වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ පැවති සුබසෙත, තරුණී ආශිර්වාද ග්‍රහ පූජාව දා
සුබසෙත සහ තරුණි පුවත්පත ඒකාබද්ධව පසුගියදා රටට ජනතාවට සෙත්පතා ආශිර්වාද ග්‍රහ පූජාවක් කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ දී සිදු කැරිණි. එම අවස්ථාවට දිවයිනේ විවිධ පළාත් වලින් විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වූහ. මෙහිදී දරුවන් අහිමි මවු වරුන්ට දරුවන් පතා ද විවාහ ප්‍රමාධ තරුණ තරුණියන් හා ශිෂ්‍යත්ව - සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට පෙනී සිටින දූ පුතුන් ද මෙම අවස්ථාවට පැමිණි සිටි බව පෙනෙන්නට තිබුණි.
කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ භාරකාර තැන්පත් කුලරත්න විජේතුංග මහතාගේ පූර්ණ ආශිර්වාදය මත විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපු මහතා ඩී.ඒ.එස්. ගුණරත්න මහතාගේ ද සංවිධායකත්වයෙන් හා දේවාලයේ අනෙකුත් දේවාල වල කපුමහත්වරුන්ගේ ද සහයෝගයෙන් ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ගුප්තවිද්‍යා විශාරද චතුර්වේද පණ්ඩිත් ආචාර්ය චන්දන සතරසිංහ මහතා විසින් මෙම පූජාව මෙහෙයවන ලදි.
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ