වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය විවෘත වූ දා සිට (DSAC) ඇති පාඨමාලාව
විෂය මාලාව
සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යාපන විෂය මාලාව ඉතා පුළුල් වූවකි. විෂය 25 ක් පමණ පාඨමාලාවට අයත් ය.
ත්‍රිදෝෂ තත්ත්වය සහිත ශාරීර ක්‍රියා විඥානය
රෝග විඥානය
ද්‍රව්‍යගුණ විඥානය
පරිභාෂා (භෙෂජ කල්පනා සහිත)
උද්භිජ විද්‍යා
අගද තන්ත්‍රය
ව්‍යවහාරායුර්වේදය
වාජීකරණ තන්ත්‍රය
පදාර්ථ විද්‍යාව
ශාලාක්‍ය තන්ත්‍රය
ස්ත්‍රී රෝග
භග්න චිකිත්සා
ස්වාස්ථ්‍ය වෘත්ති
රසෞෂධ විඥානය
ගර්භිණී සූතිකා රෝග
රසායන තන්ත්‍රය
කර්මාභ්‍යාශය
ශල්‍ය තන්ත්‍රය
ඉංගී‍්‍රසි භාෂාව යනුවෙනි.
කායචිකිත්සා
පරිචය¸ාශික්ෂා
පථ්‍යාපථ්‍ය
කෞමාරභෘත්‍යය
ප්‍රසූති තන්ත්‍ර
ජීවාණු විද්‍යාව
වංගභාෂාව
සංස්කෘත භාෂාව
ස්වදේශීය චිකිත්සා ක්‍රමය මෙහි අනිවාර්ය විෂයයක් වශයෙන් සලකනු ලැබේ. රෝග විඥාන, කාය චිකිත්සා ඇතුළු තවත් පාඩම් කීපයක් අධ්‍යක්ෂතුමා විසින්ම උගන්වනු ලැබේ. මෙහි සෑම ශිෂ්‍යයෙක්ම අවුරුදු දෙකක් අධ්‍යක්ෂතුමා යටතේ වෛද්‍ය කර්‍මාභ්‍යාසයක් ලැබිය යුතු ය. මේ කාලය තුළ වෛද්‍යකර්මය පමණක් නොව වෛද්‍යවරයෙකුට අවශ්‍යයෙන් පිහිටිය යුතු ගුණදහම් ගැන ද පුහුණුවක් ලැබෙන බව කිව යුතු ය. මේ කාලය තුළ ඇතිවන ශිෂ්‍යයාගේ මානසික දියුණුව ඔහුගේ මුළු ජීවිත කාලය තුළම හොඳ ප්‍රතිඵල ගෙන දෙන්නක් බව කීම සුදුසු ය. මේ අන්දමින් ශිෂ්‍යයන් කෙරෙහි හිතානුකම්පාවෙන් දුර්වල තැන් බලා දෙන අධ්‍යාපන ක්‍රමයක් තවත් තැනක ඇත්දැයි නොදනිමි. නවීන විද්‍යා සම්බන්ධ මනා අවබෝධයක් ශිෂ්‍යයන්ට ලබාදීම සඳහා ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ වැඩිපුර ඉගෙනීමක්ද, වංග භාෂාව පිළිබඳ ක්‍රමවත් අධ්‍යාපනයක් ද දෙනු ලැබේ. නවීන විද්‍යාව පිළිබඳ සිංහලෙන් සෑහෙන තරම් පොත් පත් පළවී නොමැතිකමේ පාඩුව පිරිමසා ගැනීමට එකී වංග භාෂාව ඉගෙනීමෙන් මෙහි ශිෂ්‍යයින්ට ලැබී ඇති වරප්‍රසාදය ඉතා වැදගත් බව කිව යුතු ය.
මෙම විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් උත්තීර්ණවන උපාධිධාරීන් කල්කටාවේ අෂ්ටාංග ආයුර්වේද විද්‍යාලයේ පශ්චාත් උපාධි පන්තියට ඇතුළුකර ගැනීමද අතිරේක වරප්‍රසාදයකි.
වර්තමාන ආචාර්ය මණ්ඩලය
අධ්‍යක්ෂතුමා ඇතුළු කල්කටා අෂ්ටාංග ආයුර්වේද විද්‍යාලයේ ඇල්.ඒ. ඇම්.ඇස්. උපාධිධාරීන් දෙදෙනෙක් ද, ඇම්.ඒ. ඇම්.ඇස්. උපාධිධාරීන් දෙදෙනෙක් ද ඩී.ඇස්.ඒ.සී. උපාධිධාරීන් සය දෙනෙක් ද, ඉංගී‍්‍රසි, වංග, සංස්කෘත භාෂා ආදිය පිළිබඳව කථිකාචාර්යවරු ද දේශීය චිකිත්සාව පිළිබඳව පාරම්පරික වෛද්‍යවරුන් කීපදෙනෙක් ද ආචාර්ය මණ්ඩලයෙහි වෙති.