2024/03/19 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 19, 2024

 

ඉර උදාව පෙ.ව. 06.01
ඉර බැසීම ප.ව. 06.19
රාහු කාලය උදේ 10.37 - 12.10
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා අමතර කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘෂභ

නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත්කරයි. නිතර ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.

කටක

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අවිවේකී බව මඟහැරී යන දිනයකි.

සිංහ

හදිසි ගණුදෙනුවකට කටයුතු උදා කරයි. මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරන දිනයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

තුලා

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගේ උදවු උපකාර ඇතිව කටයුතු කීපයක් සිදු කරයි. වයසින් වැඩි අය සමඟ ඇසුරට යොමුවන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදු කරන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. දූ දරු සමඟියට කටයුතු සැලසෙන දිනයකි.

ධනු

උත්සාහයෙන් එදිනෙදා කටයුතු සිදු කරන බවක් පෙනේ. අලුත් රැකියා ලැබීම්වලට හිමිකම් ඇති කරයි. උදරගත ආබාධයකින් පීඩා අත්කරයි.

මකර

වගකීම් බහුල කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. අසල්වැසි සුහදතාවයට බාධා ගෙනදෙන දිනයකි.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. හදිසි ජයග්‍රහණවලටද ඉඩකඩ ඇති බවක් පෙනේ. සමාජසේවා කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන දිනයකි.

මීන

අවිවේකී ලෙස දවස උදාකරයි. දරුවකුගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර වියදම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.