පලාපල කථනයේදී දැන සිටිය යුතු යෝග

ජුනි 26, 2020

කේන්දරයක ත්‍රිකෝණ ස්ථානයක් වන 5 අධිපතියන් දුෂ්ට ස්ථානයක වන 6 අධිපතියන් යෝගවීමෙන් ගොඩනැගෙන මෙකී යෝග විශේෂය යම් ජන්මපත්‍රයක වේද? එකී ජන්ම පත්‍රය හිමියාට උගත්කම හා ඊට සරිලන උසස් රැකියාවක් කිරීමට භාග්‍ය උදාවේ.

කේන්දරයක රාශි 12 ක් ඇති බව අපි දනිමු. ඒ හැම රාශියකම අධිපතියන් ඊට යාබද ඇති රාශි අධිපතියන් සමඟ යෝගවීමෙන් ගොඩනැගෙන යෝග 12 ක් වෙයි. ඒවා පහත දැක්වෙන පරිදි පිළිවෙළින් මෙසේය. 

1 වන හා 2 වන භාවාධිපතියන් යෝගවීමෙන් පුෂ්කල යෝගය 

2 වන හා 3 වන භාවාධිපතියන් යෝගවීමෙන් රාජචින්තක යෝගය 

3 වන හා 4 වන භාවාධිපතියන් එක්වීමෙන් චම්ප්‍රත යෝගය 

4 වන හා 5 වන භාවාධිපතියන් එක්වීමෙන් අමාත්‍ය යෝගය 

5 වන හා 6 වන භාවාධිපතියන් එක්වීමෙන් දාරණ කර්ම යෝගය 

6 වන හා 7 වන භාවාධිපතියන් යෝගවීමෙන් රාජ යෝගය 

7 වන හා 8 වන භාවාධිපතියන් යෝගවීමෙන් පි‍්‍රය මෘත්‍යු නම් යෝගය 

8 වන හා 9 වන භාවාධිපතියන් එක්වීමෙන් භාග්‍යව්‍යය යෝගය 

9 වන හා 10 වන භාවාධිපතියන් එක්වීමෙන් ධර්ම කර්මාධිපති යෝගය 

10 වන හා 11 වන භාවාධිපතියන් එක්වීමෙන් භූමිද්‍රව්‍ය නම් යෝගය 

11 වන හා 12 වන භාවාධිපතියන් යෝගවීමෙන් ඍණව්‍යය නම් යෝගය 

12 වන හා ලග්නාධිපතියා යෝගවීමෙන් චිත්තහානි යෝගය 

ඉහත සඳහන් කළ යෝගවලින් සමහරුන් ශුභ ඵලත් ඇතැම් ඒවා අශුභ ඵලත් දානය කරති. උදාහරණයක් වශයෙන් අප කවුරුත් දන්නා 9 වැන්නාධිපති හා 10 වැන්නාධිපති යෝගවීමෙන් සෑදෙන ධර්මකර්මාධිපති රාජයෝගය ශුභ ඵල දානය කරන යෝග විශේෂයක් වන අතර 12 වැන්නාධිපති හා ලග්නාධිපති යෝගවීමෙන් ගොඩනැගෙන චිත්තහානි යෝගය අශුභඵල දානය කරන යෝග විශේෂයකි. ඒ අනුව ඉහත සඳහන් යෝග 12 යින් ලැබෙන ශුභ / අශුභ පිළිබඳව පහත දැක්වෙන පරිදි කෙටියෙන් විග්‍රහ කර ඇත. 

පුෂ්කල යෝගය 

මෙකී යෝගය ක්‍රම දෙකකට යෙදේ. ඉන් පළමු ක්‍රමය නම් ලග්නාධිපති සහ දෙවැන්නාධිපති යෝග වීමෙන් යෙදෙන      පුෂ්කල යෝගයයි. දෙවෙනි ක්‍රමයට මෙකී යෝගය යෙදෙන්නේ ලග්නාධිපතියා සඳු සමඟ යෝගව සිටියදී චන්ද්‍රයා තැන්පත් රාශි අධිපතියා කේන්ද්‍ර ස්ථානයක මිත්‍රව සිටීමෙනි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.