2024 වසරේ සුබම නිවාස නැකැතක් 19 වැනිදා

අප්‍රේල් 12, 2024

 

කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ මොහොතේ නැඟෙනහිර දිශාව බලා නිවාස කටයුතු ආරම්භ කිරීම බෙහෙවින් සුබ වේ.

එදින ග්‍රහචාරය හා පංචාංගය සැලකීමේදී සිකුරාදා දිනය හා එකොළොස්වක පුර තිථිය ලත් මා නැකත යෙදී ඇත. නිවාස නැකත් චක්‍රයට අනුව එයට 11 වැනි නැකැත හිමි වී ඇත. සිකුරු හිමි වෘෂභ ලග්නය එම බලවත් මොහොතේ උදා වන අතර සියලුම ලෞකික සැප සම්පත් ලැබීම්වලට, දියුණුවට, අලංකාරයට බලපාන සිකුරු ග්‍රහයා තත්කාල කේන්ද්‍රයේ 11වැන්න වූ අයස්ථානයේ ඉතාමත් බලවත්ව පිහිටා ඇත.

රවි සහ ගුරු දොළොස්වැන්නේ සිටින අතර 10 වැන්නේ අඟහරු සහ සෙනසුරු තැන්පත්ව ඇත. එම පිහිටීම් යෙදීමෙන් ගෘහපතියා බලාපොරොත්තු වන කටයුතු ඉතා ඉක්මනින් ඉෂ්ට වන ශුභ වේලාවක් සැකැසේ.

මේ බලවත් වේලාව මා, අස්විද, මුල, බෙරණ, පුවපල්, පුවසල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත්වලින් ජන්මය ලැබූ අය සඳහා වඩාත් සීහෙන අතර ඉතා බලවත් ශුභ මුහුර්තයට වැඩ කටයුතු සිදු කිරීමෙන් විපුල පල නෙලාගත හැකි වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.