දෙසැම්බර් 10 සිට දෙසැම්බර් 16 දක්වා

දෙසැම්බර් 10, 2021

මේෂ

අලුත් දේපල ලැබීමක්

අලුත් සැලසුම්ි කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අය අතර ප්‍රශංසාවට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට මාර්ගය උදාකරයි. අලුත් දේපලක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. එහෙත් සතිය මැද කාලය වනවිටදී වරින් වර ඇතිකරන ශාරිරික අමාරුකම් කීපයක් හමුවේ විවිධ පරීක්ෂණවලට භාජනය වීමට සිදුවේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ ඇතිවන මතභේදකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර අලුත් දේපල මිළදී ගැනීම් කෙරෙහි සිත යොදවයි. ණය මුදලකින් නිදහස්වීමට මග සැලසෙන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය -කොළ

සුබ දවස - බදාදා


සිංහ

උගුර ආශි‍්‍රත ආබාධයක්

සිත් කලකිරීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් යොදාගෙන තිබූ සැලසුම් කීපයක් වෙනසකට ලක්කරන සතියකි. වරින්වර හට ගන්නා උගුර ආශි‍්‍රත ආබාධ තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර නිවසින් පිට වාසයට කරුණු ඇතිකරයි. හදිසි වැටීම් තැලීම් මෙන්ම කැපීම් සීරීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන සතියක් වන අතර එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරිවන්න. සති අන්තයේදි අඹුසැමි මත ගැටුමක් දුරදිග යා හැකි කාලයක් බැවින් ඉවසිලිවන්තව කටයුතු කරන්න.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා


ධනු

දේපල ගැටලුවක නිරවුල් බවක්

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ඇසුරු කරන අයකු නිසා ගැටලුවකට මුහුණ දීමට සිදුවේ. රැකියා ස්ථානයේ පැවැති මානසික අවිවේකය මඟහැරී යයි. තනතුරු ලාබයකට ද හිමිකම් ඇති බවක් පෙන්වයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් මෙන්ම සොයා බැලීමක් කළ යුතු කාලයකි. අමතර ලැබීම් වලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. මව්පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි. උසස් අධ්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. මෙතෙක් නීතිමය ගැටලුවකට මැදිවෙමින් සිටි දේපලක් සම්බන්ධ නිරවුල්තාවයක් ඇතිකරයි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


වෘෂභ

දරුවකුගේ දියුණුවට පියවර

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12යන භාවස්ථාන වල ගමන් කරයි. දේපල ආරවුලක් සමතයකට පත්වන කාලයකි. අලුත් හිත මිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි . දරුවකුගේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලය වන විටදී චර්ම ගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්වයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරි විය යුතු දුරගමන්වලින් වැළැකී සිටීම යහපත් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා


කන්‍යා

තනතුරු ලාබයක්

අතමිට සරු වුවත් වැයපස අධික කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථාන වලයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වගකීම් වැඩිකරන බවක් පෙන්නුම් කරයි.

එමෙන්ම තනතුරු ලාබයකටද හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. දරුවකුගේ ඉදිරි අනාගත වැඩපිළිවෙළක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් නොසිතූ ලාබයක් හිමිකරයි.

අය 08 - වැය 03

ජය අංකය - 05

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා


මකර

හදිසි දේපල ගනුදෙනුවක්

ළඟින් ඇසුරු කරන අයකු සමඟ මතභේදකාරි බවක් ඇති කරගන්නා සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. රැකියාවේ මෙතෙක් පැවැති ගැටලුවකින් නිදහස්වීමට මග සැලසෙන සතියකි. පවුලේ සිදුවන දානමය පින්කමකට සහභාගි වීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලය වන විටදී යටපත් වූ අසනීපකාරි බවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු වලින් පරිස්සම් වීම වැදගත් වේ. හදිසි දේපල ගණුදෙනුවකට අතගැසීමට කටයුතු සැලසෙන සතියකි. මවට හෝ මව්පස ඥාතියෙකුට අපල සහගත කාලයකි. තමා සතු දෙයක් නැතිවීමට හෝ දේපල අලාභයකට හේතු ඇති කරන සතියකි.

අය 06 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා


මිථුන

ගේදොර උත්සව අවස්ථාවක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේදොර උත්සව අවස්ථාවක් හේතුවෙන් අවිවේකී බවක් ඇතිකරයි. නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවේ.

තමා ළගින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. සතිය මැද කාලයේදී මෙතෙක් පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතුවීමට ඉඩ ඇත.

අධ්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට මේ සතියේ තරග විභාග වෙනුවෙන් විශේෂ කැපකිරීම් කිරීමට සිදුවේ.

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා


තුලා

අලුත් සැලසුමක් සාර්ථකයි

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් පැවැති ගැටලුකාරි බවකින් නිදහස්වීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර, අලුත් සැලසුමක් සාර්ථක කර ගැනීමට ද මග සැලසෙන බවක් පෙන්නුම් කරයි. එහෙත් සතිය මැද කාලය වන විටදී නිකරුණේ කරන වියදම් වැඩිවීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂිතයන්ට මෙතෙක් පැවැති ගැටලුකාරි බවකින් නිදහස් වීමට මග සැලසෙන කාලයක් වන අතර, යෝජනා ස්ථිර වීමක් සාර්ථක වන ලකුණු ද පෙන්නුම් කරයි. සති අන්තයේදී යටපත් වූ පාදයේ ආබාධ තත්ත්වයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සදුදා


කුම්භ

දරුවකු පිළිබඳ සතුටක්

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. අලුතින් ආරම්භ කළ කටයුතු කීපයක් අතර මග නවතා දැමීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වැඩිමහල් සහෝදරයෙකු නිසා ඇතිවන මතගැටුමක් දුරදිග යයි. වෙනදාට වඩා කේන්තියෙන් කටයුතු කරන සතියකි.

සතිය මැද කාලයේදී මෙතෙක් ප්‍රමාදතා සිදුකළ ණය ගනුදෙනුවක් සමතයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් ඇතිකරයි.

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සඳුදා


කටක

විශේෂ ගනුදෙනුවක්

හවුල් කටයුත්තකට අත ගසමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන සතියකි. සහෝදර පක්ෂය සමඟ සිදුවන කථාබහක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කෙනකු සමඟ විශේෂ ගනුදෙනුවකට මග සැලසේ.

හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. පපුව ආශි‍්‍රත අසනීපකාරි තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

නොගැලපෙන ඇසුරක් නිසා පවුලේ මතභේදකාරි බවක් දුරදිග යාමට ඉඩ ඇත.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා


වෘශ්චික

නොදුටු ඥාතියකුගේ මුණගැසීමක්

නීති ගැටලුවකට මැදිවෙමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. සිතාමතා කරන වැරදි කීපයකින් නිදහස් වීමට හේතු ඇතිකරයි. නිතර පවුලේ අය තමා වෙනුවෙන් උනන්දුවෙන් මෙන්ම කැපවී කටයුතු කරන බවක් පෙනේ. එහෙත් නිකරුණේ කරන වියදම් වැඩිවන ලකුණු පෙන්නුම් කරයි. නිතර තම රූප අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

සතිය මැද කාලයේදී නොදුටු ඥාතියකුගේ මුණගැසීමක් සිදුකරයි. සතිය ගෙවී යද්දී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩි කාලයක් ගත කිරීමට සිදුවෙයි. වාහන ගනුදෙනුවකටද අත ගැසීමට සිදුවන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා


මීන

ගේ දොර අලුත්වැඩියාවක්

පවුලේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක්කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. නොගැලපෙන ඇසුරකට කටයුතු සැලසෙන සතියකි. වෙනදාට වඩා ඥාතින් අතර සුහදතාවයට කරුණු ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. වෙනදාට වඩා දනට පිනට ලැදිව කටයුතු කරන බවක් පෙන්වයි. අලුත් වාහනයක් මිලදී ගැනීමකට හෝ හුවමාරුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි. පදිංචි ස්ථානයේ අලුත්වැඩියාවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. සති අන්තයේදී නොසිතූ ලෙස පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට හේතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - ලා කහ

සුබ දවස - ඉරිදා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.