2024.04.18 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 18, 2024

 

ඉර උදාව පෙ.ව. 06.01

ඉර බැසීම ප.ව. 06.19

රාහු කාලය දවල් 01.42 - 03.15

සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වන දිනයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන දිනයකි. පවුලේ වගකීම්වලදී මූලිකත්වයක් ගෙන කටයුතු සිදු කරයි.

මිථුන

විශේෂ ගමනකට සැලසුමක් ඇති කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතුකරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

කටක

දේපළ ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනෙන්. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි.

සිංහ

සැනසිලිදායක බව තරමක් දුරට අඩුවන බවක් පෙනේ. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. හදිසි ලාබ හිමිකම් ඇති දිනයකි.

කන්‍යා

අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි. ගේ දොර කටයුතුවල වෙනසක් සිදු විය හැකි දිනයකි. බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ.

තුලා

නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. වියදම් අධිකවන දිනයකි. අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදු කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

ධනු

පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. දුර ඥාතියකු තමා සොයා ගෙන එන බවක් පෙන්නුම් කරයි. හදිසි ලැබීමකට ඉඩකඩ ඇති බවක් පෙනේ.

මකර

නිතර ගේ දොර කටයුතු අධික කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව සැලසේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් උපකාර පතන බවක් පෙනේ. තීරණයක් සාර්ථක කරන දිනයකි.

මීන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.