වාසනාවන්ත දරුවෙකු බිහිකර ගැනීමට නම්....

අගෝස්තු 28, 2020

ජීවිතයේ දෙවැනි උපත නමින් හැඳින්වෙන විවාහය ශිෂ්ට සම්පන්න මානව සමාජයේ ලොව බිහි වූ දින පටන් අද දක්වාම පවත්වාගෙන එනු ලබන ස්ත්‍රී පුරුෂ ගති පැවතුම් සහ සිරිත් විරිත් රැසක්ම ඇත්තේය.  නිසි කල් වයස්හි එනම් තාරුණ්‍ය කාලපරාසය තුළ විවාහ වීම ස්වභාවිකයි. වැඩි වයස් ගතවීමට පෙර එනම් කාන්තාවකට වයස 30 පසුවීමට පෙර සරුබීජයක් නිකුත්වන කාලය වැඩිකල් ගතවීමට නොදී විවාහයට ඇතුළුවීම ශරීර සෞඛ්‍යයට ද අතිශයින්ම හිතකරය. 

විවාහයේදී එකම අපේක්ෂාව දාරක සම්පතයි. යුග දිවියේ පරම රමණීය සතුට ද දරු සම්පත වේ. දරුවෙකු ලැබීමෙන් අඹුසැමියන් ඉතාම සතුටට තෘප්තියට පත්වේ. වඳ බව දෙදෙනාගේම පැවැත්මට අහිතකරයි. ශාරීරිකමය විද්‍යාව හරහා නිරීක්ෂණය කරන විටදී සිරුරේ සෑම ජීවාණුවක් පාසා වර්ණාංශු 48 ක් ඇත්තේය. ශුක්‍රාණු හා ආර්ත චන්ද්‍ර සංයෝගයෙන් (ඨචථඥබඵ)  ශුර්තවාන්ද්‍ර සංකලනයේ ආර්තචන්ද්‍ර සමඟ එක්වීමක් සිදුවේ. කාන්තා අණ්ඩාශයේ එකී ශුර්තාවානු වැඩීමට පටන් ගැනෙනුයේ ඇගේ මල්වරයත් සමඟයි. ඒ අතර පිරිමියෙකුගේ ශුක්‍රාණු වැඩෙන්නේ පිරිමියෙකු වැඩිවියට පත්වූ විට කෝටි ගණනකි. ස්ත්‍රියකගේ අණ්ඩාශයේ ආර්තවානු උපදින්නේ මසකට එකක් බැගිනි. 45 විය ඉක්ම වූ කල්හි ආර්ත චක්‍ර ඉපදීම නවතී. අවුරුදු 90 ක් ඉක්මවන තෙක්ම පිරිමි බීජ කෝෂයේ ශුක්‍රාණු උපදී. මහලු වියේ වුවද හටගන්නා ශුක්‍රාණු හරහා උපදින දරුවෝ දුර්වල නොවේ. පුරුෂයා ගතින් මහලු වුවද ශුක්‍රාණු කිසිසේත්ම මහලු නොවේ. මව්පියන්ගේ දායාද වශයෙන් ලැබෙන ජානකානු සහිත වර්ණාංශු ලැබූ පරිදිම දාරක සම්පත ලැබේ. මෙය විද්‍යාත්මක සංසිද්ධියකි. 

සරු බීජ හිමි සැමියාගෙන් ගර්භධාරණය ගැබ් දරා ගැනීමේ පූර්ණ බලශක්තිය හිමි බිරිඳකට පංච මහා සම්පත්තියම හිමි දරුවෙකු බිහි කිරීමේ ජන්ම වාසනාව හිමිවේ. වර්ණාංශු හරහා උපදින දරුවාට මව්පිය ගති ලක්ෂණ වර්ණය අංගප්‍රත්‍යංග ලක්ෂණ හිමිවේ. ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු විද්‍යාවකි. 

ගැබ් දැරීමේදී ආර්තබාහුවේ ඇති ඇක්ස් (ය) වර්ණාංශුවකට ශුක්‍රාණුවේ ඇති (ය) වර්ණාංශුවක් එක්වීමෙන් (ය) වර්ණාංශු යුගලක් වී ඒ ගැබින් උපදින්නේ පිරිමි දරුවෙකි. උපදින දරුවාගේ ගෑනු හා පිරිමි බව තීරණ වන්නේ පුරුෂයා විසිනි. 

පිරිමියෙකුගේ ශුක්‍රාණුවල සෑම (ය) වර්ණාංශුවකටම ර වර්ණාංශුව බැගින් වෙයි. 

පිළිසිඳ ගන්නා දරුවා ගැහැණියක් කරන්නේ පිරිමි ශුක්‍රානුවේය  වර්ණාංශුව විසිනි. පිරිමියෙකු කරන්නේ ර වර්ණාංශුව හරහාය. ස්ත්‍රී පුරුෂ බව නොව උපදින දරුවාගේ නේත්‍ර වර්ණය, සමේ පාට, හිසකෙස්, මුහුණුවර, තොල් පෙති මෙන්ම ශරීර ශක්ති ප්‍රදාහයන් ගොළු හා බිහිරි බව ඇතැම් විට උමතු ගතියක් ආදී කරුණු ඇති වන්නේ ද වර්ණාංශුවල ඇති ජනකානු විසිනි. එක් වර්ණාංශුවක ජනකානු දහස් ගණනක් අන්තර්ගත වී තිබේ. මෙවන් දාරක සම්පත් පිළිබඳව ඡ්‍යොතිෂ ඇසින් විග්‍රහ කර බලන විටදී ග්‍රහ හැසිරීම් රටාවද අනුගත වන්නේය. 

ඉතාම ප්‍රබලතම සුබ මුහුර්තයකදී සැමියා විසින් සිය බිරිඳට ගර්භදානය කිරීමෙන් සුදාරකෝත්පත්තියක් සිදුවේ. ඡ්‍යොතිෂය හරහා පිරිමි හා ගැහැනු දරුවෙකු හිමිකර ගැනීමට ක්‍රම හා විධි ඇත. 

ලොව උතුම්ම වස්තුව වන දරුවා බිහිකර ගැනීමට නම් අඹු සැමි එක්වීම සුවිශේෂි වේ. ඒ සඳහා උපදෙස් අනුගමනය කිරීම බුද්ධිමත්ය. කාලෝචිතය. 

ආබාධ රහිත නිරෝගී ජනනේන්ද්‍රියන් සහිත සරු වියේ සිටින බිරිඳක් මාසික ඔසප් වීම සිදුවී 7 දිනක් ගියවිට එළඹෙන දින 13 තුළ ඇය සැමියා සමඟ එක්වීමෙන් ගැබ් ගැනීමක් සිදුවේ. 

ඔත්තේ දිනවල පිරිමි ද ඉරට්ටේ දිනවල ගැහුණු දරුවන් ද පිළිසිඳ ගන්නා බවට ඡ්‍යොතිෂමය මතයක් බවට ප්‍රචලිත වී ඇත. මේ අනුව සලකා බලන විටදී විවාහ වූ දිනය පූර්ණ වශයෙන්ම ඉතාම සුබ විය යුතුයි. 

ගැබ් දැරීමේ අපේක්ෂාවෙන් එක්වීම සඳහා සුබ මුහුර්ති  සෑදීමේදි අස්විද , රෙහෙණ, මුවසිරස , පුනාවස , පුෂ, උත්‍රපල්, සා , හත ,අනුර , මුල ,උත්‍රසල, දෙනට , සියාවස, උත්‍රපුටුප, රේවති නැකත් පැවතීම ඉතා සුබයි. කන්‍යා, තුලා, කුම්භ, මිථුන රාශින් ගෙන් ධනු පූර්වර්ධය හෝ (මනුෂ්‍ය රැසක්) තත්කාල ලග්නය වශයෙන් උදාවෙමින් තිබිය යුතුවේ. රාත්‍රී 8.00 සිට අලුයම 4.00 ක් පංචාංග සුද්ධ සුබ වේලාවක් යොදා ගැනීම ප්‍රශස්ත වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.