සැජිටේරියස් (Sagittarius) හෙවත් ධනු තාරකා රාශිය

සැප්තැම්බර් 11, 2020

තාරකා රාශි චක්‍රයේ 9 වන තාරකා රාශිය වන මෙය දුනුවායකුගේ හැඩරුවක් නිරූපණය කරන බැවින්  Sagittarius හෙවත් ධනු යනුවෙන් හැඳින්වෙයි. විශාලත්වයෙන් 15 වැනි තැන ගනී. 

ඇල්ෆා සැජිටේරි (α Safittarii)    

රක්බැට්  (Rakbat)  හෙවත් අල්රාම් (Alram) යනුවෙන් හැඳින්වෙන මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 250 ක් දුරින් පිහිටා ඇත. වර්ණාවලි පන්තියට අනුව B9 වර්ගයට අයත් වෙයි. දීප්ති විශාලත්වය 4.11 කි. 

ඩෙල්ටා සැජිටේරි (δ Sagittarii)

කාවුස් මෙඩියස් (Kaus Medius) යනුවෙවන් හැඳින්වෙන මෙම තරුව වර්ණාවලි පන්තියට අනුව K2 වර්ගයට අයත් වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 112 ක් දුරින් පිහිටා ඇත. දෘෂ්‍ය දීප්ති විශාලත්වය 2.84 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය සෘණ 1.3 (- 1.3) කි. 

ඉප්සයිලොන් සැජිටේරින් (ε Sagittarii)

කාවුස් ඔස්ට්‍රාලිස් (Kaus Australis)  යනුවෙන් හැඳින්වෙන මෙම තරුව වර්ණාවලි පන්තියට අනුව ඕ9 වර්ගයට අයත් උප යෝධ තරුවකි. (Sub Giant Star) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 136 ක් දුරින් පිහිටා ඇත. දීප්ති විශාලත්වය 1.95 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය සෘණ 1.3  ( - 1.3) කි. 

ලැම්ඩා සැජිටේරි (λ Sagittarii)

කාවුස් බොරියාලිස් (Kaus Borialis)  යනුවෙන් හැඳින්වෙන මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 84 ක් දුරින් පිහිටා ඇත. දෘෂ්‍ය දීප්ති විශාලත්වය 2.94 කි. නිරපේක්ෂ දීප්තතිති විශාලත්වය 0.9 කි. 

සිග්මා සැජිටේරි (σ Sagittarii)

නූන්කි (Nunki)  යනුවෙන් හැඳින්වෙන මෙම තරුව වර්ණාවලි පන්තියට අනුව  B3 වර්ගයට  අයත් වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 180 ක් දුරින් පිහිටා ඇත. දෘෂ්‍ය දීප්ති විශාලත්වය 2.14 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය සෘණ 1.6 ( - 1.6) කි. 

ඇතුළාන්ත ආකාශ වස්තු 

M23, M24   සහ M25   යන මෙසියර් වස්තු (Messior Objects)   සමග M20 හෙවත් NGC 6514  හෙවත් ට්‍රිෆි‍්‍රඩ් නිහාරිකාව (Trifid Nebula) M8  හෙවත් NGC 6523 යනුවෙන් හැඳින්වෙන කලපු නිහාරිකාව (Lagoon Nebula)  සහ M17  හෙවත් NGC 6618 යනුවෙන් හැඳින්වෙන ඔමේගා නිහාරිකාව  (Omega Nebula) ධනු තාරකා රාශිය තුළින් මධ්‍යම ප්‍රමාණයේ දෙනෙතියක් ආධාරයෙන් හෝ නිරීක්ෂණය කළ හැකි ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.