2024.04.26 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 26, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 10.35 - 12.09
සුබ දිශාව - උතුර

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී.

වෘෂභ

නිතර ඇවිදිලි වැඩි කරයි. වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

මිථුන

විශේෂ සැලසුමකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. ගතට සිතට වෙහෙසීම් වැඩි කරන බවක් පෙනේ.

කටක

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උනන්දුවෙන් කටයුතු සිදුකරන දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. මෙතෙක් පැවැති නොසන්සුන්කාරී බව මඟ හැරී යයි. අලුත් සැලසුමකට අතගසන දිනයකි.

කන්‍යා

වගකීම් බහුල කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. පාදයේ ආබාධයක් නැවත මතුවන ලකුණු පෙනේ.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ. දානමය කටයුත්තකට සහභාගිවීමට කටයුතු උදා කරයි. ප්‍රභූ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

ණය ගනුදෙනුවකින් නිදහස් සැලසෙන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායක බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

ධනු

අමතර ලැබීම් අතින් යහපත් කරයි. නිතර වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. පවුලේ අය සමඟ දුරගමනකට සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා මුදල් වියදම් වැඩිවන බවක් පෙන්නුම් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කුම්භ

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසේ. අමතර ලැබීම් සහිත දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි.

මීන

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. වැඩිහිටි උපකාරයක් හිමිකරන දිනයක් වන අතර පවුලේ බැඳීම්වලට හේතු ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.