ග්‍රහයින්ගේ සුබපල දුබල දශා පිළිවෙල

අගෝස්තු 14, 2020

රවිගේ සුපල දශාව 

සුවඳ, ඇත් දත්, දිවි සම්, දිවි නියපොතු, රන් සුල්දැල් ලබයි. රජුගෙන්, යුධයෙන්, නපුරු අයගෙන් වාසි පැමිණේ. බියක් සිතේ නැත. ධෛර්ය ඇත. බලවත් අයෙකි. ප්‍රසිද්ධයි. රවි දශාව පලයි. 

රවි දුබල නම් 

රවි දුබලව උපන්නේ නම් ඔහු යම් රැසක වේ නම්, අඹුවන්ගෙන් දූදරුවන්ගෙන් දුක් ලබයි. මුදලෙන්, සතුරන්ගෙන්, ආයුධවලින්, රජුගෙන්, ගින්නෙන් දුක් ලබති. 

සඳුගේ සබපල දශාව 

වෙළඳාමෙන් හා මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ගිතෙල් දුන්තෙල් රෙදි, දූ කෙලියෙන්, මල් කර්මාන්තවලින්, කපු පුළුනෙන්, උඳුයෙන් ලාබ ලැබේ. සත් පුරුෂයන්ගෙන්, දෙවියන්ගෙන්, නැණැති දරුවන්ගෙන් ධනය සැපය ලබයි. 

සඳුගේ දුබල දශාව

නිදිමත අධිකය. අලසයි. නුවණ මදය. ධනය නැත. නෑයින්ට සතුරුයි. දබරයට කැමතියි. 

කුජගේ සුබපල දශාව 

අඟහරු බලවත් වී නම් සතුරන් සමඟ දබර මැඩ පවත්වයි. රජයෙන්, සොහොයුරු දනගෙන් ධනය ලබයි. කටයුතු සාර්ථකව කරයි. සිරිමත් වෙයි. 

කුජගේ දුබල දශාව

වීරිය බලය ඇත. පරඹුන් වෙත ඇලෙයි. නපුුරු දන ඇසුර ලැබේ. නපුරු ක්‍රියා කරයි. රළු බස්ය. හැඩ පරුෂ භාවය ලබයි. 

බුධගේ සුබපල දශාව

මිතුරන්ගෙන් ගුරුන්ගෙන් ලාබ ලැබේ. පඬි දනන්ගෙන් පැසසුම් ලබයි. පස්ලෝ, රත්රන්, පොළොව සම්බන්ධ ක්‍රියා කරයි. 

බුධගේ දුබල දශාව 

සිරගතවීම ද, ලෙඩ දුක් රෝග ද ඇතිවෙයි. කතාවෙන් පාඩු ලැබේ. 

ගුරුගේ සුබපල දශාව 

ගුරු මහ දශාව සුබ වේ නම්, නව ශිල්ප උගනී. ධෛර්යය ලැබේ. රූමත් වේ. මන්ත්‍ර වෙදකම් දැනුම ලබයි. පොහොසත් වේ. ශූර වේ. රාජ කරුණා ලබයි. රත්න ලාබ ලබයි. ආචාර්ය වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.