වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
2023.07.24 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජූලි 23, 2023
ඉර උදාව – පෙ.ව.06.03
ඉර බැසීම – ප.ව. 06.31
රාහු කාලය – උදේ 07.36 - 09.10 දක්වා
සුබදිශාව – දකුණ
මේෂ
අමතර ගමන් බිමන් බහුල දිනයකි. නිතර තම ඇඳුම් පැළඳුම් ගැන වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. අලුත් ව්‍යාපාරයකින් ලාභ හිමි කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.
වෘෂභ
ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරන දිනයකි. දරුවකුගේ හිතුවක්කාර ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. අලුත් ව්‍යාපාරයක් ඇරඹීමට සැලසුමක් ඇති කර ගනී.
මිථුන
හදිසි ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක් වන ලකුණු පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට සැලසෙන දවසකි.
කටක
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාකරයි. මෙතෙක් බාධාකාරී ලෙස කරගෙන ගිය පෙම් සබඳතාවකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරයි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධවන දිනයකි. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරී වන්න.
සිංහ
මත ගැටුමක් සමතයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. පාදයේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වන දිනයකි.
කන්‍යා
ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් අතර මඟ නවතා දැමීමට සිදුවන දවසකි.
තුලා
මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක වෙනස්කම් කීපයක් සිදුකරයි. දරුවකු ගැන සතුටට පත්විය හැකි දිනයකි. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ අසනීපකාරී බවක් ඇති කරයි. අමතර ලාබ ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ.
වෘශ්චික
නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කරුණු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. ආහාරපාන ගැනීමේ දී වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි.
ධනු
අවිවේකී ලෙස සතිය උදා කරයි. අලුත් ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. කල්ගත වූ ණය මුදලක් හිමි වන ලකුණු පෙන්නුම් කරයි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. දුරදිග කල්පනාකර බලා තීරණ ගැනීම යහපත් කරයි.
මකර
ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. අමතර ආදායම් මාර්ග හිමි කරන සැලසුම් කීපයක් සාර්ථක කරයි. නිතර පවුලේ අයගේ දෝෂාරෝපණයකට ලක් වන දිනයකි. දානමය කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. මුදල් හුවමාරුවක් කරගැනීමට සිදුවන දිනයකි.
කුම්භ
අවිවේකී ලෙස දවස උදාකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු යෙදේ. ගුප්ත කටයුතුවල නැඹුරුවන බවක් පෙනේ. අසල්වැසි සිත් නොහොඳකමක් දුරදිග යන කාලයකි. උෂ්ණාධික රෝගයකින් පීඩාවිඳීමට සිදුවේ. දියර වර්ග පානය කිරීම සුබදායක දිනයකි.
මීන
ශාරීරික වෙහෙස මහන්සියට හේතු යෙදේ. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු උදාකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00