2024.04.20 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 20, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 09.04 - 10.37
සුබ දිශාව - දකුණ

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

නොසන්සුන්කාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා ගෘහ ජීවිතයේ කටයුතු අධික කරයි. මූත්‍රගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

මිථුන

මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කරයි. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදු කරගන්නා දිනයකි.

කටක

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

සිංහ

හදිසි සැලසුමක් සාර්ථක කරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි.

කන්‍යා

සිතේ සතුට ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

තුලා

මත ගැටුමක් සමතයකට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර පවුලේ අයගේ මෙන්ම හිතවතුන්ගේ ද ප්‍රසාදයට පත්වන දිනයකි.

වෘශ්චික

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

විශේෂ හිතවත්කම්වලට තුඩුදෙන කරුණු කීපයක් ඇති කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. තරග විභාග ජයග්‍රහණයක් හිමි කරන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇැසුරට කටයුතු සැලසේ. සෙම් රෝග, වාත අමාරු බහුල දිනයකි.

කුම්භ

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් සාර්ථක කරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. පැරැණි පෙම්සබඳතාවයක් අලුත්වීමට ඉඩ ඇත. මනසට පීඩාකාරී සිතිවිලි කීපයක් ඇති කරයි. නිතර ආගමික කටයුතුවලට සම්බන්ධවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.