2024.04.25 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 25, 2024

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - දවල් 01.41 - 03.14
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ
කලබලකාරී ලෙස දවස උදා කරයි. යොදාගත් කටයුතු කීපයක් ප්‍රමාදකරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.
වෘෂභ
නොසැලකිලිමත් ලෙස කටයුතු කීපයක් සිදු කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන බවක් පෙනේ. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇති දිනයකි.
මිථුන
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. එමෙන්ම පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
කටක
සැනසිලිදායක බව තරමක් දුරට අඩුවන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි.
සිංහ
අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. අසල්වැසි සුහදතාවයට කරුණු ඇතිකරන කටයුතු කීපයක් යෙදේ.
කන්‍යා
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැවැති උදාසීන ගති පැවතුම් මඟහැරී යන දිනයකි.
තුලා
මෙතෙක් පැවැති අවිවේකී බවකින් නිදහස උදා කරයි. නිතරම තම රූපාලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
වෘශ්චික
හිතුමතයට කටයුතු කීපයක් සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.
ධනු
සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැවැති ශාරීරික අපහසුතා කීපයක් මඟහැරී යයි. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදුකරන දිනයකි.
මකර
මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. දරුවකු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කුම්භ
මෙතෙක් පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරන දිනයකි.
මීන
වගකීම් බහුල දිනයක් වන අතර, යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.