අලුත් අවුරුද්දම ජවසම්පන්න කරමින් අඟහරු මීන රාශියට එයි

අප්‍රේල් 12, 2024

 

 අඟහරු මීන රාශියට එයි

අභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට

සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා පෙරවරු 08.38ට බ්‍රහස්පති හිමි ජල රාශියක් වන මීනයට මිත්‍රශීලිව සංක්‍රමණය වෙයි.

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන සස යෝගය පවතින අතර සියලු ලග්න හිමියන්ට බලපාන නීච භංග රාජ යෝගය සමඟ මේ සංක්‍රාන්තිය යෙදීමෙන් අභියෝගවලට මුහුණ දී ජය ගැනීමේ හැකියාව සියලු දෙනාට උදා වේ. ජලකාරක රාශියක් වන මීනයට යුදකාරක කුජගේ පැමිණීම සංකීර්ණ සිතිවිලිවලින් යුතු පුද්ගලයන් බිහි කරයි. වරෙක ආවේගශීලී වුවද ඊළඟ මොහොතේ අනුකම්පාව මුල් කරගෙන කටයුතු කිරීමට පෙලඹීමක් ඇති කරයි. පෞද්ගලික කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව අඩු වැඩි වුවද ආර්ථික ශක්තිය සහ සම්භෝග වාසනාව සියලු ලග්න හිමියන්ට හිමිවන කාල පරිච්ඡේදයකි.

සිංහ ලග්න ජනරජ කේන්දර ග්‍රහසටහනේ 03, 07, 10, 11, 01, 04 භාවස්ථාන කෙරෙහි ප්‍රබල ලෙස බලපාන මේ සංක්‍රමණය නිසා නව ජවයකින් යුතුව කටයුතු කිරීමේ භාග්‍යය රටවාසීන්ට උදාවෙයි. රටෙහි ආරක්ෂක සේවා කටයුතු මෙන්ම ආගමික කටයුතු හරවත්ව, අර්ථවත්ව ක්‍රමවත් කෙරෙන්නේය. නව සංවර්ධන සැලසුම් ජවබල සම්පන්නව ඉටු කෙරෙනු ඇත. පරිපාලන ව්‍යුහයේ මතභේද, ගැටුම්, උද්ඝෝෂණ, කඩාකප්පල් කිරීම් නිර්මාණය විය හැකිය. යකඩ සහ වානේ කර්මාන්ත, ගමනාගමනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, අධිකරණය, නාවුක යාත්‍රා ගමන්, ගුවන් ගමන් , නව නීති රීති, කාර්මික සහ කෘෂිකාර්මික අණපනත් ආදි සෑම ක්ෂේත්‍රයක්ම නවීකරණය වන කාලපරාසයකි.

එහෙත් වසංගත රෝග, දැඩි නියංසාය, ප්‍රචණ්ඩ කුණාටු ආදි පාරිසරික පීඩා දැඩි වන සමයක් බැවින් ජනතාව ඒ පිළිබඳ අවබෝධයෙන් හා අවධානයෙන් සමගි සම්පන්නව කටයුතු කළ යුතු කාල සීමාවකි.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.