අවුරුදු නැකැත් ඉතාම නිවැරැදියි

- ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. ඇම්. ගුණපාල
මාර්තු 29, 2024

 

අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය නැකැත් කමිටු සාමාජික ප්‍රවීණ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතා පවසයි.

පුණ්‍ය කාලයේ අපර භාගයේ තත්කාල නැකැත් යෙදෙන මොහොතේ උදාව පවතින ධනු ලග්නය අනුව යෙදී ඇති ග්‍රහ පිහිටීම් අතිශය ප්‍රශස්ත බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අනුව රවි සහ ගුරු පස්වැන්නේ යෙදී ඇත්තේ භාග්‍යත්භාග්‍ය යෝගය උදා කරමිනි. සෙනසුරු සහ අඟහරු යන පාපීන් තුන්වැන්නේ යෙදී සිටීම පුරාණ ඡ්‍යොතිෂ ග්‍රන්ථවලට අනුව සුබදායකය.

මහජනතාව පෙන්වන හතරවැන්න අධිපති ගුරු පස්වැන්නේ යෙදී සිටීම ජනතාව සැපවත්, ආගම් භක්තියෙන් යුතු පිරිසක් බවට පත් කරන අතර රාජ්‍යත්වය පෙන්වන දසවැන්න අධිපති බුධ සමඟ සිකුරු හතරවැන්නේ පිහිටීම මෙයට තවත් උපකාර කරයි.

මේ අනුව අදාළ නැකැත් පරිදි චාරිත්‍ර ඉටු කිරීම මඟින් ජනතාව නිද්‍රාශීලී නොවී කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට පෙලඹෙනු ඇති බව ආචාර්ය ගුණපාල අවධාරණය කරයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.