බුද්ධ පූජා ග්‍රහ පූජා සහ බහිරව පූජා

අගෝස්තු 14, 2020

මනුෂ්‍යත්වයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ කියල පැරණි කතාවක් කොච්චරවත් අහල ඇති. එහෙම කිව්වේ එසේ සිදුවීමක් කොච්චර දුර්ලභ කාර්යයක් ද කියල හඳුන්වාදීමට කිව්වොත් වැරදි නැහැ. ලොව ඉපදුන ඉපදෙන හැම කෙනෙක්ම වාසනාවන්තයි. 

මෙහෙම කිව්වම ඔබ මට තර්කයක් ගෙනේවි, වාසනාවන්ත නම් මේ රටේ කොපමණ අඳ, ගොලු, බිහිරි අය ඉන්නවද කියලා. ඇත්ත තමයි. පෙර කළ පිනකට මේ භවයේ උත්පත්තිය ලැබුවට ඔහු හෝ ඇය කළ පව ඊට වඩා බලගතුයි. ඒක ගෙවාගන්න හැකි වන එකම මාර්ගය තමයි මනුෂ්‍යත්වය ලැබීම. එසේ නොලැබුණොත් කවදා හරි මනුෂ්‍යත්වයක් ලබන කං දුක්විඳ විඳ භවයෙන් භවයට ඒ පව් ගෙනයාවි. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ කිව්වේ ඒකයි. මේ භවයේ අඳ, ගොලු, බිහිරි උදවිය බොහෝ සෙයින්ම ලබන භවයේ ඒ ආත්මය ලබන්නෙ නැහැ. ඒ අතින්  බොහෝම අයගෙන් පව් සිදුවීම මේ භවයේ අඩුයි. වැඩියෙන්ම පව් සිදුවන්නෛ් ඇස් කං නාසාදිය හොඳට තිබෙන අයගෙන්. හොඳට බලන්න වැඩියෙන්ම අල්ලාගන්නෙ ඒ උදවියනේ. 

මනුෂ්‍යත්වය ලබන්න එච්චර අමාරු නම් බුදුවරයෙක් පහළ වන්න කොච්චර කල්පාන්තරයක් ගතවේද? බුදුවරයෙක් පහළ වන්න තරම් ලෝකය සකැසුණොත් උන්වහන්සේ උත්පත්තිය ලබන්න කලින් පස්මහ බැලුම් වන කාලය, දීපය, දේශය, කුලය, මව් දෙස ඉතා ප්‍රඥාවෙන් බලනවා. ඒකත් නිවැරදි නම් තමයි උන්වහන්සේ පහළ වන්නේ. දහ අට රියං බුදු පිළිම ඔබ දැක ඇති. බුදුහාමුදුරුවො අඩි 36 ක් උස නැහැ. නමුත් උන්වහන්සේගේ ප්‍රඥා මහිමය ඊටත් වඩා උසයි. බුදුවරයෙක් පහළ වුණා කියන්නේ ඉතින් ඊට එහා රටේ වාසනාවක් නැහැ. වැඩි කොටසක්ම සසරින් එතෙර කරන්න හැකි. මහා උත්තමයෙක්. එහෙම අයෙකුට කරන පූජා බුද්ධ පූජා වනවා. ඕනෑම බුදුවරයෙකුට දෙසැත්තෑ ඥාණ, දෙතිස් ඥාණ තිබෙන බව බෞද්ධ දර්ශනයේ සඳහන් වනවා. මනුෂ්‍යයාට තිබෙන්නෙ එක ඥාණයක් විතරයි. ඒකත් නිවැරදිව පාවිච්චි නොකරන අය රටේ කොච්චර ඉන්නවද? ඕනෑම ආගමක ඕනෑම අයෙක් කළගුණ සලකන එක ප්‍රථම පූජාව ලෙස සලකන්න ඕනෑ. ඒක පූජාවක් හැටියටත් ප්‍රතිපත්තියක් හැටියටත් කරන්න පුළුවන්. බෞද්ධ දර්ශනයේ අපේ බුදුන් වහන්සේ බෝ සමිඳුන්ට කරල පෙන්නුවා. ඒකට අපි බෝධි පූජා කිව්වට බුද්ධ පූජාවේ එක් ද්විතීය පූජාවක්. ඕනෑම පූජාවක් කරන්නෙ බුද්ධ පූජාව කරල ඊට පසුවයි. ඒක ඔබ හොඳට  දන්නවා. අපි මොකක් කරන්න ගියත් බුදුන්ට පහන් දල්වා හඳුන්කූරු යනාදිය දල්වා පූජාවන් කරනවා. ක්‍රිස්තියානි හා අනිත් භක්තිවතුනුත් එහෙමයි. මේ බෝධි පුජා කරන්නේ බුදුහාමුදුරුවන්ට බුදුන්ට උදව් කළ නිසාම නොවේ. බුදුබව පතන බෝධි සත්ත්වයන්ට මේ අවස්ථාවේ දී උදව්කළ කීපදෙනෙක්ම හිටියා. වස්සාන සෘතුව නිසා මුචලිංද නා රජ වැස්සෙන් සීතලෙන් උන්වහන්සේව බේරා ගත්තා. තපස්සු බල්ලුක කුස තන පූජා කළා. සුවසේ ඉඳගන්න. අපේ මිනිසුන් නයි මරන්න  අදත් පැකිලෙන්නෙ ඒකයි. මේ හැම විටකම පස්වග මහනුන් දර්ශනයේ හිටියා. අඤ්ඥා කොණ්ඩඤ්ඤ  උන්වහන්සේ බුදුවන බවකුත් කිව්වා. ඔහොම කියලා බුදු බව ලබන්න ප්‍රමාද වූ නිසා පස්වග මහනුන් උන්වහන්සේව දාල ගියා. උන්වහන්සේ ප්‍රඥ්ඥාව දැඩිකල හැරයාම, අත්හැරීම මොනවට පැහැදිලි වුණා. තන්හා, රතී, රගා මනසේ දර්ශනය වුණා. කිසිදු දෙයකට සසල නොවුණු උන්වහන්සේට සියලුම ධ්‍යාන ඒක රාශී වුණා. බෝ රුක යට නියම ප්‍රඤ්ඥාව ලබා බුදු වුණා. ඒක නිසාමයි ඡ්‍යොතිෂයෙදී ප්‍රඤ්ඥාවට අධිපති සුරගුරු නැත්නම් බ්‍රහස්පති ග්‍රහයාගේ ප්‍රශ්නවලදී බෝධි පූජා කරන්නේ. එතකොට දෙපැත්තකින් ගුණ දෙනවා. හැබැයි බ්‍රහස්පති ග්‍රහයගේ කරදරවලදී බෝධිපූජා කරන්න ඕනේ ඊසාන දිශාව බලාගෙන හොඳේ. ප්‍රඤ්ඥාවට අධිපති බ්‍රහස්පති හැඳින්වූයේ මෙහෙමයි පුරාණ සෘෂිවරු. 

“රාජ්‍යස්ස පදංවිය - නෛපුන මග්‍යපෛනි - ප්‍රඥ්ඥා ප්‍රනාප ධන ධාන්‍ය සමාමංච - සම්ම්ත්ථකොට පරිභෝජන වර්ග සිද්ධම් - ජන්ත්‍ර බ්‍රහස්පති දසා ගුනාත්ථ සිදධම්” මෙසේ ලෝකයක් සෙත්කල බුදුහාමුදුරුවන්ට කරන ඕනෑම පූජාවක් බුද්ධ පූජා වනවා. ඉතා ගෞරවයෙන් කරන්න ඕනෑ. 

මේ ලෝකය පුදුමාකාර වස්තුවක්. ඒ ගැන වැඩි දුරට නොහොයන එක හොඳයි. ඒ කිව්වේ ඇතිවීම, පැවැත්ම නැතිවීම ගැන මිස ලෝකයේ සිදුවන දේවල් පරීක්ෂාව නොවේ හොඳේ. පෘතුවිය වගේම ඒක වටේ තරු වළල්ලක් ඉතා වේගයෙන් භ්‍රමනය වනවා නැත්නම් කැරකෙනවා. ඒවා ග්‍රහලෝක බවටත් ඡ්‍යොතිෂයේ නවග්‍රහයින් ලෙසත් සලකනවා. මේ සියලුම ග්‍රහලෝක කොපමණ වේගයෙන් භ්‍රමණය වනවද කිව්වොත් අපට පෙනෙන්නේ එක තැන තිබෙනව වගේ. ඒ වුණාට ඒ හැම ග්‍රහලෝකයකින් ඒ ග්‍රහ කිරණ විසිකරනවා. කාලීනව ඔබට සමීපතම කිරණය වදිනවා. ඒ කිරණ යහපත් විදියට වැදුණොත් ‘මිතුරු’ යි කියලත් නරකට වැදුණොත් ‘හතුරුයි’ නැත්නම් උච්චයි කියලත් කියනවා. මේ වචන උච්චාරණය කෙසේ වෙතත් සිදු වන්නේ එක දෙයමයි. අපි පුංචි උදාහරණයක් ගනිමු. සිකුරු කියන ග්‍රහ කිරණය ඔබේ ශරීරයට කාලිනව ඒ කිව්වේ  වයසට අනුකූපව ඔබේ ශරීරයට පතිත වුණොත් ඉගෙනීමට බාධා ඇතිකරනවා. කාම නිල උද්දීපනය වනවා. ගැහැනු ළමයෙක් නම් පිරිමි ළමයෙකු වෙතත් පිරිමි ළමයෙකු නම් ගැහැනු ළමයෙකු වෙත ආලවන්ත කම් ඇතිකරනවා. විවාහයට පසුවත්, දරුවන් ලැබූ පසුවත් මේ සිකුරා ආලවන්තකම් ඇතිකරනවා. සරාගි යෝග ඇති කරන්න දක්ෂයා. ඒ සිකුරු ග්‍රහයා හොඳට හිටියොත් නරකට හිටියොත් ජාන රෝග ඇතිකරනවා. මගුල් කඩනවා. වශී දුර්වල කරනවා. 

මේ වෙලාවට සිකුරු ග්‍රහයට අවශ්‍ය පුද පූජා කරනවා. යන්ත්‍ර දමනවා. එතකොට ඒ කරදර සමනය වනවා. ඒ ඒ ග්‍රහයන්ට කරන පූජා ග්‍රහ පූජා පාසල් ළමුන්ට කරදර නම් බුධට බ්‍රහස්පතිට පූජාවන් යන්ත්‍ර පැළඳීම ඉතා හොඳයි. මේ ග්‍රහයෝ නමයයි, දිශා අටයි, පතල දිශාවයි එකතුව නමයයි. ඒ වුණාට බහිරව යෝ දස දෙනයි කියල අහල ඇතිනේ. දිශා අටයි, අහසයි, පොළොවයි එකතුව දහයයි. ඒකනේ බහිරව පූජා කරනකොට මල්යහනාවට ඉදිරියෙන් අශ්ඨ බහිරව පූජාව කාමර 8 කින් යුත් සැලැස්මක් සාදා හැම කොටුවකටම නෙලුම් කොළ නෙලුම් මල්, කොඩි තබලා බහිරව පූජාව කරන්නේ. මෙතැනදී හිතට ගන්න ඕනෑ වැදගත් එකක් තමයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.