16 වැනිදා සියලු වැඩවලට යම කාලයෙන් සුබ මුහුර්තයක්

මාර්තු 8, 2024

 

එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.

මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු උදාවෙන් පැයක් ගත වූ තැන සුදු බත් වලඳා නිල් ඇඳුමෙන් සැරසී අශ්වයකු පිට නැඟී යම දෙවි වයඹ බලා ගමන් ගනී. ඔබද එසේ යන බව සිතා ඒ මුහුර්තයෙන් පිටත්ව රජ මැදුරට ගිය ද ඔබට වුවමනා හැම දෙයක්ම ලැබෙනු නියත බව යමකාල හෝරාවෙන් කියැවෙයි.

ඒ අනුව 16 සෙනසුරාදා පෙරවරු 7.17ට යෙදෙන ප්‍රීති යෝගයෙන් ඔබේ සුබ කටයුතු සඳහා පිටත් වීම සියලු යහපත උදා කර දෙනු ඇත.

මෙදින සූර්යඋදාව කොළඹට 6.17 වුවද ඔබේ පළාතට අනුව ප්‍රමිති කාලයේ අධිකය අඩුකර ගන්න.

(යමකාලයට රාහු කාලය බලපවත්වන්නේ නැත. යම දේවතාවා ගමන් යන කාලය ඒ තරම්ම ප්‍රබල බැවිනි.)

 

 

 

පාරම්පරික ගුප්තවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.