ලග්න හයකට සුබපල උදාකරමින් දොළොස් වසරකට පසු ගුරු වෘෂභයට එයි

අප්‍රේල් 26, 2024

කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභ

තුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පල

වෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු වේ

මේෂ, තුලා, ධනු, මීන ලග්න හිමියන්ට කීර්තිය

ග්‍රහ ලොව ප්‍රඥාකාරක ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දොළොස් වසරකට පසු 2024 මැයි මස 01 බදාදා දහවල් 01.06ට සිකුරු හිමි වෘෂභ රාශියට පිවිස 2025 මැයි 14 රාත්‍රි 10.36 දක්වා වෘෂභ රාශියේ ගමන් කරයි.

මේ ගමන සිදු වන්නේ රවි හිමි කැති නැකැතේ 2,3,4 පාදයන්ගෙන් අරඹා සඳු හිමි රෙහෙණ නැකැතේ පාද හතරම ද කුජ හිමි මුවසිරස නැකැතේ 1 සහ 2 පාද ද ඇසුරු කරමිනි.

ඒ අනුව ගුරු මාරුව කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට සුබ පල ගෙනෙන අතර මේෂ, තුලා, ධනු, මීන ලග්නවලට සමපලදායක වේ. එසේ වුව ද ඒ ඒ පුද්ගලයාගේ ජන්ම කේන්දරය අනුව ඒ ඒ ලග්න හිමියාට ගුරු මෙන්ම සඳුගේ ද බල දුබලතා අනුව පලාපල හිමිවන බව සිහි කළ යුතුය.

ගුරුගේ වෘෂභ රාශිගත වීම සමස්තයක් ලෙස ගත් කල සියලු ලග්න හිමියන්ට බරපතළ අන්දමේ අයහපතක් ඇති නොකරන බව පෙනේ.

සූර්යයාට පමණක් දෙවැනි ගුරු සෑම දෙයක්ම පතුරන ග්‍රහයා වෙයි. මිනිසාගේ දියුණුවට උසස්වීමට වුවමනා කරන සියලු දේට ගුරු බලපවත්වයි. ගුරු ප්‍රඥාවට අධිපති වෙයි. ප්‍රඥාව නරකට හරවා ගත නොහැකි යහපත කරා ගමන් කරයි.

එබැවින් මේ ගුරු මාරුවෙන් ඇති වන පලදීම යහපත්ය. ව්‍යාපාර කටයුතු දියුණුවේ. ජනතාවට උරුම හිමිකම් ලැබේ. ලෝකයේ රටවලට රෝ බිය, යුද බිය, පාලකයන් අතර, වෛරය, වාද භේද ඇති විය හැකිය.

ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ හතර වැන්නට ගුරු පැමිණෙයි. හතර වැන්න ගුරුට සුබයි. ජනතාවට සතුට සැපත උදාවේ. දෛවඥ කාම ධේනුවට අනුව ගුරු යුක්තිය සාධාරණය ඉටු කරයි. ආර්ථිකය ධන සම්පත් දියුණුවට මං පෙත් විවර වේ. රට වෙනුවෙන් රට වැසියා වැඩ කරන කාලයක් ඇති වනු ඇත. කෘෂිකාර්මික ප්‍රබෝධයකට ඉඩකඩ සැලසේ. නිසි ලෙස වැසි ආදිය ලැබීම නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා සුබදායකය. ආහාර සුලභ වෙයි. ජනතාවගේ ආදායම් මාර්ග ධනාත්මක ලෙස වර්ධනය වීමට කටයුතු සැලසෙයි. නව නිපැයුම් තාක්ෂණික ශිල්ප ක්‍රම වැඩි දියුණු වෙයි. විදේශ රටවල ආධාර උපකාර ද හිමිවෙයි.

අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල පැවැති බාධක අවහිරතා දුරු වීමට කටයුතු යෙදෙයි. එකී ක්ෂේත්‍රවල පැවැති ගැටලු සඳහා විසඳුම් ලැබෙන කාලයකි. නව රැකියා අවස්ථා උදා වනු ඇත.

මුව ආදී වන සතුන්ගෙන්, මීයන්ගෙන් පැළෑටි විනාශ කරන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කෙත්වතුවලට කුඹුරුවලට වෙනත් භෝග වගාවන්ට හානි ඇති විය හැකිය. ඒවායින් වගා ආරක්ෂාකර ගත යුතුය. එහෙත් වැඩි පල ලැබේ. වැල්වල හටගන්නා භෝග වර්ග සශ්‍රීක වේ. මිථ්‍යා දෘෂ්ටික අය හා ඔවුන් ඇසුරු කරන, අනුගමනය කරන අයට අයට සුබ නැත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.