීම් බහුල කටයුතු කීපයක් යෙදේ.

කටක

පවුලේ අයගේ උදව් උපකාර හිමි කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

සිංහ

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

කන්‍යා

දේපල ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

තුලා

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. එහෙත් දරුවකුගේ කටයුතු නිසා සිතේ චංචල බකින් කටයුතු සිදු කරයි. හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදු කරන දිනයකි. හදිසි අජීර්ණ ආබාධයකට හේතු ඇති කරයි.

වෘශ්චික

ගැටලුකාරී ලෙස එදිනෙදා කටයුතු සිදුකරයි. පවුලේ අය අතර සිත් අමනාපයකට තුඩුදෙන කරුණු ඇති වීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

ධනු

විශේෂ හිතවත්කමකට කටයුතු සැලසෙන දිනයකි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ශරීර සෞඛ්‍යය එතරම් දුරට යහපත් නොවන දිනයකි.

මකර

අමතර වෙහෙසීම් බහුල කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙනේ.

කුම්භ

අලුත් බැඳීම් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිවෙසින් පිට වාසයට කරුණු උදා කරන දිනයකි.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වයක් ගැනීමට හැකිවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.