වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
මත්වතුර භාවිතය නිසා මානසික ව්‍යාධිය ඇතිවෙනවා
දෙසැම්බර් 10, 2021
මද්‍යසාර භ්‍රාන්තිය
මේ කියන්නේ මත්වතුර බීලා නන්දොඩවන එක නෙවෙයි. මත්වතුරවලට ඇබ්බැහි වූ අයකු මත්වතුරනොගෙන සාමාන්‍ය අන්දමින් සිටින විට කවුරුහරි කෙනෙක් ඉතා සැරපරුෂ ලෙස බණින ආකාරයක් ඇසිය හැකියි. මෙහිදී තමන්ට දොස් නගන පුද්ගලයන් පෙනෙන්නේ නෑ. නමුත් ඉතා තදින් බණින අන්දමට ඇසෙනවා. ඒ නිසා එම පුද්ගලයාට තමන්ගේ ජීවිතයට අනතුරක් කරයි කියලා විශාල බයක් ඇති වෙනවා. කාලයක් තිස්සේ එක දිගට මත්වතුර පානය කළ කෙනෙකු ඉන්පසු මත්වතුර නතර කළ විටත් මේ තත්ත්වය හට ගන්න පුළුවන්. මෙය බීමත්කමට ඇබ්බැහි වූ අයගෙන් 10 % - 20 % කට පමණ ඇති වන තත්ත්වයක්. සමහර අයට මත්වතුර පානය නතර කළ පසු සති දෙක තුනකින් මේ තත්ත්වය ඉබේටම නැතිවන අතර තවත් අයට මත්වතුර නතර කර හය මාසයක් පමණ ගත වන තුරුත් මෙය දිගින් දිගටම පවතී. පසුව මඟ හැරී යයි. එසේම දිගටම මේ තත්ත්වය තිබී ඉන්පසු හින්නෝන්මාදය (ඉජඩඪලධනඩපඥදඪච) රෝගය දක්වාම වර්ධනය වීමද ඉතා කලාතුරකින් සිදුවිය හැකි ය.
විශාදය
මෙහි ස්වභාවය නම් එම පුද්ගලයන්ගේ මානසික තත්ත්වය අස්ථාවර වීමයි. මේ අනුව සතුට දුක ආදී වූ හැඟීම් වේගයෙන් වෙනස් වෙමින් මනසේ අස්ථාවර තත්ත්වයක් ඇති වෙනවා. මත්වතුරවලට ඇබ්බැහි වූවන්ගෙන් 70% කට පමණ මේ තත්ත්වය හට ගන්නවා. මද්‍යසාර විරමන රෝග තත්ත්වයට (ඒතජධඩධත ඹඪබඩඤපචඹචත ඵරදඤපධථඥ) පත් වූ අයට ප්‍රතිකාර දී එය සුව වූ පසු පළමු මාසය තුළ 50 % කට පමණම මෙම විශාද රෝග තත්ත්වය ඇතිවෙනවා. පසුව ඉබේම එම තත්ත්වය යටපත් වන මුත් 15% - 20 % කගේ පමණ මෙය දිගු කාලීනව පැවතිය හැකියි. මත්වතුර නිසා විශාද තත්ත්වයට පත්වීම සේම විශාද තත්ත්වය නිසා මත්පැන්වලට ඇබ්බැහි වීම දක්නට ලැබෙන්නේ අඩුවෙන්. නමුත් එසේ ඇබ්බැහි වූ කාන්තාවන් අතරින් වැඩි දෙනෙක් ඊට යොමු වී තිබෙන්නේ විශාද රෝගය පැවතීම නිසයි. තවත් පිරිසකට මත්වතුරවලට යොමු වී ඊට ඇබ්බැහි වීමෙන් පසුවද විශාද තත්ත්වය හට ගන්නවා. බොහෝ දෙනෙක් සිතන්නේ මත්පැන් මානසික අසහනයට පිළියමක් බවයි. නමුත් එය විනාඩි පහක දහයක අස්වැසිල්ලක් පමණයි. දිගු කාලීනව ලැබෙන ප්‍රතිඵලය වන්නේ මත්වතුර නිසා මානසික තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පහළටම බැස අන්තිමේ විශාද රෝගය හට ගැනීමයි.
සියදිවි හානිකර ගැනීම
මත්වතුරවලට ඇබ්බැහි වීම සහ විශාද රෝගය යන කරුණු දෙකම තිබෙන අයගේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවය වැඩියි. එය සාමාන්‍ය අයට වඩා සිව් ගුණයකින් ඉහළ බවයි අනාවරණය වී තිබෙන්නේ. ඒ වගේම විශාදය නොතිබුණත් මත්පැන් භාවිතයට ඇබ්බැහි වූවන්ගෙන් 25% ක් වත් එක වතාවක් හෝ සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව හෙළි වී තිබෙනවා.
ලිංගික ඊර්ෂ්‍යාව
මත්වතුර භාවිතයට දිගු කාලීනව ඇබ්බැහි වූවන් තම බිරිඳව කිසිදු පදනමක් නැතිව සැක කරන්නට පුළුවන්. මත්වතුරවලට ලොල් වූවන් බහුතරයකගේ පවුල්වල මෙම තත්ත්වය නිහඬ, ඒත් දැවෙන ගැටලුවකි. එසේම දිගුකාලීනව මත්වතුර පානය කිරීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වූ පිරිමියකු තම බිරිඳ තමාගෙන් සතුටක් නොලැබීම මත ඇය වෙනත් පිරිමින් ළඟට යනු ඇතැයි සැක උපදවා ගත හැකියි.
ඩිමෙන්ෂියාව
දිගු කාලීනව මත්වතුර ගන්නා විට එය මොළයේ සෛලවලට බලපෑම් ඇති කිරීම හේතුවෙන් (ච්ඪපඥජබ බධයඪජ ඥටටඥජබ ) මත්වතුර නිසා හට ගන්නා ඩිමෙන්ෂියා තත්ත්වය ඇති විය හැකියි. මේ රෝගය හටගන්නේ කුඩා මොළයේ සෛල වැඩිපුර විනාශ වීම මඟිනුයි. එහිදී ඇවිදින විට පැත්තට ඇවිදීම, මතකය අඩු වීම වැනි තත්ත්වයන් හට ගත හැකි යි. මතකය අඩු වන විට භ්‍රාන්ති තත්ත්වයන් (විවිධ රූප පෙනීම, ශබ්ද ඇසීම වැනි දෑ) සේම මෝහ හෙවත් වැරදි විශ්වාස ද හටගනු ඇත.
කාංසාව
කාංසා රෝග සහ මත්පැන් අතර කිට්ටු සම්බන්ධයක් පවතිනවා. මෙහිදී වැඩිම සෘජු සම්බන්ධයක් තිබෙන්නේ සංත්‍රාසය සහ බැඳුණු ආබාධ (ර්‍ථචදඪජ ඤඪඵධපඤඥප) සමඟයි. සංත්‍රාසය හා බැඳී ආබාධ යනු එක්වරම කිසිදු හේතුවක් නැතිව බියක් දැනීම, හුස්ම ගැනීමට අපහසුවීම, ඇඟපත වෙව්ලීම, දහඩිය දැමීම වැනි ලක්ෂණ ඇති වී එය විනාඩි කිහිපයකින් නැතිවී යාමයි.
සමාජ භීතිකාව
සමාජයට මුහුණ දීමට තිබෙන පැකිලීම නිසා ආත්ම ශක්තිය ඇතිකර ගැනීම සඳහා සමහරු මත්වතුරවලට යොමු වෙනවා. මෙසේ සමාජ භීතිකාව නිසා මත්පැන්වලට යොමුවීම වගේම මත්වතුර නිසාත් සමාජ භීතිකාව ඇතිවිය හැකියි. මත්වතුරවලට ඇබ්බැහිවීම කියන්නේ මානසික රෝගී තත්ත්වයක්. මීට ඇබ්බැහි වූ අයකුට මෙයින් තනිව ගැළවීමට අසීරුය. එයට හේතුව මත්වතුර භාවිතයෙන් මිදීම සඳහා සිතෙහි ආත්ම ශක්තිය තිබුණත් ශරීරය මත්වතුර ඉල්ලා සිටීමයි. එනිසා මෙය විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු යටතේ ඖෂධ හා චර්යාත්මක ප්‍රතිකාර දී සුව කළ යුතුයි.
වෛද්‍යාචාරිනී, වෛද්‍ය ශිරෝමණී, පණ්ඩිත,
ටී.කේ. සී. විමලරත්න
සටහන
කීර්ති එස්.කුමාර
෴ සබැඳි ලිපි ෴
ජන්ම පත්‍රයක් බැලීමේදී අපට ග්‍රහ යෝග බොහෝ ගණනක් දක්නට ලැබුණත් එම ග්‍රහ යෝගවලින් වඩාත්ම සුබ ප්‍රතිඵල ලැබිය හැක්කේ පංච මහා පුරුෂ යෝගවලිනි.පංච මහා පුරුෂ...
2024-05-02 18:30:00
අවශ්‍ය ද්‍රව්‍ය-රාජ අල ග්රූම් 250ක් පමණ (කැට කපා කෝප්ප 2ක් පමණ) අල අරගෙන සුද්ද කර තම්බන්න. එය ගෑරුප්පුවකින් පොඩි කරන්න.සීත කරන ලද විපින් ක්‍රීම්...
2024-05-02 18:30:00
එදා හිමිදිරි පාන්දර කොන්ඩදෙණියේ සීලරතන නායක හිමියන් සුපුරුදු පරිදි පන්සල් භූමිය අතු පතු ගා බෝමළුව ඇමද, උදෑසන වත් පිළිවෙත් සිදු කර අවසන් වූවා...
2024-05-02 18:30:00
මහා සම්මත රජ බිසව ගර්භණී වූ අවස්ථාවේදී ඇයට හටගත් දොළදුක වූයේ උසුළු විසුළු කම් කරමින් කරන නැටුම් බැලීමය. එසේ ඇති වූ තම ආශාව පිළිබඳව රජුට දන්වා සිටියාය...
2024-05-02 18:30:00
පිටකොටුවේ බස්නැවතුම් පොළෙහි 1987 සිදුවූ බෝම්බ පිපිරීමත් 2019 සිදුවූ පාස්කු ප්‍රහාරයත්, මේ වසරේ දියතලාවේ මෝටර් රථ ධාවන තරගය පවතින අවස්ථාවේ දී...
2024-05-02 18:30:00
අද දිනයේ දී බලාපොරොත්තු වන්නේ මෙරට නිදහසින් පසු බිහි වූ ඉතා පින්වන්ත රාජ්‍ය නායකයකු පිළිබඳව කතාබහ කරන්නටය. ඒ අන් කිසිවෙකුත් නොව 1993 වසරෙහි මැයි 7...
2024-05-02 18:30:00
පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනතාව අතර ජනප්‍රිය මානව හිතවාදී මන්ත්‍රීවරයකු වූ...
2024-05-02 22:30:00
තරුණ සිවිල් ඉංජිනේරුවා තම කතාව පටන් ගත්තේ භාෂාවකට අයත් වචනවලින් පැහැදිලි කිරීමට අපහසු යම් යම් කාරණා ජීවිතයේ දී ඉඳහිට හෝ අපට අත්විඳීන්නට සිදුවන බව...
2024-05-02 18:30:00
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානමින් සිටින දැයේ දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය පතා පහත සඳහන් සුබ ක්‍රම ඉදිරිපත් කෙරේ. මේ ගාථා...
2024-05-02 18:30:00
ලෝකයේ නොයෙක් රටවල නොයෙක් සැණකෙළි උත්සව සිරිත් ඇත්තේය. කවර රටක කවර ජාතියක වුවද ඒ තමනට ආවේණික සියලු සංස්කෘතික ලක්ෂණ ඒ රට, ඒ ජාතිය විසින් ඉතා...
2024-04-25 18:30:00
අවුරුදු කාලයේ පැණිරස කෑම බීම බහුල නිසා බත් අනුභවය තරමක් අඩුයි. එනිසා මේ දිනවල පිසින ලද බත් බොහෝ ගෙවල්වල ඉතිරි වෙනවා. අද අපි ඉදිරිපත් කරන්නේ මෙලෙස...
2024-04-25 18:30:00
මම කොළඹ සරසවියේ ශාස්ත්‍ර අධ්‍යයනය කරන කාලයේ මාගේ ඉදිරි ජීවිතය හා සැබඳුණු ආදරණීය පි‍්‍රයාවිය, අනාගත සහකාරිය තෝරා ගැනීමට සමත්වීමි. මෙලොව මට සිටින...
2024-04-25 18:30:00
මාර්තු මස 12 වෙනි දින ව්ලැදිමීර් පුටින් පස්වෙනි වතාවටත් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත් වූයේය. 2008 - 2012 දක්වා රුසියාවේ අගමැති වූ පුටින් 2012...
2024-04-25 18:30:00
මෙරට මලල ක්‍රීඩාවේ ප්‍රතිරූපය නවමු අගයක් කරා ගෙන ගිය ඉතා සුවිශේෂී දිනයක් ලෙස 2000 වසරේ සැප්තැම්බර් 28 වන දිනය ලක්දිව ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින්...
2024-04-25 18:30:00
සුපුරුදු පිළිවෙත් හිමිදිරියේම ඉටු කළ කොණ්ඩදෙණියේ නායක සීලරතන හිමියන් දේව මන්දිරය දොර විවරකොට පහන් දැල්වූවා පමණි.ඒත් සමඟම නවීන පන්නයේ කිරි සුදු බෙන්ස්...
2024-04-25 18:30:00
පරිත්‍රාණය හෙවත් පිරිත දුක පිහිට කොට ඇති සියලු සත්ත්ව ලෝකයාට මෙලොව පරලොව දෙකෙහිම සැප එළවන්නේ වේ. ලෝවැස්සන්ට ඇති වන උවදුරු රැසෙකි. ඒ වනාහි...
2024-04-25 18:30:00